ගංජා තහනම ඉවත් කිරීම ගැන ජනපතිගේ ප්‍රතිචාරය  

Published in පුවත්
Monday, 01 February 2021 12:15

ඉදිරියේදී ගංජා ඔෂධීය බෝගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගංජා නීතිගත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මොණරගල තණමල්විල හි පසුගිය සෙනසුරාදා පැවති 'ගම සමඟ පිළිසඳර වැඩසටහනහිදී ස්වාභාවික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රඥයෙකු වන වෛද්‍ය වසන්ත වැලිඅංග විසින් කරන ලද යෝජනාවකට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් එසේ පවසා ඇත.

වෛද්‍ය වසන්ත වැලිඅංග මහතා මෙම වැඩසටහනේ දී ප්‍රශ්නයක් යොමු කරමින් යෝජනා කළේ ඔෂධීය අරමුණු සඳහා ගංජා හෝ ගංජා පැලෑටි වගා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ මාර්ග සොයා බලන ලෙසත් ජනාධිපති රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් අතර එය බලාත්මක කිරීම සඳහා වන වර්තමාන නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තා කරන ලෙසත් දැනුම් දී තිබේ.

ගංජා පැළෑටියේ සශ්‍රීක වර්ධනය සඳහා වඩාත් සුදුසු කාලගුණය හා දේශගුණය ඇති බවට පිළිගත් මොනාරාගල දිස්ත්‍රික්කය වඩාත් සුදුසු ප්‍රදේශයක් බව වෛද්‍ය වැලිඅංග පෙන්වා දුන්නේය. එය ආයුර්වේද හා දේශිය ඖෂධවල භාවිතා කරන 'කංසා, භංගා, ත්‍රෛ ලෝක විජයපත් ආදී නම් කිහිපයකින්ම පුරාණ කාලයේ හඳුන්වා තිබේ. මෙරට ආයුර්වේද හා දේශිය වෛද්‍යවරු සියවසක පමණ කාලයක් තිස්සේ මෙම තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.

මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ගංජා වගා කරන්නන් ජාවාරම්කරුවන් ලෙස සලකන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන මෙම බෝග විනාශ කිරීම කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us