''පාස්කු ප්‍රහාරයට කලින් විනාශය ගැන දැන්නුවා'' පාස්කු කොමිසමේදී ශානි හෙළි කරයි.  

Published in පුවත්
Tuesday, 26 January 2021 20:55

ඉදිරියෙදී සිදුවිය හැකි විශාල විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළත් ඔහු ඒ පිළිබද කිසිදු උනන්දුවක් දැක්වුයේ නැති බව හිටපු සී .අයි .ඩි අධ්‍යක්ෂ ශානි අබේසේකර අද පාස්කු කොමිසමේදී හෙළි කර ඇත.

ශානි අබේසේකර කියා සිටියේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට හා වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍යවලට සම්බන්ධ අය එකම කණ්ඩායමක් බැවින් තමන් මෙම නිගමනයට එළඹුන බවයි.

කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු සී .අයි .ඩි අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එම කොමිසම හමුවේ ඔහු දුන් පිළිතුරු මෙසේය ,

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා – වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි මස 16 වන දින විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමත් සමග ඔබ කවර නිගමනයකට පැමිණියේද?

ශානි අබේසේකර – යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් කිරීමට සැලසුම් කර ඇති බවක් වැටහුණා. අදළ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සිදුවුයේ මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දිගුවක් ලෙසයි. එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදි කණ්ඩායමක් බව විමර්ශන වලදි අනාවරණය වුණා. අදාළ කණ්ඩායමේ නායකයා සහරාන් හෂිම් නැමැතෙක්. ඔහු අත්අඩංගුවට ගැනීමට මගේ යටතේ සිටි පොලිස් පරික්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම උත්සහ කරමින් සිටියා.

ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා – විමර්ශන තුළින් සහරාන් හෂීම් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ මාවනැල්ල බුදු පිළිම වලට පහරදීමට සම්බන්ධ බව අනාවරණය වී තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුයේ ඇයි.

ශානි අබේසේකර – අපි සමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදි ඔවුන් රැදී සිටින ස්ථාන සොයාගනු ලබන්නේ දුරකතන කුළුණු වාර්තා ඔස්සේයි. නමුත් මේ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රිමා කියන ඇප් එක භාවිත කරලා තමයි සම්බන්ධතා පවත්වා තිබුනේ. ඒ නිසා අපිට ඔවුන් රැදී සිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකිවුනේ නැහැ. අපි ඒ ඇප් එක අයිති සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මා ලග ලිඛිත සාක්ෂි තිබෙනවා. නමුත් ඔවුන් අපිට තොරතුරු දුන්නේ නැහැ “. ” ඔය කියන කාල වකවානුවේ එක්තරා දිනක මමයි, ඒ වෙද්දි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙන්න පැජට් පාරේ නිවසට ගියා. ප්‍රකාශය අරන් ඉවරවෙලා රෑට කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට කිව්වා. සර් මාවනැල්ලටයි, ලැක්ටෝවත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර් මේ ගැන ආරක්ෂක කවුන්සලයේදි කතා කරන්න ” කියලා. එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා ” හරි රවි මම ඒ ගැන කතාකරන්න අවස්ථාවක් අරන් දෙන්නම් කියලා. නමුත් කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කතාකරන්න අපිව කැදෙව්වේ නැහැ.

කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා – ඔබ එම අවස්ථාවේදි සහරාන්ගේ නම කිව්වද?

ශානි අබේසේකර – සහරාන්ගේ කියලා නම නම් කිව්වේ නැහැ ස්වාමිනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදි කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වාම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වාම ගණන් ගනීද ? මොකද සහරාන් කියන්නෙත් නමක් විතරයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා – වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඉදිරියේදි මේ රට ලේ විලක් කිරීමට සැලසුමක් තිබෙන බවක් අනාවරණය වුණාද?

ශානි අබේසේකර – ලේ විලක් කරන්න කියලාම කියන්න බැහැ. නමුත් වනාතවිල්ලුව විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය අපි සොයාගන්නේ නැතුව ඒවා උපයෝගි කරගෙන ප්‍රහාරයක් කලානම් ලේ විලක් වෙන්න තිබ්බා. ඒ වගේම වනාතවිල්ලුව විමර්ශනයෙන් අනාවරණය වෙලා තිබුණා 2020 මැයි වෙද්දි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරා – ඔබ ඒ පිළිබදව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළාද?

ශානි අබේසේකර – වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට එකම කණ්ඩායමක් සම්බන්ධ බව අපි කිව්වා. එය සුළුකොට තකන්න එපා කියලත් කිව්වා. නමුත් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ගන්න අපිව කැදවීමක් කළේ නැහැ. එහෙම කැදෙව්වානම් ඔය ගැනත් කියනවා. ඒ වගේම සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන්න තිබ්බා.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 26 January 2021 20:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us