ඉන්ධන මිළ වැඩි කරන්නයැයි ගම්මන්පිල ගෙනා යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි  

Published in පුවත්
Tuesday, 26 January 2021 09:37

ඉන්ධන මිළ සංශෝධනයක් කරන මෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කර ඇත්තේ ඊයේ (25) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිළ සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවත් , හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේනවා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිළ ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us