තෛයිපොංගල් සැමරීම සඳහා කෝවිල් 100කට ආධාර !

Published in පුවත්
Wednesday, 13 January 2021 09:04

දුෂ්කර පළාත්හි තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයන් ඊයේ (12) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ සංකල්පයකට අනුව මෙම ආධාර වැඩසටහන සැලසුම් කර තිබේ.

කෝවිල් සඳහා කෙරෙන ප්‍රදානය සංකේතවත් කරමින් ඊයේ දින කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර හා ගම්පහ දිස්ත්‍රික්වල කෝවිල් සඳහා චෙක්පත් ප්‍රදානය කර ඇත. අනෙකුත් කෝවිල් සඳහා එම ප්‍රදානයන් දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට නියමිත යි.

මෙයට පෙර නව රාත්‍රී උත්සව සමයේ රට පුරා තෝරාගත් කෝවිල් 40කට ද රුපියල් පනස් දහස බැගින් ප්‍රදානය කිරීමට ද කටයුතු සම්පාදනය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් හා අග්‍රාමාත්‍ය වැවිලි ක්ෂේත්‍ර සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වාර්තා කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us