මේ අතර අද දිනයේදිත් සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක්, කටාර් සිටි 81 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 290 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 5961 ක් බවයි වාර්තා වෙන්නේ. ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 16206 ක් සිදුකර තිබෙන බවත් වාර්තා වේ.
-පංචාලි අබේසේකර