බස්නාහිර පළාතෙන් පිටව යන්න ගිය පුද්ගලයින් 61 කට කොවිඩ්

Published in පුවත්
Tuesday, 29 December 2020 11:40

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සදහා සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේනවා.

දෙසැම්බර් මස 18 වන දින සිට අද (29) උදෑසන 6 දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් එම පිරිස හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ.
ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
හඳුනාගත් ආසාදිතයින් 61 දෙනාගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇතැයි ද පැවසු ඒ මහතා, ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඇතුළු කළ බව ද වැඩිදුරටත් කියා සිටියේය.
ජනවාරි මස 5 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us