විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා නව නිවේදනයක්

Published in පුවත්
Monday, 21 December 2020 16:13

විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා පසුගිය මාර්තු මාසයේදී විශේෂ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දුන් අතර ඒ වෙනුවට පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි නිවේදනය කරන්නේ.

එම ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.

1. ශ්‍රී ලංකා රජය විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා "විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන්" සංවිධානය කරනු ඇත.

2.(i)කෙසේවෙතත්, ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) හට නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීමට අනුකූලව, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ එකඟතාවය/උපදේශනය මත පදනම්ව, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කරනු ලබන එක් ගුවන් ගමනක් සඳහා වන මගීන්ගේ සීමාවට යටත්ව, විදේශ ලේකම් (හෝ) සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ/සියරට පැමිණවීම සඳහා වෙන් නොවූ ගුවන්ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙනු ලැබේ.

(ii)ඉහත විධිවිධානය යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන මගීන් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම අදාළ ගුවන් සමාගමේ සම්පූර්ණ වගකීම වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us