ලංකාවට ඩොලර් බිලියන 2.5 ක් වටිනා සෘජු විදේශ ආයෝජන

Published in පුවත්
Thursday, 17 December 2020 11:22

ලබන වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් වටිනා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි බවට රජය විශ්වාස කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (16) ප්‍රකාශ කළා.

ඒෂියා සිකියුරිටීස් (Asia Securities) හි 4 වන වාර්ෂික ආයෝජන සමුළුව සැමරීම සඳහා පැවති අතථ්‍ය (virtual) සංසදයකදී ඔහු මේ බව පැවසීය.
වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති යටතේ නිවැරදී ආයෝජන වටපිටාවක් සකස් කිරීමෙහි ප්‍රතිපළයක් ලෙස ආයෝජකයන් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය වනු ඇති බවයි රජයේ විශ්වාසය වී තිබේන්නේ.
මේ වන විටත් සෘජු විදේශ ආයෝජන (FDI) ලෙස ලබන වසරේදී කොළඹ වරාය නගර සංවර්ධනය වෙනුවෙන් ඩොලර් බිලියන 1ක ආයෝජනයක් සිදුවීමට නියමිත බව තහවුරුව තිබේ. ඊට අමතරව හම්බන්තොට ටයර් කර්මාන්ත ශාලාව වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් සහ ඖෂධ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 200 ක පමණ ආයෝජන සිදු වීමට නියමිතය.
රටක සංවර්ධනයේදී විදේශීය සෘජු ආයෝජන ලැබීම අතිශය වැදගත්ය. එය සෑම ආණ්ඩුවක් විසින්ම සෑම කල්හීම බලාපොරොත්තු වූවකි.
එහෙත් මෑත කාලයෙහි වාර්ෂිකව ඩොලර් බිලියනය ඉක්මවා යෑමක් සිදු වූයේ කලාතුරකිනි. ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට එම ආණ්ඩු පාලනයන් අසමත් වීම නිසා බොහෝ ආයෝජකයන් ආපසු හැරී ගියේය.
එහෙත් වත්මන් ආණ්ඩුවේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මත එම තත්වයන් වෙනස් වනු ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.
ඔහු පවසා සිටින්නේ හොඳින් පවත්වා ගෙන යන හිතකර පොලී අනුපාත, ස්ථාවර විනිමය අනුපාතය සහ ආයෝජන ව්‍යාපෘති ප්‍රවාහයක් වර්ධනයට හැකි වන පරිදි එකිනෙකට සම්බන්ධ වීමත්, ස්ථාවර පුරෝකථනය කළ හැකි සාර්ව තත්වයන් සමූහයක් දුටු විට ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දු වනු ඇති බවත්ය.
එසේම රජයේ මූලික පරමාර්ථය වනුයේ ව්‍යාපාරවලට ධනය නිර්මාණය කිරීමට උපකාර කිරීම සහ නිසි ප්‍රතිපත්ති තුළින් සියලු ආදායම් වර්ගවල සිටින ජනතාවට සමෘද්ධිය ඇති කිරීම සඳහා සාධාරණ හා සමානව ධනය බෙදා හැරීම රජය විසින් සහතික කරනු ඇති බවත්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us