තමන් එල්ටීටීඊ සංවිධානයේ සිටියදී හමුදා සොල්දාදුවන් මැරූ බව කියන්න කරුණාට කාගෙන්වත් බාධාවක් නැත. කරුණාට එහෙම කියන්න පූර්ණ අයිතියකුත් තිබේ. මන්ද ඒ සත්‍ය කතාවක් නිසාය. ඔහු කළේ යුද්ධයකි. අනෙක් පාර්ශ්වය මරන්ණේ නැතිව ඔහු කොස් කොට කොටා හිටියේ නැත. යුද්ධයේ දී සිංහලයාට කරුණාගේ වටිනාකම තිබුණේ හමුදාවේ දහස් ගන්නක් මරපු එල්ටීටීඊ සන්නද්ධ අංශයේ මහා වීරයා ඔහු වීම තුළය.
ඒ කොහොම වුණත් දැන් කරුණා මෙහෙම කියන කොට ඔහුව අත් අඩංගුවට ගත යුතු යැයිද ඔහු දෙමළ ජාතිවාදය පාවිච්චි කරමින් සිටින බවටද ආදී විවිධ චෝදනා එල්ල වෙන්න පටන් ගෙන තිබේ. කරුණා එල්ටීටීඊයෙන් වෙන් වුයේ 2003 වගේය. එතැනින් ඉවත් වීමට කරුණාට හේතු තිබිණි. ඒ හේතු පාවිච්චි කර ඔහුව එයින් වෙන් කිරීම වෙනම මෙහෙයුමකි. ඒ කොහොම වෙතත් ඒ වෙන් වීම නිසා එල්ටීටිඊයට එරෙහි යුද්ධය පහසු කර ගැනීමට රජයට හැකි විය.
ඒ සිදුවීම වී දැන් අවුරුදු 18 ක පමණ වී තිබේ. යුද්ධය ඉවර වීද දැන් දශකයකටත් වැඩිය. ඒ කාලය තුල කරුණා මේ දේශපාලන භුමියේ සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකුවද ඇමැතිවරයකුවද සිටියේය. එහෙත් ඔහු එල්ටීටීඊය වෙනුවෙන් හෝ දෙමළ ජනතාව වෙනුවෙන් හමුදාවේ දහස් ගනනක් මැරූ බව කාටවත් රහසක් වූයේ නැත. සිවිල් පුරවැසියන් භික්ෂූන් ඝාතනය කළ බව රහසක් වූයෙ නැත. දළදා මාලිගාවට කළ පහර දීමද ඔහුගේ ගිණුමට බැර වූවක් බව රහසක් වුයෙ නැත.
ඒ පරණ අතීතය මතක් කිරීම නිසා කරුණාට එරෙහිව අමුතු නීතියක් ක්‍රියාත්මක විය යුතු බව මේ හදිස්සියේ කෑකෝ ගහන වුන් පසුගිය 18 වසරක් මුලුල්ලෙ කටයි පුකයි වහගෙන හිටියේය. කන්න ඕන උනාම තලගොයාද කබරගොයාද කියා වෙනසක් නැති වුන් මෙන් මේ මොහොතේදී කරුණාට එරෙහිව කෑ ගහන වුන් අමු තකක්ඩියන්ය. කරුණා ජාතිවාදය අවුස්සනවා කියමින් මේ තකක්ඩියන් කරන්නේද එහි අනෙක් පැත්තේ ජාතිවාදයම ඇවිස්සවීමය. තමන්ගේ තුච්ඡ ගෝත්‍රික ම්ලේච්ඡත්වය පෙන්වීමය.
ඒ අස්සේ කරුණාව අංගුලිමාලට වගේම කැප්පෙටිපොලට ද සමාන කරමින් කතා කියන්නො වෙති. ඒ මොන මොන හේතු දැකවූවත් ඔවුන්ගේ ඇති එකම සමාන කම මුල් ස්වාමියාව පාවා දී ද්‍රෝහී වීමය. ඊට දඬුවම් වින්දේ කැප්පෙටිපොළ පමණි. කරුණාට දඬුවම් දෙනවා නම් ඒ දිය යුත්තේ එල්ටීටීඊයයි.
ඒ කොහොම වුණත් කරුණාට එරෙහිව අද මේ කෑකෝ ගහන වුන්ගේ තකක්ඩි අවස්ථාවාදී කතන්දර නම් පරාජය කළ යුතුය. කරුණාගේ දේශපාලන ලැදියාව කුමක් වුවත් ඔහුට එරෙහිව වන මේ පුස් චෝදනා වලට ඉඩ දිය යුතු නැත. පසුගිය යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව බරපතල චෝදනා රැසක් කළේය. ඒවා සත්‍ය වූ නමුත් ඒ කාටවත් එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ කාලේ රාජපක්ෂලද යහපාලනයට එරෙහිව චෝදනා රැසක් කළේය. මහ බැංකු බැඳුම්කරය වගෙම පාස්කු ප්‍රහාරයත් ඒ අතර බරපතල චෝදනා විය. එහෙත් දැන් රාජපක්ෂලා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයිද? නැත.. ඒ සිදුවන්නෙද නැත. මේ චෝදනා කාලෙන් කාලෙට පටු දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් ගහන කෙබරයන්ය. මහ ජනතාවට නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ වුවමනාව තිබුණත් දේශපාලකයෝ ඒවා කරන්නෙ තමන්ගේ දේශපාලනයට වන වාසි අවාසි ගනනය කිරීමෙන් පසුවය. අදත් කරුණාට එරෙහිව කවුරු මොනවා කිව්වත් ඒ චෝදනා කරන කිසිවකු හෝ කරුණාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනෙත් නැති බව කැට ඇතිව කිව හැක.
යම් චෝදනාවක් කර නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කළ යුතු බවට යම් කිසිවකු හඬක් නගන්නේ නම් ඒ ක්‍රියාදාමය අවසන් වනතුරු ඒ ක්‍රියාදාමය තුල සිටිය යුතුය. ඒ අත් හැරීම නොවිය යුතුය..එහෙත් එහෙම අත්දැකීම් මේ රටේ නැත. දවසක් දෙකක් නැති නම් තමන්ගේ වෙනත් අපේක්ෂාවන් මුදුන් පත් වෙනකම් ඒවා අවශ්‍ය තරමින් පාවිච්චි කර ඉවත දැමීම පමණක් සිදුවේ. ඒ නැවත අවශ්‍ය උනොත් නැවත පාවිච්චි කර ඉවත දමයි. කරුණා කතා වස්තුවද එසේමය.
මේ රටෙ තියෙන මජර ක්‍රමය එයය. සමාජ සංස්කෘතික දේශපාලනික මේ හැම තැනම තිබෙන්නෙ මේ මජර භාවිතාවයි. ඒත් ඊට එරෙහිව මොකවත් වෙන්නෙ නැත. මාජර ක්‍රමය තුල මජර භාවිතාවෙන්ම තමන්ගෙ කෑල්ලක් ගොඩ දා ගැනීම සියලු දෙනාගේ භාවිතය වී තිබේ. මේ තක්කඩි මජර කම් වලට මේ රටේ මිනිස්සු පහසුවෙන් රැවැටීමත් ඒ පමණින්ම සිදුවේ. කණගාටුවට කරුණ එයය.