අඛිලගේ තවත් යෝජනාවක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයි Featured

Published in පුවත්
Saturday, 13 June 2020 20:32

 යහපාලන ආණ්ඩුව විසින් සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ වරම් නොළඹන සිසුන් ඉලක්ක කරගෙන යෝජනා කළ වෘත්තීමය විෂය ධාරාවන් 26 ක් යටතේ උසස්පෙළ හැදැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට වත්මන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් තීරණය කර තිබේ. ඒ අනුව දැන් ඒ සඳහා අයදුම් පත් කැඳවීම ආරම්බ කර ඇත.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට

2020 වසර සඳහා අයදුම්පත් කැඳවේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් දැන් කැඳවේ. 2020 වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සා/පෙ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ. අධ්‍යාපන පහසුව සඳහා තමන්ට සුදුසු පාසලක් තෝරා ගැනීමට මෙහිදී සිසුන්ට අවස්ථාව හිමි වේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට මෙමඟින් සිසුන්ට හැකියාව ලැබෙනු ඇත. මෙම විෂය ධාරාව යටතේ

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණ

2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය

3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

4. ප්‍රාසාංගික කලාව

5. කාර්ය සිද්ධි කළමනාකරණය

6. ශිල්ප කලා

7. අභ්‍යන්තර නිර්මාණකරණය

8. විලාසිතා නිර්මාණකරණය

9. ග්‍රැෆික් නිර්මාණකරණය

10. සංචරණය හා ආගන්තුක සත්කාර

11. භූ දර්ශන නිර්මාණකරණය

12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය

13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය

16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය

18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය

19. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය

20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය

21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය

22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය

23. කලාව හා පිරිසැකසුම්කරණය

24. පාරිසරික අධ්‍යයනය

25. පරිගණක හා දෘඩාංග හා ජාලකරණය

26. නිපැයුම්කරණය

යන විෂයයන් අන්තර්ගත වේ.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 ජූලි මස 03 වන සිකුරාදා වන අතර වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112787136/ 0112786746 ඇමතීමෙන් හෝ https://www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකි ය.

මාධ්‍ය ඒකකය

අධ්‍යාපන අමාත්‍යාංශය

Last modified on Saturday, 13 June 2020 20:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us