සිරිසේන නිර්පාක්ෂික වීමේ ඇත්ත හේතුව, මරණීය තර්ජනයක් ! Featured

Published in පුවත්
Wednesday, 06 November 2019 13:56

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරනයේදී නිර්පාක්ෂික වීමට හේතුව දේශපාලනික හේතුවක් හෝ ඔහුගේ ඇති ප්‍රජාතාන්ත්‍රික භාවිතාවේ හෝ ගුණයක් නොවන බව එම පවුලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම වෙනුවෙන් පසුගිය වසර කිහිපය තුලදීම සැලසුම් සහගතව කටයුතු කළ සිරිස්සේන අන්තිම මොහොතේදී ඒ අදහස ඇත්හැර ගැනීම  ශ්‍රීලනිපයේ සෙසු නායකයන් පවා තුෂ්නිම්භූත කළ කාරණයකි. එසේම තමාට නොහැකි වුණහොත් සජිත් ප්‍රේමදාසට හෝ සහය දීමේ ප්‍රතිපත්තියක සිරිසේන සිටියේය. මේ පියවරයන් දෙකම අත්හැර දැමීමට තමන් තීරණයක් ගත්තේ කවර හේතුවක් නිසාද යන්න ගැන කිසිවකුට නොපැවසූවද ඉතාම හිතෛශී ශ්‍රීලනීප සහ එජාප ප්‍රධානින් දෙතුන් දෙනෙකුට සත්‍ය කාරණය ඔහු හෙළි කර තිබේ.

කොහොම නමුත් සිරිසේන නිර්පාක්ෂික වීම සිදු වූයේ මහින්ද රාජපක්ෂ සමග මුහුණට මුහුණ හමුවී සිදු කළ අවසන් සාකච්ඡාවෙන් පසුවය. මහින්ද ඒ සාකච්ඡාවට යෑමට පෙර සිය පක්ෂයේ ප්‍රබලයින්ට පවසා තිබුනේ සිරිසේනව ප්‍රශ්නය කර ගන්න එපා.. එයා ගැන මන් බලා ගන්නම් යනුවෙනි.

ඒ අනුවම කරුණු කාරණා සිදුව ඇති අතර , එම සාකච්ඡාවේදී මහින්ද විසින් 2015 වසරේ ජනවාරි 08 වෙනිදා රාත්‍රියේ පොල්වත්තක සැඟවී සිටීමට සිදු කරුණු කාරණාද මතක් කර මෙවරත් තමන්ට අවශ්‍ය ලෙස කටයුතු නොකළහොත් පොල්වත්තෙවත් සැඟවී සිටීමට හැකියාවක් නොමැති බව අවධාරණය කර තිබේ. මොන ක්‍රමයකින් හෝ ගොටාබය දිනවන බවත් ඉන් පසුව තමන්ගේ පවුලට කරපු කෙනෙහිලිකම් වල වාඩුව අනිවාර්යෙන්ම ගන්නා බවත් මහින්ද දැඩිව පවසා ඇත.

මේ තර්ජනය හමුවේ. සිරිසේන තමන්ගේ දරුවන්ගේත් බිරිඳගෙත් සහ ශ්‍රී ලනීපයේ කිහිප දෙදෙකුගේ ජීවිත සම්බන්ධයෙන් තිබෙන අනතුර නිසා නිර්පාක්ෂික වීමට තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ලෙස මේ සත්‍ය කතාව හෙට අනිද්දාම ශ්‍රිලනිපයේ ප්‍රබලයකු විසින් මාධ්‍ය හරහා හෙළිදරව් කිරීමටද නියමිතය.

රාජපක්ෂලා හැමදාමත් බලය අත්පත් කර ගත්තේ බලය පවත්වාගත්තේ තමන්ට බාධාවන සියලු දෙනා ඝාතනය කිරීමෙනි. 1970 බෙලිඅත්තේ දේශපාලනයේ සිට අද මේ මොහොත දක්වාම දේශපාලන සතුරන් ඝාතනය කිරීම හෝ මරණීය තර්ජනය කර මෙල්ල කර ගැනීම සිදුව තිබේ. පසුගියදා සජින්ද වාස් ගුණවර්ධන විසින් හෙළි කළේද එම සත්‍යයයි.
මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා වී සිටින්නේ රාජපක්ෂ පවුලේ අලුගෝසුවා වන ගොටාබය රාජපක්ෂයයි. යම් ලෙසකින් ඔහු බලයට පත් වීම යනු රටම අමු සොහොනක් වීම ගැන මිසක් වෙනත් කිසිදු අපේක්ෂාවක් තැබිය හැකි තත්වයක් නොවේ.

.

Last modified on Wednesday, 06 November 2019 13:59

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us