අද ලංකාවේ අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ක්‍රිකට් ද? රට ආර්ථික අතින් බංකොලොත් වී තිබෙන අවස්ථාවකදී රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂයට ක්‍රිකට් දියුණු කරන්නට එක්වන ලෙසට ආරාධනා කරනවා දැකගැනීමට හැකි ය. එමෙන් ම විපක්ෂ නායකවරයා ද  රටේ ප්‍රධානම ප්‍රශ්නය ක්‍රිකට් ලෙස  හිතාගෙන කටයුතු කරනු ද දැක ගත හැකි ය.

කඩා වැටුණු රට ගොඩනගන්නට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමග එක් ව ක්‍රියාකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නොහැකි මන්දැයි  නිතැතින් ම නැගෙන ප්‍රශ්නයකි. තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් හරියාකාර ව ඉටු කර ගැනීමට නොහැකි ව රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් ඉතා දුෂ්කර ජීවිත ගෙවන බව නොරහසකි. සමහර අයට ආහාරපාන සපයා ගැනීම පවා දුෂ්කර වී ඇත. හරිහමන් රැකියාවක් නොමැතිව අනාගතය ගැන බලාපොරොත්තු සුන් වී තරුණ තරුණියන් අන්ත අසරණ වී ඇත. බොහෝ පිරිසක් රට හැර ගොස් ඇති අතර තවත් පිරිසක් රට හැර යන්න උත්සාහ කරමින් සිටී.  රට ලෝකයට ම  ණය වී ඇත. එම ණය පියවීම සඳහා, ඩොලර් ආදායම වැඩිකර ගැනීම ට ක්‍රමවේද හඳුනාගෙන නැත. ජීවන ප්‍රශ්න වැඩි වී නිමක් නැති ප්‍රශ්නවලින් ජනතාව මානසිකව කඩා වැටී ඇත. අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, කෘෂිකාර්මික ප්‍රශ්න,  ගොවියන්ගේ, ධීවරයින්ගේ කම්කරුවන්ගේ ප්‍රශ්න. මේ කී නොකි දහසකුක් ප්‍රශ්නවලට වඩා වැදගත්ම ප්‍රශ්නය ක්‍රිකට්ද?  නිරන්තරව නැගෙන ප්‍රශ්නය එය යි.

රටේ ජාතික ප්‍රශ්නයක දි, ගොවි ජනතාවගේ කාබනික පොහොර ප්‍රශ්නයක දි විපක්ෂය සමග එක්ව ජනතා ගැටඵ විසදන්නට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට ජනතාවගේ දුක් වේදනා ගැන හැගීමක් තිබු‍ණේ ම නැද්ද? දැන් රටේ ලොකුම ප්‍රශ්නය ක්‍රිකට් කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ හැමදාම කථා කරනවා. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසර දෙකේදි ජනතා ප්‍රශ්න වෙනුවෙන් දින කීයක් පාර්ලිමේන්තුවේ දී කථා කර ති‍බේ ද? මෙම තත්වය දැන් ජනතාවට හිසරදයක්, කරදරයක්, පිළිකුලක් බවට පත් ව ඇත.

අප සියඵමදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නෙමු. ඒ ගැන කිසිම විවාදයක් නැත. ක්‍රිකට් දියුණු කර ජයග්‍රහණය කල විට ඉහත ප්‍රශ්නවලට පිලිතුරු ලැබෙනවා නම් අපි සියඵ දෙනාම ක්‍රීඩා ඇමතිවරයා සහ විපක්ෂය සමග එක්ව ක්‍රිකට් දියුණු කිරීමට පෙළගැසෙමු. නමුත් ජයපරාජය දෙකම අප භාරගත යුතුයි. ගරු ක්‍රීඩා ඇමතිතුමනි, ලෝක කුසලානයෙන් අවසන් තරගය තෙක් අපරාජිතව සිට අවසන් මහ තරගයේ දි ඔස්ටේලියාවට පරාජයට පත් වූ ඉන්දියාවෙත් ක්‍රිකට් පාලක මණ්ඩලය ද, එසේ නම් වහාම විසුරුවා හැරිය යුතු ද?

ක්‍රීඩා අමාත්‍යවරයාට බොර දියේ මාලු බාන්නට අවශ්‍ය වූ බවත්, මෙය දේශපාලන කුමන්ත්‍රණයක්  ලෙසත් හැගේ. ඉන්දියාව ඉදිරියේ ලංකාව පරාජය වන තෙක් බලා සිට ජනතාව නොමග යවා වැරදි ජනමතයක් ඇති කර තවත් අරගලයක් නිර්මාණය කර රජය පෙරලා දැමීමට උත්සාහ කළ බවක් ද දැකගත හැකි ය. තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදි හදිසියේ, කඩිමුඩියේ, මහා රාත්‍රියේ, හොර රහසේ ගැසට් එකක් මගින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලද්දේ මේ ‍හේතුවෙනි. ඒ අනුව ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දමා ඉතිරි තරග දෙකත් පරාජය කරවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා අනිවාර්යෙන්ම  බාරගත යුතු යි.

මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව කියන්නට හේතු වූ දෙවෙනි කාරණය නම් ආසියානු සහ ඉන්දිය ක්‍රිකට් පාලක සභාවේ සභාපති දේ ෂා මහතාව නිර්දය ලෙස විවේචනය කිරීම යි. ඉන්දියාවේ බලවත්ම අමාත්‍යවරයෙක් වන අම්රිත් ෂා යනු දේ ෂා ගේ පියා බව ඔහු හොඳින් දන්නා කරුණකි. ඉන්දීය අගමැති මෝදි මැතිතුමාගේ දකුණු අත දේ ෂාගේ පියා යැයි කිවහොත් එය වඩාත් නිවැරදි වේ. මෙම දේ ෂා නමැති අය රොෂාන් ඇමතිතුමා විසින් ඉතාම නිර්දය ලෙස විවේචනය කරන  හේතුව   අපේ අසල්වැසි මිතුරාව යම්කිසි ආකාරයකින් උසිගැන්වීම් කර, රාජතාන්ත්‍රික බැදිම් බිද දමා, දේශපාලන වාසියක් ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් බව පැහැදිලියි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ඔහුට ඇතැයි කියන රාජ යෝගය නිසා ඔහු සිහින මවමින් සිටී. විපක්ෂ නායකවරයා ද ක්‍රීඩා ඇමතිවරයාව බළල් අතක් ලෙස පාවිච්චි කරමින් සිටින අතර  මේ දෙදෙනාට ම ඇත්තේ බොළඳ සිහින බව පැහැදිලි කරුණකි.


ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගණුදෙනුවල ගැටලු සහගත තැන් තිබුණා නම් ක්‍රීඩා ඇමතිවරයාට කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීම යි. නමුත් ඔහු කළේ ජනාධිපතිවරයාවත්, ඔහුගේ කාර්යය මණ්ඩලයත් චූදිතයෝ බවට පත් කර වීරයෙක් වීමට උත්සාහ දැරීම යි. ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී තිබුණේ විගණන වාර්තාවේ පැන නඟින ගැටඵකාරි විගණන අවස්ථාවන් නිරීක්ෂණය කර අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට වාර්තා කොට ඉන්පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් නීතිමය පියවර ගන්නා ලෙස හා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටින ලෙස යි.

ඒ අනුව මෙම විගණන වාර්තාවේ නඩු පැවරිය හැකි නඩු නිමිති තිබේ නම් නීතිපතිවරයා හරහා අදාල නඩු සදහා දැනටමත් නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිය දි, තම බොලඳ සිහිනය වෙනුවෙන්  ඇමතිවරයා කළේ ජනාධිපතිවරයා නොසලකා හැර, තම පටු බොලඳ අරමුණු වෙනුවෙන් ගැලරියේ චන්ඩියෙකුගේ චරිතයට පණ පෙවීමයි. ඒ සදහා  ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට විපක්ෂ නායකවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම යි. විපක්ෂයේ අතකොඵවක් බවට රජයේ ඇමතිවරෙයකු පත්වීම කනගාටුවට කරුණකි.

අද එහි ප්‍රතිඵලය ‌ලෙස ආණ්ඩු පක්ෂය විසින් ක්‍රීඩා ඇමතිවරයාව නොසලකා හැර ඇත. ක්‍රීඩා ඇමතිවරයා බලහත්කාරයෙන් මන්ත්‍රීවරු සමඟ කතාබහ කරන්න ගියත් මන්ත්‍රීවරු ඔහුව මඟහැර යමින් සිටීන බවද වාර්තාවේ.


විගණන වාර්තාවකට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියා මාර්ගයට යොමුව වරදකරුවන්ට දඩුවම් කල යුතු ය. එහි කිසිඳු තර්කයක් නොමැත. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. යම් අයෙකු හොරෙකු, දූෂිතයකු යයි නම් කල හැක්කේ අධිකරණයකින් එම චෝදනාවන්ට වැරදිකරුවකු බව තීන්දු කලහොත් පමණි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරුන් ලෙසට හඳුන්වමින් බව අමතක නොකල යුතු ය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු බව තේරුම් ගත යුතු වේ. එසේ නම් ඔබත් හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක්ද?

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට මා හට මෙන්ම සාගල රත්නායක මහතාටත් , ෂම්මි සිල්වා මහතාටත් විරුද්ධව, අපගෙන්  ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙන බව වාර්තා වේ. එහෙත් මා කිසිලෙසකින් එතුමාට තර්ජනය කර නොමැති අතර  එය තහවුරු කර පෙන්විය හැකි ය. චෝදනා කරනු ලබන අනෙක් අය ද එවැනි තර්ජනයක් ඇමතිතුමා වෙත එල්ල කර ඇතැයි මම නො සිතමි.

ක්‍රීඩාවේ දී තිබිය යුතු මූලික ගුණාංග ඉවසීම, කණ්ඩායම් හැඟීම සහ නායකත්වයට ගරු කිරීමයි. නමුත් තමාගේ නායකයා, රටේ නායකයා පමණක් නොව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ තවත් බොහෝ අමාත්‍යවරුන් මෙම ක්‍රීකට් අර්බුදය සම්බන්ධයෙන් එතුමාගෙන්  කළ ඉල්ලීම්, එතුමා නොසලකා හැර හිතුවක්කාර ආකාරයෙන් ක්‍රියා කිරීම රජය පෙරලිමට කුමන්ත්‍රණය කිරීමක් ලෙස සැලකිය හැකි ය.

පසුගිය වසරේ ඩුබායිහි පැවති ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට හා පාපන්දු සහ රගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සදහා තමන්ගේ හිතවතුන් දමා ගැනිමේ වැඩපිලිවෙලක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කරන ලදි.

හොරු බලවත් යැයි කියමින් මෙම ප්‍රධාන සංගම්වල ප්‍රධාන නිළධාරින්ට එරෙහිව ජනමතයක් ඇති කිරීමට උත්සාහ කරන ලදි. පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඔහු දූෂිතයෙක් බව හගවමින් ඡන්දයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඔහුට අහිමිකරමින් තමාට හිතවත් ශ්‍රී රංගා යන අයව කෙසේ හෝ ජාතික පාපන්දු සංගමයේ සභාපති ලෙස පත් කර ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසට ජාත්‍යන්තර තහනමකට පාපන්දු ක්‍රීඩාව ලක්විය. ඉන් වසරකට පසුව නැවත වරක් හොරු බලවත් යයි අපහාස කරන ලද ජස්වර් උමාර් මහතාව ම නිර්දෝෂි පුද්ගලෙයක් බව පිළිගෙන ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති බවට පත් කරන ජාත්‍යන්තර තහනම ඉවත්කර ගන්නා ලදි. එම වර්ෂයේ ක්‍රීඩකයින්ට අහිමි වූ තරගාවලි සහ රටට අහිමි වූ ඩොලර් වටිනාකමට වගකිවයුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා නොවේ නම් වෙන කවුරුන් ද?

අමාත්‍යවරයා පත් වූදා සිටම කෙසේ හෝ අර්ජුන රනතුංග මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති කරවන්නට සැලසුම් කළ බව පැහැදිලි ය. සියලුම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න අවස්ථාව තිබූ නමුත් ගැටලු නිරාකරණය කිරීමට හෝ සාකච්ඡා මාර්ගයට පිවිසීමට අමාත්‍යවරයාට කිසිදු උවමනාවක් තිබුණේ නැත. අද ලංකාවේ ‍ප්‍රධාන ක්‍රිඩා සංගම්, විශේෂයෙන්ම ඔලිම්පික් සංගමය, පාපන්දු, ක්‍රිකට්, රගර්, මලල ක්‍රිඩා, මෝටර් රේස් ඇතුඵ අනෙකුක් සම්ගම්වලින් උසාවියේ නඩු 285 ක් පමණ ක්‍රීඩා අමාත්‍යංශයට විරුද්ධව විභාග වෙමින් පවතී.

මේ සියල්ලටම හේතුව ගැටඵ නිරාකරණයට ඇති නොහැකියාව සහ  හිතුවක්කාරී ලෙස පළිගැනීමේ චේතනාවෙන්  ක්‍රියා කිරීමයි. මේ අවස්ථාවේදී පවා ක්‍රිකට් ආයතනයෙන් පළි ගැනීමේ චේතනාවෙන් සහ දේශපාලන වාසියක් ලබා ගැනිමේ චේතනාවෙන් ක්‍රියා කරනවා විනා, ක්‍රිඩාව දියුණු කිරීමේ චේතනාවක් අමාත්‍යවරයාට ඇත්තෙම නැති බව පැහැදිලි ය.

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ 4(3) වගන්තිය උල්ලංඝනය කරමින්, නීති විරෝධි ලෙසට තම බලය අයථා ලෙසට භාවිත කරමින් අර්ජුන රනතුංග මහතාව ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත් කර ගන්නා ලදි. ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා පණතට අනුව ක්‍රියා කරන ලෙසට නීති පනවමින් මේ අයුරින් කටයුතු කිරිම හරියට මහ කකුඵවා පොඩි එවුන්ට කෙලින් යන ලෙස පැවසීම වැනි දෙයකි.

තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ ප්‍රතිඵලය අද ඇමතිවරයා භුක්ති විඳිමින් සිටී. ඔහුට ගොඩ ගත හැකි ක්‍රීඩාවක් නොමැත. අද ඔහු රාජ්‍ය ද්‍රෝහියෙක් බවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් මෙන්ම වරින් වර  නිර්දය ලෙස මා විවේචනය කිරිම සම්බන්ධයෙන් ඔහු සමග සමීපව ඇසුරු කළ අයකු ලෙස මම අතිශයින්ම කණගාටු වෙමි.


සුදත් චන්ද්‍රසේකර

ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක

ජීවිතය පහසු කරන්න හැමදේම හිඟ වෙච්ච දුෂ්කර ප්‍රදේශයක සිටියත් ඇය තම උත්සාහයෙන් සිය කුටුම්භය රැකගනිමින් ආර්ථික අරගලයක පොරබදමින් නැඟී සිටියා. තිළිණිගේ ජීවිතය ඇයට ලැබුණු තිළිණයක් කර ගන්න ඈ සමත්ව තිබුණාය. නමුත් අහිමිවීම්, අමාරු කාලයන් ඇගේ ජීවිතය වෙලාගෙන බාධාකරමින් නොතිබුණා නොවෙයි. මේත් එහෙම කාලයක්.  ඒත් විශ්වාසයි ඇය පසු බසින්නේ නැහැ. එතරම්ම ඇය දිරිය කාන්තාවක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් 19 වන දින නම්කර ඇත්තේ "ලෝක වැසිකිළි දිනය" ලෙසය. මේ නිමිත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගේ සෞඛ්‍යමය අත්‍යවශ්‍ය පහසුකම්වල හිඟය පිළිබඳ දත්ත කිහිපයක් නිකුත්කර තිබිණි.

විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර්ට අයත් දේශීය පෞද්ගලික රක්ෂණ සමාගම් දෙකක රක්ෂණාවරණ සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (08) නියෝග කළාය.

පිළිකාව බෝවෙන රෝගයක්‌ ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර පහලොවකට පමණ පෙර සිටය. රතු මස්‌ අනුභව කිරීම සහ නොයෙක්‌ ක්‍රමවලින් සකස්‌ කළ මස්‌ සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක්‌ රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්‌' ගැන ලොව පිළිගත් අනාවැකියක්‌ කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පුවත්පතකට කළ සාකච්ඡාවක් ඇසුරින්....


පිළිකාව බෝනොවන රෝගයක්‌ වුවත් බෝවන රෝග තරමට වර්තමාන සමාජයේ එය සුලබ ව්‍යාධියක්‌ බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කොට තිබෙනවා !

මේ අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌ නොවෙයි. අපේ ජනතාව බහුලව භාවිත කරන ආහාරවල වෙළෙඳ නාමය නොකිව්වත් මොනසෝල්ට්‌ අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් නොකළොත්... ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් ඉවත් නොකළොත්... ග්ලයිපොසෙට්‌ අඩංගු පොහොර තහනම් නොකළොත්... රතු මස්‌ භාවිතය සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම නොකළොත් වැඩි කල් නොගොස්‌ පිළිකාව අපේ රටේ සුලබව දැකිය හැකි ව්‍යාධියක්‌ බවට පත්වන බව අපි කිව්වා. සමහර දේශපාලකයෝ පමණක්‌ නෙමෙයි ඇතැම් වෛද්‍යවරු පවා රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර භාවිතය අවම කළ යුතු බවට මා කළ ප්‍රකාශයන් අවඥාසහගතව බැහැර කළා පමණක්‌ නෙමෙයි වැඩෙන දරුවන්ට මස්‌ අවශ්‍යයි කියන මතයක්‌ සමාජගත කරන්නටත් උත්සාහ කළා. නමුත් අද රතු මස්‌ භාවිතය සහ සොසේජස්‌, ලිංගුස්‌, මීට්‌ බෝල් වැනි සකස්‌ කළ මස්‌ සහිත ආහාර නිසා බඩවැලේ පිළිකා හටගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබෙනවා. රතු මස්‌ සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාර බහුලව ගැනීම පිළිකා පමණක්‌ නොවෙයි තරබාරුකම, හෘදයාබාධ වැනි තවත් ආබාධ රැසකට අත වැනීමක්‌.


නමුත් මස්‌ ආහාරයට ගැනීම ලෝකයේවත් අපේ රටේ වත් අද ඊයේ ඇතිවූවක්‌ නෙමෙයි. එයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙනවා. මස්‌ අනුභව කිරීම වර්තමානයේ පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඇයි?

අතීතයේ මිනිස්‌සුත් මස්‌ කෑවා. හැබැයි ඒ අද වගේ නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය අඩංගු රසකාරක යොදපු මස්‌ නෙමෙයි. අද සොසේජස්‌වල කල් තබාගැනීම සඳහා යෙදූ නයිට්‍රේට සහ නයිට්‌රයිට තිබෙනවා. විවිධ වර්ණක තිබෙනවා. රසකාරක තිබෙනවා. මේ සොසේජස්‌ කනකොට බොහොම දෙනෙක්‌ නොයෙක්‌ බීම වර්ගත් පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය කෘත්‍රිම බීම වර්ග බොහොමයක පිළිකාකාරක අඩංගුයි. කෘත්‍රිම බීම වර්ණ ගන්වන්න වගේම රසකාරක විදිහට යොදන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක නේද කියල අපි අහන කොට ඒවා හදන සමාගම් කියන්නෙ අපි ඒ ද්‍රව්‍ය යොදල තියෙන්නෙ අංශු මාත්‍ර විදිහට. ඒ හින්ද ශරීරයට හානියක්‌ නෑ කියලයි. පිළිකාවක්‌ හැදෙන්නෙ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර කලාතුරකින් කෑවම නෙමෙයි. අංශු මාත්‍ර විදිහට හරි ඒවා දිගින් දිගටම ශරීරයට එකතු වුණාමයි. ඔය හුඟක්‌ කෘත්‍රිම බීම වර්ගවල අඩංගු පෝමෙතිල් ලිමිටසෝල් අංශු මාත්‍ර විදිහට හරි කාලයක්‌ තිස්‌සේ ශරීරගත වුණාම පිළිකාවක්‌ හැදෙනව.


අද අපි අපේ ශරීරයට එකතු කරන්නේ ඔය මස්‌ විතරක්‌ නෙමෙයි. ඔය බීම විතරකුත් නෙමෙයි. අද අපි හුස්‌ම ගන්න වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය වැඩියි. වායුගෝලය තදින් දූෂණය වෙලා. බොන වතුර ටික දූෂිතයි. ගංගා ඇළදොළට නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය දමල ඒ ජලය දැඩිලෙස දූෂිත වෙලා. මේව අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. හිතාමතාම තම නිෂ්පාදනවලින් වැඩි ලාබගන්න නියමිත ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම නිසා සිදුකරන දේවල්. අද අපි කන, බොන දේවලත් හුස්‌ම ගන්න වාතයේත් පිළිකාකාරක අඩංගුයි. එදා මස්‌ කාපු මිනිස්‌සු ජීවත්වෙන පරිසරයෙ නෙමෙයි අද මස්‌ කන මිනිස්‌සුන්ට ජීවත්වෙන වෙලා තිබෙන්නෙ. නමුත් මම නම් හිතන්නෙ නෑ එදා මිනිස්‌සු අද වගේ මස්‌ කෑව කියල. අද තුන්වේලටම සොසේජස්‌ කන මීට්‌බෝල්ස්‌ කන ළමයි ඉන්නව. අනිත් වැදගත්ම දේ මේ ආහාර බොහොමයක්‌ ඉතා ඉහළ උෂ්ණත්වවලට රත්කරල, ගැඹුරු තෙලේ බැදල පිළියෙල කරන ආහාර. ගැඹුරු තෙලේ බැදීම නැවත පිළිකාකාරක එකතුවීමක්‌.


ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා රතු මස්‌වලත් සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලත් පිළිකාකාරක ඇති බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඔබ මීට වසර ගණනාවකට පෙර ඔබ කළ පර්යේෂණයක්‌ තුළින් එබඳු නිගමනයකට එළඹුණා. ඔබ සිදුකළ පර්යේෂණය කුමක්‌ද?

නිගමනයක්‌ හැටියට මීට වසර කිහිපයකට පෙර රතු මස්‌ හා සකස්‌ කළ මස්‌ අඩංගු ආහාර ගැන මම මේ ප්‍රකාශය කළාට මගෙ පර්යේෂණය තවම අවසන් නෑ. මේ රෝහලට එන බඩවැලේ පිළිකා සහිත රෝගීන් ගේ ආහාර රටාව ගැන මම පුළුල් විමර්ශනයක්‌ කළා. මවිසින්ම සකස්‌ කළ ප්‍රශ්න පත්‍රයක්‌ බඩවැලේ පිළිකා සහිත රෝගීන් සහ සම වයසේ නිරෝගී පුද්ගලයින් එනම් පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් විශාල පිරිසකට යොමුකරල ඒ තුළින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔවුන්ගේ ආහාර රටාවන් පරීක්‌ෂාවට ලක්‌ කරල මම එළඹුණු නිගමනයක්‌. යමෙක්‌ පිළිකාවක්‌ සම්බන්ධයෙන් නිරෝගී පුද්ගලයෙක්‌ය යන නිගමනයට අපට එකවරම එළඹෙන්න බෑ. පිළිකා රෝග ලක්‌ෂණ නොපෙන්වූ පුද්ගලයින් හැටියටයි මම අනෙක්‌ පාර්ශ්වය මේ පර්යේෂණයට සහභාගි කරවා ගත්තෙ. මේ දෙපිරිසම අනුභව කළ මස්‌ වර්ගය, දිනකට ගත් ප්‍රමාණය, කොපමණ කාලයක සිට භාවිත කළාද යන්න, ඔවුන්ගේ දින චර්යාවන්, රැකියා ස්‌වභාවයන් ආදී මේ දෙපිරිසේ ආහාර රටාවට පරිබාහිර ක්‌ෂේත්‍ර පිළිබඳවත් මම පුළුල් විමර්ශනයක්‌ කළා. එහිදී දිනපතා, දීර්ඝ කාලයක සිට මස්‌ වර්ග අනුභව කළ අය අතර, විශේෂයෙන් රතු මස්‌ අනුභව කළ සහ මස්‌වලින් සැකසූ ආහාර අනුභව කළ අය අතර බඩවැලේ පිළිකා තත්ත්වයන් බහුල බව මට පැහැදිලි වුණා.

මේ තත්ත්වයන් මම පැහැදිලි කළාම ඇතැම් අය මම ආගම්වාදියකු ජාතිවාදියකු විදිහට හඳුන්වන්නත් උත්සාහ කළා. අපේ රටේ මස්‌ වර්ග වැඩිපුර අනුභව කරන නොයෙක්‌ ආගම්වලට ජාතීන්වලට අයත් පිරිස්‌ ඉන්නව. නමුත් වෛද්‍යවරයකු හැටියට මම කළේ ඒ කවර ආගමිකයෙක්‌ කවර ජාතිකයෙක්‌ වුවත් බරපතළ රෝග තත්ත්වයකින් මුදවා ගන්නයි.

හරක්‌ මස්‌, කුකුළු මස්‌ සහ ඌරු මස්‌ අපේ රටේ ප්‍රධාන වශයෙන් ආහාර සඳහා භාවිත වන මස්‌ වර්ග තුනයි. ඔබ රතු මස්‌ ලෙස හඳුන්වන්නේ මින් කුමන මස්‌ වර්ගයද?

මූලික වශයෙන් හරක්‌ මස්‌. මස්‌වල රතුපැහැය ඇතිවෙන්නෙ හිමෝග්ලොබින් කියන සංඝටකය නිසා. එහි හීම් නමැති රසායනිකය සමග මේ මස්‌ කල්තබා ගැනීමට භාවිත කරන රසකාරක නයට්‍රේට සහ නයිට්‍රයිට වර්ග නිසා මෙම මස්‌ පිළිකාකාරක වෙනවා. හරක්‌ මස්‌වල තරම්ම නැතිවුණත් කුකුල් මස්‌ සහ ඌරු මස්‌වලත් මේ හීම් සංඝටකය තිබෙනවා. ඌරු මස්‌වල අධික තෙල් සහිත සවභාවයත් ශරීරයට හානිකරයි.


දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් කියල තිබෙන නිසා මස්‌ අනුභවය ගැන දෙවරක්‌ හිතන්නට අපේ රටේ වැඩිදෙනෙක්‌ පෙළඹෙන්නට පුළුවන්. පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ හැටියට ඔබ ජනතාවට කියන්නෙ කුමක්‌ද?

බඩවැලේ පිළිකා වැළඳුණු අලුත් රෝගීන් පන්සියයක්‌ පමණ හැම වසරකම මේ රෝහලට එනව. මීට දශක දෙක තුනකට කලින් පිළිකාවක්‌ කියන්නෙ වයස අවුරුදු 60-70 වැනි වයස්‌වලට අයිති රෝගයක්‌. දැන් ඒ සීමාව ඊට වඩා හුඟක්‌ ඉස්‌සරහට ඇවිත්. ඉස්‌සර මැදි වයසට සීමාවී තිබුණු දියවැඩියාව සහ හෘද රෝග අද පාසල් යන දරුවන් අතරත් බහුලයි. කෘත්‍රිම රසකාරක යෙදූ සහ කල්තබාගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අද පාසල් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල්වලට එකතුවෙලා තිබෙනවා. එය බරපතළ අනාගත ඛේදවාචකයක්‌. දරුවන් අතර මේ ආහාර ප්‍රචලිත කිරීම පිටුපස අද දැවැන්ත ක්‍රියාදාමයක්‌ තිබෙනවා. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර සහ කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීමෙන් වළකින්න. ඔබේ දරුවනුත් එම ආහාරවලින් මුදවාගන්න. රස කරමින් අපි අද මේ කන්නෙ වස. හැකිතරම් එළවළු, පලතුරු සහ පළාවර්ග අනුභවයට යොමුවන්න. රසායනික පොහොර භාවිතයත් අපේ රටේ වකුගඩු රෝගයට වගේම නොයෙක්‌ පිළිකා රෝගයන්ටත් හේතුවක්‌. රතු මස්‌ අනුභවය සහ සකස්‌ කළ මස්‌ සහිත ආහාරවලින් වැළකීම පමණක්‌ නොවෙයි, රසායනික පොහොර භාවිතයත් අවම නොකළොත් අපේ අනාගත පරපුර බරපතළ අනතුරකට ලක්‌වීම වළක්‌වන්නට බෑ.

ඉන්දියානුවන් පිරිසක්‌ සමග පසුගියදා මා ඉන්දුනීසියාවේ කළ සංචාරයකදී එරට රසායනික කම්හලක්‌ නැරඹීමට මට අවස්‌ථාව ලැබුණා. ඉන්දුනීසියාව ග්ලයිෆෝසෙට්‌ භාවිතය තහනම් කළ රටක්‌ වුවත් එම කම්හලේ ග්ලයිෆෝසෙට්‌ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු අප දුටුවා. ඒ පිළිබඳ මා කළ විමසීමෙදී ඔවුන් පවසා සිටියේ වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා ග්ලයිෆෝසෙට්‌ නිෂ්පාදනය කරන බවයි. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවෙකු බවද ඔවුන් මා සමග පැවසුවා. ඉන්දියානුවන් පිරිසක්‌ සමග සිටි මා ඉන්දියානුවකු යෑයි ඔවුන් සිතුවා විය හැකියි. අප මේ විනාශ කරන්නේ අපේම දරුවන් නොවේද? අපේම අනාගතය නොවේද?


දිවයින පුවත්පතේ පළ වූ සාකච්ඡාවක් ඇසුරිනි...

-RS

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමැති පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නුවරඑළිය තැපැල් කන්තෝරුව පවත්වාගෙන යන්නේ සුද්දාගේ කාලයේ සිටම ඒ වෙනුවෙන් භාවිතා වූ ගොඩනැගිල්ලේය. මෙය සුප්‍රසිද්ධ යටත් විජිත ගොඩනැගිලි අතර සුවිශේෂීව කැපී පෙනෙන තැනකි. එහි ආකර්ශනීය බාහිර පෙනුමෙන් එය අද්විතීය නිර්මාණයක් වන අතර යටත් විජිත බ්‍රිතාන්‍ය ලංකාව පිළිබඳ මතකයන් නැවත ගොඩනගන්නකි.

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us