ජවිපෙ අත්හැරි ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි සටන් පාඨය විමල් අතට ගනී ! Featured

Thursday, 15 February 2024 11:20

ජවිපයේ හිටපු ප්‍රචාරක ලේකම් සහ වත්මනෙහි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේවන විට ජවිපෙ සිය නව මාලිමා දේශපාලනය මත  අත්හැර දමා ඇති ඉන්දීය විරෝධී දේශපාලන සටන් පාඨය සියතට ගැනීම වේගවත් කර ඇත. 

විශේෂයෙන්ම ජවිපෙ නායක අනුර කුමාරගේ ඉන්දීය සංචාරයෙන් පසුව ජවිපෙ සිය ඉන්දීය විරෝධි ස්ථාවරයන් අත්හැර ඉන්දු- අමරිකානු අක්ෂය වෙත මාරුවීම පැහැදිලි වීමත් සමඟ, දේශපාලනිකව අනාතව සිටි විමල් වීරවංශට දේශපාලන ක්ෂේත්‍රයේ යළි නැගී සිටීම සඳහා මෙම වර්ධනයන් ප්‍රබල උපකාරයක් සිදු කර ඇත.

මේ අනුව රජය ඉන්දියාව සමඟ සිදු කිරීමට නියමිත ව්‍යාපෘති ගනනාවක් සම්බන්ධයෙන් වීරවංශ සිය විවේචනයන් ඉදිරියට ගෙන තිබේ. ඉංග්‍රීසි පුවත් පතකට අදහස් දක්වමින්  ඒ අතර ඉන්දියාව සමඟ යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ භූ දේශපාලන උපායමාර්ගයේ සන්දර්භය තුළ විමසා බැලිය යුතු බව  වීරවංශ පවසයි. මේ වසරේ මාර්තු මාසය වන විට ETCA අවසන් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළද කිසිදු මට්ටමකින් සාකච්ඡා කළ යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් අදහස් විමසා නොතිබූ බවත් පවසයි.

ETCA යනු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී දෙරට අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමේ (FTA) දිගුවක් බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමට ඉඩ දුන්නොත් පෙර නොවූ විරූ ව්‍යසනයක් ගැන අනතුරු අඟවයි.

 ඉන්දියාවට සේවා ක්ෂේත්‍රය විවෘත කළහොත් එමඟින් මෙම ගැටලු තවත් උග්‍ර කළ හැකි බවත් 2022 වසරේ ඇති වූ ආර්ථික දේශපාලන සමාජ අර්බුද හමුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක මූල්‍ය ආධාර ලබාදී ඇති බව පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ, ඉන්දියාව මෙහි ඇති තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් සිය ව්‍යාප්තිවාදී ප්‍රතිපත්තිය සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යන්නේ දැයි ප්‍රශ්න කරයි.

බොහෝ ප්‍රචලිත ඉන්දියාවේ 'අසල්වැසි ප්‍රථම' ප්‍රතිපත්තිය සහ ඇයගේ සමුද්‍රීය දැක්ම වන සාගර් (කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) යන නාමයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව අත්පත් කර ගැනීම අමු අමුවේ සිදු කරන බවට චෝදනා කරයි.

පසුගිය සැප්තැම්බරයේ මාලදිවයිනේ ඉන්දීය පිටුබලය ලැබූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ අතර නව ජනාධිපතිවරයා ලෙස චීනයේ පිටුබලය ලබන මොහොමඩ් මුයිසු තේරී පත්වීමෙන් පසු  එය  නවදිල්ලියේ උපායමාර්ගයට සැලකිය යුතු පහරක් එල්ල වූ බවත් ඉන්දියානුවන් ශ්‍රී ලංකාව තෝරා ගත යුතු බවට කරන සමහර  ඉන්දීය ප්‍රකාශයන්ට ශ්‍රී ලාංකිකයන් රැවටීමට ලක්ව ඇති බවත් පවසයි. ඔවුන්ගේ මීළඟ සංචාරක ගමනාන්තය ලෙස. ඉන්දීය ක්‍රියාමාර්ගය මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදුවූවක් බවත් මෙවැනි විඛාදන උපාය මාර්ග අනුගමනය කිරීමට නවදිල්ලියට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) සේවාවන් මෑතකදී දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ මූල්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ නාමයෙන් මෙරට කුඩා ආර්ථිකය ඉන්දියාව අත්පත් කර ගන්නා බවය. වත්මන් රජය ETCA සමඟ ඉදිරියට ගියේ නම්, එහි ප්‍රතිවිපාක දුරදිග යන අතර සහස්‍ර දෙකකට අධික කාලයක් තිස්සේ අගය කරන ලද රටේ ස්වාධීනත්වයට වන හානිය ආපසු හැරවිය නොහැකි වනු ඇති බවත් පෙන්වා දෙයි.

ජාමූ අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පැකේජය අපගේ සියලු රෝග සඳහා කෝකටත් තෛලය ලෙස රජය නිරූපණය කළද ජාමූඅ ප්‍රතිකර්ම රට නැවත ආර්ථික ස්ථාවරත්වයට පත් කිරීමට උපකාරී නොවන බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය. අධික ලෙස විදුලි බිල ඉහළ දැමීම සහ දරාගත නොහැකි බදු ක්‍රමය හේතුවෙන් දේශීය කර්මාන්තවලට විදේශීය සමාගම් සමඟ තරග කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබන ජනාධිපතිවරයා ජාතික ආර්ථිකය හෑල්ලුවට ලක් කිරීමට යොමු වූ බවක් පෙනෙන බවත් පවසයි.

 වත්මන් ජවිපෙ නායකත්වය මෙම  උපාය මාර්ගය වර්ධනයට දායක වූ බවත් පසුගිය වසරේ අගභාගයේදී ඔවුන්ගේ එක්සත් ජනපද සංචාරය හා ඔවුන්ගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය, මෙම කැත සත්‍යය හෙළි කළ බවත් පවසයි. ඉන්දියාව තම කලාපීය ආධිපත්‍යය තහවුරු කරගැනීමට උත්සාහ කරන විට දේශපාලන පෙරමුණේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව ජවිපෙට සහය පළ කරන හිටපු හමුදා සහ පොලිසියේ සාමාජිකයින් මතක තබා ගත යුතු බවත් අවධාරණය කරයි.

මේ වසරේ නිදහස් දිනයට පෙර දින ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීම  චීනයට එරෙහිව ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ලද දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් බව ඉන්දියාවේ බලගතු මාධ්‍ය ප්‍රකාශ කළ බව ද පෙන්වා දෙයි

Last modified on Thursday, 15 February 2024 13:11

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us