ඊශ‍්‍රායලය ගැන ඔබාමාගේ ස්ථාවරය ව්‍යාජයි

Published in විදෙස්
Thursday, 07 August 2014 11:57

ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් හෙළා දැකීම ව්‍යාජ රගපෑමක් පමණක් බව මාධ්‍යවේදී ග්ලෙන් ග‍්‍රීන්වල්ඞ් පවසා තිබේ.

හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් හෙළිදරව් කරනු ලැබූ 2013 අපේ‍්‍රල් 12 දාතම සහිත ජාතික ආරක්ෂක ඒජන්සියේ වාර්තාවක් විමසමින් ඔහු විසින් ලියා ඇති ලිපියක මේ බව දැක්වේ.

එම වාර්තාවට අනුව ඇමරිකාවට සහ ඊශ‍්‍රායලයට උපායමාර්ගික තර්ජනයක් වන මැදපෙරදිග ඉලක්ක ගණනාවකට අදාළව ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය හා ඊශ‍්‍රායල සිග්ඉන්ට් ජාතික ඒකකය අතර දීර්ඝ කාලීන සහයෝගයක් තිබී ඇතැයි අනාවරණයව තිබේ.

ග‍්‍රීන්වල්ඞ් දක්වා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල, න්‍යෂ්ටික වැඩපිළිවෙලක් සඳහා සිරියාවේ උත්සහය, ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ වැඩපිළිවෙල, පලස්තීන ත‍්‍රස්තවාදය සහ ලෝක ජිහාඩය මෙහි ප‍්‍රධාන ඉලක්කයන් වී ඇති බවයි.

මේ අතර දෙරටේ තානාපති කාර්යාල දැවැන්ත සහයෝගයකින් කටයුතු කර ඇති බවත් බුද්ධි අංශ ක‍්‍රියාකාරකම් වලදී ඇමරිකානු තාක්ෂණය  ඕනෑම වෙලාවක භාවිතා කිරීමට ඊශ‍්‍රායලයට හැකියාව තිබී ඇති බවත් හෙළිවී ඇත.

වාර්තාව මගින් අනාවරණයවී ඇත්තේ ඇමරිකාව විසින් ඊශ‍්‍රායලයට මුදල් ලබාදීම මෙන්ම හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ඩොලර් බිලියනයක අවි සංචිතයක් ඊශ‍්‍රායලය තුළ ගබඩා කරදී ඇති බවයි.

මෙවැනි තත්වයකදී ගාසා තීරයට පහරදීමට අදාළව ඇමරිකාවේ සම්බන්ධයක් නැතැයි කීම ව්‍යාජයක් පමණක් බව ග‍්‍රීන්වල්ඞ් පවසා තිබේ.

(cnews)

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us