උතුරු ශබාබ් ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් සහ සහ බැග්ඩෑඩ් අගනුවර වෙළඳපොල අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ ප්‍රහාරයකින් මෙම මරණ සිදු වී ඇත. මෙම ප්‍රහාරවලින් තවත් හැට දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසයි.
මීට අමතරව ඉරාකයේ බානොක් දිස්ත්‍රික්කයේද කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 9 දෙනෙකු පමණ මිය ගොස් ඇත.
මෙම ප්‍රහාර මාලාවේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් අයි එස් සටන්කාමීන් ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ.
අයි එස් සටනක්මින් උතුරු ඉරාකයේ ඇතැම් ප්‍රදේශවල බලය තහවුරු කරගෙන ඇති අතර ඉරාක හමුදා සමඟ ගැටුම් ඇති කරගනිමින් සිටියි.