අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර රැගෙන ගිය රොකට්ටුව පුපුරා යයි(video)

Published in විදෙස්
Tuesday, 30 June 2015 10:06

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය රොකට්ටුවක් පසුගියදා(28) පුපුරා ගිය බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවර් ගගන මධ්‍යස්ථානයේ සිට අභ්‍යාවකාශ ගත වූ Falcon 9 නමැති රොකට්ටුව මෙලෙස පුපුරා ගොස් අත්ලාන්තික සාගරයට කඩා වැටුණි. මෙම යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය භාණ්ඩ අතර ආහාර, සෞඛ්‍ය උපකරණ, පරිගණක උපකරණ, අභ්‍යවකාශ තාක්ෂණික උපකරණ තිබී ඇත.

කෙසේවෙතත් නාසා ආයතනයේ ප්‍රධානි චාර්ල්ස් බෝල්ඩන් පැවසුවේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ මෙම යානය හදිසියේ විනාශ වුවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ රැඳී සිටින ගගන ගාමීන් සතුව අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ ඇති බව සහ මෙම පිපිරීමට හේතුව අනාවරණය කරගෙන නැවත යානාවක් යැවීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් නාසා ආයතන බලධාරීන් පවසන පරිදි භාණ්ඩ රැගත් රොකට්ටුවක් යාමට ප්‍රමාද වේනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් ගෙන්වා ගැනීම සඳහා යානාවක් සුදානම්ව පවතියි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us