ලෝක ජනගහණයෙන් මිලියන 59ක් සරණාගතයින්

Published in විදෙස්
Tuesday, 23 June 2015 12:07

ලොව පුරා සිදු වූ යුධ කටයුතු සහ විවිධ හිංසා පීඩා නිසා සරණාගත බාවයට පත් වූ මිනිසුන් සංඛ්‍යාව ඉතිහාසයේ වාර්තා නොවූ තරම් ඉහළ ගොස් ඇතැයි පසුගිය සතියේ නිකුත්කළ එකසත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාල වාර්තා අනුව හෙළි වී තිබේ.

2014 වසරේ අවසානය වනවිට ලොවපුර පැවති යුධ කටයුතු, මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ විවිධ ගැටුම් හේතුවෙන් මිලියන 59.5 ක් පමණ මිනිසුන් සරණාගතයන් බවට පත්වී ඇත.

මෙම තත්ත්වය ඊට පෙර වසරට වඩා මිලියන 8.3ක වැඩිවීමකි. එසේම පෙර දශකයට වඩා මිලියන 22ක වැඩිවීමකි.

සරණාගත බවට පත්වූවන්ගේ සංඛ්‍යාව රටක් ලෙස සිතුවහොත් එය ලෝකයේ ජන සංඛ්‍යාවේ විශාලත්වය අතින් 24 වැනි ස්ථානයට පත්වන අතර එම ප්‍රමාණය දළ වශයෙන් ඉතාලියේ සහ ඇමරිකා එක්සත් ජනපද ජනගහණයට සමාන වන බව පැවසේ.

මිලියන 59.5 ට අයත්වන්නන් අතරින් මිලියන 19.5ක් ජනතාව තම රටෙන් පිටත සරණාගතයන් ලෙස වාසය කළ මිනිසුන් වන අතර තවත් මිලියන 1.8ක ජනතාවක් සරණාගතයන් ලෙස වර්ග කර නොතිබුනත් ආරක්ෂක ස්ථාන සොයා පලාගියවුන් ලෙස සැළකේ. තවත් මිලියන 38.2ක් තම භූමිය තුලම වෙනත් තැනකට පලා යාමට නොහැකිව සරණාගත බාවයට පත්ව තිබේ.

දළවශයෙන් ලෝක සරණාගත ජනගහණයෙන් සියයට 51ක් වයස අවුරුදු 18ට අඩු ළමයින් බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එසේම දැනට ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් 122ට එක් අයෙක් සරණාගතයෙක්, අභ්‍යන්තර අවතැන් වූවෙක් හෝ ආරක්ෂක ස්ථාන සොයා පලා යන්නෙක් බව එකසත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි.

2014 වසර අවසාන වනවිට සිරියාව ලොව වැඩිම සරණාගතයන් පිරිසක් වාර්තා වෙන රට බවට පත්වන්නේ එතෙක් එම ස්ථානයේ සිටි ඇෆ්ගනිස්ථානය අභිබවා යමිනි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us