යේමනයට ගොඩබිමින් සහ ගුවනින් ප්‍රහාර

Published in විදෙස්
Wednesday, 01 April 2015 10:44

සෞදි අරාබිය ප්‍රමුඛව අරාබි රටවල් කිහිපයක් මේ වන විට යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි. එසේම යේමනයේ සරණාගත කඳවුරක් අසලට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 40කට අධික පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වේ. මෙම මෙහෙයුම් නිසා එම ප්‍රදේශවල වැසියෝ ප්‍රදේශ අතහැර යමින් සිටින බව හමුදා ප්‍රකාශකයකු පවසා ඇත.

මේ අතර සෞදි අරාබියට අයත් නාවික හමුදා බළඇණි යේමනයේ සියලු වරායවලට ආරක්ෂාව සපයමින් සිටිනුයේ ඒවා මගින් කරැලිකරුවන්ගේ ගමන් නතර කිරීමට සහ එම වරායන් හරහා අවි ආයුධ සැපයීම නවතාලීමටයි.

හවුති ෂියා කැරලිකරුවන් පවසා ඇත්තේ තමන්ගේ අරමුණ එරට ජනපති හාදි රජය පෙරලා නව පාලනයක් ගෙන ඒම බවයි. මේ වන විට යේමනයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ජනපති හාදි සෞදි අරාබි අගනුවර වන රියාද් වෙත ආරක්ෂාව සඳහා පිටව ගොස් සිටියි. මේ අතර හිටපු ජනපති අලි අබ්දුල්ලා ස‍ලේ සටන් විරාමයක් ඇති කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ඔහුගේ ආධාරකරුවෝ ද හවුති කැරලිකරුවන් සමග එක්ව හාදි පාලනයට එරෙහිව සටන් වැදී සිටිති.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us