එයාර් ඒෂියා යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ

Published in විදෙස්
Tuesday, 13 January 2015 10:44

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එයාර් ඒෂියා ගුවන්යානයේ කළු පෙට්ටිය ඊයේ(12) දිනයේදී ඉන්දුනීසියානු කිමිදුම්කරුවන් විසින් සොයාගනු ලැබූ බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.

මෙම තොරතුරු සහිත පෙට්ටිය සහ නියමු කුටියේ තිබී ඇතැයි පැවසෙන එහි තොරතුරු සහිත පෙට්ටියද හමුව තිබෙන බවත් එම වාර්තාවේම සඳහන්ය.

නමුත් මෙතෙක් ගොඩ ගැනීමට හැකිව ඇත්තේ ප්‍රධානතම තොරතුරු සහිත පෙට්ටිය පමණක් බවත් නියමු කුටියේ පැවැති පෙට්ටිය තිබෙන ස්ථානය සොයාගෙන තිබුණද එම ස්ථානයට කිමිදුම්කරුවන් ළඟා වී නොමැත.

මතෛක් කර ඇති පරීක්ෂණවලට අනුව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇත්තේ යානය මුහුදට කඩා වැටීමත් සමග එය පුපුරා ගොස් තිබෙන බවයි.

පරීක්ෂණවලින් මළ සිරුරු 48ක් සොයාගෙන තිබේ. යානයේ සුන්බුන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලැබි තිබෙන හෙයින් දැනට පරීක්ෂණ කණ්ඩායම්වල ප්‍රධාන කාර්යය වනුයේ මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ මගීන්ගේ මළ සිරුරු සෙවීම බව බලධාරීන් පවසා ඇත.

යානය සෙවීමේ පරීක්ෂණ පවත්වන ඉන්දුනීසියානු කණ්ඩායමේ ප්‍රධානී ප්‍රැන්සිස්කස් බෑම්බෑං පවසා ඇත්තේ මේ වන විට ගොඩගෙන ඇති තොරතුරු සහිත පෙට්ටිය පරීක්ෂණයන් සඳහා ජකාර්තා නුවරට ගෙනයාමට නියමිත බවත් මුළුමනින් පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සඳහා සති කිහිපයක් ගතවන බවයි.

air-asia1

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us