පැකර්ගෙන් පෙම්වතියට කෝටියක කරාබු ජෝඩුවක්

Published in විදෙස්
Wednesday, 24 December 2014 10:11

ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඔහුගේ පෙම්වතිය ලෙස සැළකෙන මිරැන්ඩා කෙර් වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වේ.

පැකර් මෙරට තුල ජනප්‍රිය වූයේ කැසිනෝ ව්‍යාපාර ඇරඹීමට ආයෝජනය කිරීම සම්බන්ධයෙනි.

31 හැවිරිදි වියේ පසුවන මිරැන්ඩා නිරූපන ශිල්පිනියක්. පැකර් සහ මිරැන්ඩා අතර සම්බන්ධය තවමත් ලොවට අනාවරණය කර නෑ.

ඔවුන් එකට සිටින අයුරු අවසන් වරට කැමරා ඇසට හසුවුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි. ඔවුන් දෙදෙනා නිවාඩුවක් සඳහා පැකර්ට අයත් සුඛෝපභෝගී යාත්‍රාවකින් ස්පාඤ්ඤයේ වෙරළ තීරය වෙත ගොස් සිටි අවස්ථාවේදී ගත් ඡායාරූප මාධ්‍ය මගින් අනාවරණය කෙරුණා.

ඒ අනුව දැනට සති හතරකට පමණ පෙරාතුවදී තෑගි දී ඇති මෙම කරාබු ජෝඩුව පැකර් ඇයට ලබාදුන් නත්තල් තෑග්ගක් ලෙසින්ද සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට පැකර් සිය බිරිඳ වන එරිකාගෙන් දික්කසාද වී සිටින අතර මිරැන්ඩාද සිය සහකරුවා වූ ඕර්ලාන්ඩෝ බ්ලූම්ගෙන් දික්කසාද වී සිටිනවා. පැකර්ගේ මේ දික්කසාද වීමද ලොව පුරා විශාල කතාබහකට ලක්වූ සිදුවීමක්ද වුණා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us