ලෝකයේ බලවත්ම පුද්ගලයා ජනපති පුටින්

Published in විදෙස්
Thursday, 06 November 2014 10:24
පිට පිට දෙවන වසරටත් ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නම් කර ඇතැයි වාර්තා වේ. ඒ් ෆෝබ්ස් සගරාව විසින්ය.
ෆෝබ්ස් විසින් නම් කර ඇති ලැයිස්තුවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියන 48කට වගකියන රාජ්‍ය නායකයින් 17 දෙනෙකු සිටිති.
 
එහි දක්වා ඇත්තේ ක‍්‍රිමියානු අර්ධද්වීපය රුසියාව විසින් ඈඳා ගැනිම, යුක්රේනය පිළිබඳ ජාත්‍යන්තර බලපෑමට මුහුණදීම සහ චීනය සමග මැයි මසදී අත්සන් කළ ඩොලර් බිලියන 400ක ගෑස් නළ ගිවිසුම රුසියානු ජනාධිපතිවරයාට පළමු තැන පිරිනැමීමට හේතුවූ බවයි.
 
ෆෝබ්ස් සගරාව පවසන්නේ තමන් නම් කළ පුද්ගල ලැයිස්තුව දේශපාලන ආකර්ෂණය මත පදනම් නොවූ බවත් ලෝකය හැඩගැස්වන නවන සහ මිනිසුන්ගේ, වෙළඳපොළ, හමුදාවන් සහ මනස් චලනය කරන ආකාරයේ බලය දරන්නන් අදාළ කරගත් බවයි.
 
ෆෝබ්ස්  සගරාව පවසන පරිදි පුටින්ගේ රුසියාව වැඩිවැඩියෙන් ආරවුල් රහිත, අනාවැකි කිව නොහැකි, ලෝක ජනමතයෙන් සිරකළ නොහැකි, බලශක්තියෙන් පොහොසත්, න්‍යෂ්ටික බලය සහිත දාමරික රාජ්‍යයකි.
 
මේ අතර ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාට ෆෝබ්ස් ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබේ.
 
සගරාව පවසා ඇත්තේ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ගෙන් හා එබෝලා ව්‍යාප්තියෙන් පහර කෑ ජනාධිපති ඔබාමා බලය තිබුණද එය පූර්ණ ලෙස භාවිතාකරන්නට  ඕනෑවට වඩා පරෙස්සම් වන බවය.

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us