ජයලලිතා සිරගෙට යද්දී පන්නීර් මහඇමති වෙයි

Published in විදෙස්
Monday, 29 September 2014 13:17
ඉන්දියාවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට සිර දඩුවම් ලැබීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය සඳහා  ඕ.පන්නීර් සෙල්වම් පත් කර තිබේ.
ඔහු 2011 වසරේ සිට තමිල්නාඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
 
මෙලෙස තමිල්නාඩුවට නව මහඇමතිවරයෙකු පත්කරනු ලැබුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මෙනෙවියට බැංගලෝර් අධිකරණය විසින් සිව් වසරක සිරදඬුවමක් නියම කරනු ලැබීම හේතුවෙන්ය.
 
ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ සාමාජිකයින් ඊයේ  සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙසේ නව මහඇමතිවරයා ලෙස ඕ. පන්නීර් පත් කර තිබේ.
  
1991 වසරේ තමිල්නාඩු මහඇමති ධූරයට පත්වීමෙන් පසු වසර 05ක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 03 සිට 66 දක්වා වත්කම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම්ට චෝදනා එල්ලවූනි.
ඒ අනුව ජයලලිතා ජයරාම්ව බැංගලෝර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිව් වසරක සිරදඬුවමක් නියම විය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us