ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරඹේ

Published in විදෙස්
Thursday, 17 October 2024 12:23

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඊයේ(16) ආරම්භ වුණා. නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එය පැවැත්වුණේ චීනයේ බෙයිජිං හිදී.

 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබෙනවා. "සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" එහි තේමාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා, විඩියෝ ආකාරයෙන් එහිදී දේශන සිදු කළා. ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වුණා.

Shen Haixiong මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, චීන මාධ්‍ය සමූහය චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩනඟනු ඇති බවයි. එ‍සේම අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව, සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ "ගෝලීය දකුණ" විද්වත් හඬ වෙනුවෙන්, චීන මාධ්‍ය සමූහය සන්නිවේදන වේදිකාවක් සපයනු ඇතැයි ද, Shen Haixiong මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඇතුළු අමුත්තෝ මෙම සංසදයට විඩියෝ සුබ පැතුම් පළ කරමින්, ගෝලීය දකුණු විද්වත් පර්ෂද සහයෝගීතා ශක්තිමත් කිරීමේ සිය අපේක්ෂාවන් ප්‍රකාශ කර තිබෙනවා.

චීනය ලෝක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන සාමාජිකයෙක් බවට පත් ව ඇතැයි වෛද්‍ය ජී.වීරසිංහ මහතා එහිදී පැවසුවා. එළඹෙන බ්‍රික්ස් රටවල නායක සමුළුව නිසැකවම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව සඳහා විශාල ජවයක් ලබා දෙනු ඇතැයි ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් ‍කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us