අඩසිය වසකට පසු සහරා කාන්තාරයට අනෝරා වැසි Featured

Published in විදෙස්
Monday, 14 October 2024 11:04

ලොව අතිශයින්ම වියළි හා නිසරු ප්‍රදේශයක් හැටියට සැලැකෙන සහරා කාන්තාර කලාපයට හදිසියේම පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් එහි ස්ථාන රැසක් මේ වනවිට ජලයෙන් පිරී ගොස් තිබේ.

ඒ සම්බන්ධ ඡායාරූපවල දැක්වෙන්නේ වසර 50කට ආසන්න කාලයක් වියැලී තිබූ මොරොක්කෝවේ ඉරික්කි විල මේ වනවිට ජලයෙන් පිරී ඇති ආකාරයයි. පිළිස්සී තිබූ එහි තෘණ දැන් කොළ පැහැයෙන් දළු ලා ඇති ආකාරය ද දැකගත හැකිය.

ගිනිකොණදිග මොරොක්කෝවට බලපා තිබූ දැඩි නියඟය හමාර කරමින් පසුගියදා බලාපොරොත්තු නොවූ වර්ෂාවක් පතිත වූයේය. එහි කාලගුණ අංශ ප්‍රකාශ කළේ දින දෙකක් තුළ දී එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ඉක්මවා ගොස් ඇති බවයි. මෙම කලාපයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 250කට අඩුය. දකුණුදිග රබාත් නගරයට කිලෝමීටර 450ක් දුරින් පිහිටි ටග්විනිටේ ගම්මානයට පැය 24ක කාලයක් තුළ දී මිලිමීටර 100 ඉක්මවා ගිය වර්ෂාවක් ඇද හැලී තිබේ.

මොරොක්කෝ කාලගුණ විද්‍යා අංශයේ ප්‍රකාශක හුසේන් බුආවෙබ් පවසන ආකාරයට මෙය වසර 50කට පසු ඉතා කෙටි කාලසීමාවක් තුළ සහරාවට පතිත වූ විශාලම වර්ෂාවය. මේ හේතුවෙන් ඝර්ම කලාපීය කුණාටු නිර්මාණය වියහැකි බවට කාලගුණ විද්‍යාඥයෝ ඉඟි පළ කරති. ඔවුන් පවසන්නේ අධික ජල ස්කන්ධය වාෂ්ප වී ප්‍රදේශයේ ආර්ද්‍රතාව ඉහළ යෑමෙන් එහි කාලගුණ තත්ත්වයේ විපර්යාසයක් සිදුවිය හැකි බවයි. බුආවෙබ් ට අනුව එය කුණාටු තත්ත්වයකට වුවද පරිවර්තනය විය හැකිය.

මෙම වර්ෂාව පතිත වූයේ අඛණ්ඩව පැවැති වසර හයක නියං කාලයකට පසුවය. ජලය හිඟවීම හේතුවෙන් ඒ ආශ්‍රිතව වාසය කළ ජනතාව සිය වගාවන් ද අත්හැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබිණි. මේ වනවිට එහි ජලය පිරී ඇති නමුත් බලධාරීන්ගේ අදහස වන්නේ දිගුකාලීන නියඟයේ බලපෑම සමනය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි.

අධික වර්ෂාවේ අතුරු ප්‍රතිඵල ලෙස මේ වනවිට මොරොක්කෝ හා ඇල්ජීරියාවේ මරණ 20කට වඩා සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍යවල දැක්වේ. ඒ අතර වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී තිබේ. රාජ්‍ය ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ භූමි කම්පාවට මුහුණ දුන් හා මෙම වර්ෂාවෙන් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපැයීමට කටයුතු යොදා ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් කිලෝ මීටර් මිලියන 9ක් විශාල සහරා කාන්තාරය ආශ්‍රිතව ප්‍රබල දේශගුණ විපර්යාසයක් හටගත හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ කාලයක සිටය. ඒ අනුව මෙබඳු හදිසි වර්ෂා සහ කුණාටු අවස්ථා ඉදිරි කාලයේ දී නිරන්තරයෙන් සිදුවිය හැකිබව ඔවුන්ගේ මතය වේ. එමගින් ජල චක්‍රය වෙනස් වී කලාපයේ දර්ශනීය පරිසර පද්ධතිය විපර්යාසයකට ලක්විය හැකි බව ද එහි දැක්වේ.

-Aruna News Paper

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us