තෑගි ලබා ගත් කැබිනට් අමාත්‍යවරයෙකුට අවුරුද්දක සිර දඬුවම්

Published in විදෙස්
Saturday, 05 October 2024 11:25

විවිධ තෑගි ලබා ගත් බවට චෝදනා එල්ල වූ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අවුරුද්දක සිර දඬුවම් නියම කළ පුවතක් සිංගප්පූරුවෙන් වාර්තා වනවා

ඒ , සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් වන 62 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්ටයි.

සිය රාජකාරීවල නියැලෙමින් සිටියදී සිංගප්පූරු ඩොලර් 403,000 කට වඩා වටිනා තෑගි භාර ගැනීම මෙන්ම යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම යන චෝදනාවන්ට ඔහු වරදකරු වී තිබෙනවා

තෑගි අතර Formula 1 Grand Prix, Brompton T-line බයිසිකලයක්, මධ්‍යසාර සහ පෞද්ගලික ජෙට් යානයක ගමන් ප්‍රවේශ පත්‍ර ඇතුළත්.

නඩුව අධීක්‍ෂණය සිංගප්පූරු මහාධිකරණය පෙන්වා දී ඇත්තේ, අමාත්‍යවරයා අපරාධ බලය අයුතු ලෙස භාවිතා කර ඇති බවයි.
රාජ්‍ය සේවකයින්ට තෑගි ලබා ගැනීමේදී, රජයේ අපක්ෂපාතීත්වය සහ ඒකාග්‍රතාවය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වන බව එරට නියෝජ්‍ය නීතිපතිවරයා සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අමාත්‍යවරයා සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් රඳවා සිටින සිර මැදිරියෙහිම සිය දඬුවම ගෙවන බවයි.

එහිදී සිර මැදිරිවල විදුලි පංකා නොමැති අතර බොහෝ රැඳවියන්ට පිදුරු පැඳුරු මත නිදා ගැනීමට සිදුවන බවත් සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකු මෙලෙස මහා පරිමාණ දූෂණ චෝදනා විමර්ශනයකට මුහුණ දී ඇත්තේ, 1986 වසරෙන් පසුව වීම ද විශේෂත්වයක්.

1986 දී ජාතික සංවර්ධන අමාත්‍යවරයා වූ Teh Cheang Wan(ටේ චැයැන් වැන් )ට අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර තිබෙනවා.

නමුත් චෝදනා කිරීමට පෙරම ඔහු සියදිවි නසා ගෙන තිබෙනවා .

1975 දීත් හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය වී ටූන් බූන්ට දූෂණ චෝදනාවක් සඳහා මාස 18 ක සිරදඬුවම් නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

-p.m

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us