“Facebook කලේ ‘හොර’ වැඩක් නොවේ”

Published in විදෙස්
Wednesday, 02 July 2014 20:46

ලොව පුරා ආන්දෝලනයට ලක්වූ Facebook වෙබ් අඩවිය හරහා කරන ලද මනෝවිද්‍යාත්මක සමීක්ෂණයේදී ජනතාව දැනුවත් කිරීම සාර්ථකව සිදු නොවූ බව Facebook සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ෂෙරිල් සෑන්ඩ්බර්ග් (Sheryl Sandberg) පිළි‍ගෙන තිබේ.

ඇය NDTV පුවත් සේවය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් සිය ආයතනය කනගාටුව පළ කරන බව ය.

Facebook භාවිත කරන්නන්ගේ හැඟීම් පිළිබඳව ඔවුන් පළ කරන comments හරහා අධ්‍යයනය කිරීම එම සමීක්ෂණයේ අරමුණ විය.

Facebook භාවිත කරන්නන්ට කිසිදු දැනුම් දීමකින් තොරව 2012 වසරේ කරන ලද මෙම සමීක්ෂණය පිළිබඳ වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ඒ සම්බන්ධයෙන් Facebook සමාගම දැඩි දෝෂදර්ශනයට ලක් විය.

Facebook භාවිත කරන්නන් චෝදනා කළේ, සිය අනුදැනුමකින් තොරව සිය comments සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිළිබඳව දැඩි ලෙස විරෝධය දක්වන බව ය.

එය Facebook වෙබ් අඩවිය කෙරෙහි පැවති විශ්වාසය බිඳ දැමීමක් බවට ද ඇතැම් පිරිස් චෝදනා කළහ.

කෙසේ වෙතත්, Facebook සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ෂෙරිල් සෑන්ඩ්බර්ග් අවධාරණය කළේ, Facebook භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වයට මෙම සමීක්ෂණය තුළින් කිසිදු හානියක් සිදු නොවූ බව ය.

(නිව්ස් ෆස්ට්)

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us