වෙනිසියුලාවේ ඡන්ද විමසීම අවසන් -ඡන්ද ගණනය කිරීම ඇරඹේ

Published in විදෙස්
Monday, 29 July 2024 12:18

වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිට අවසන්ව ඇති අතර එහි ඡන්ද ගණනය කිරීම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂයේ නායක වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ තුන්වන වරටත් බලයට පත් වීමට ඉඩ ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කරනවා.

එරට වේලාවෙන් සවස 6ට ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට නියමිතව තිබූන ද ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පෝලිම්වල සිටින්නේ නම් ඒවා විවෘතව තිබිය යුතු වුණා.

මදුරෝගේ ප්‍රධාන අභියෝගය ලෙස සැලකෙන්නේ විරුද්ධ පක්ෂ සන්ධානයක සහාය ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ය.

පාලක පක්ෂය ඡන්ද සොරකම් කිරීමට උත්සාහ කරනු ඇතැයි පැතිරුනු භීතියත් සමග ගණන් කිරීමේ කටයුතු විපක්ෂය ඡන්ද මධ්‍යස්ථානවල සෝදිසියෙන් සිටින ලෙස ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

පසුගිය වසර 25 පුරා වෙනිසියුලාවේ බලයේ සිටි පාලක පක්ෂය හිටපු ජනාධිපති හියුගෝ චාවේස් යටතේත් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මදුරෝගේත් පාලනයට නතු වුණා.

2013 දී ජනාධිපති ධුරයට පත් වූ දා සිට, මදුරෝ පාලනය වෙනිසියුලාව ආර්ථික කඩාවැටීමකට ලක්කර ඇති අතර, එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 70% කින් හැකිලී ගියා. මිලියන 7.7 කට වැඩි පිරිසක් රට හැර ගිය බවද සඳහන්.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us