ගූගල් අඩවියට යුක්රේනය හා ඇති සබදතා සොයන්න

Published in විදෙස්
Monday, 08 September 2014 10:24

යුක්රේනයේ විශේෂ ආරක්ෂක හමුදාවන් සමග ගූගල් සමාගමට ඇති සබඳතා පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස රුසියානු පාලක එක්සත් රුසියා පක්ෂයේ මන්ත‍්‍රී එව්ගෙනි ෆ්යොදොරොව් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඉස්වෙස්ටියා පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ ගූගල් සමාගම විවෘතවම රුසියානු විරෝධී ප‍්‍රතිපත්තියක් දරමින් සිටින අතර රුසියානු පුරවැසියන් පිළිබඳ තොරතුරු යුක්රේනය වෙත සපයමින් සිටින බවයි.

ගූගල් සමාගම හා යුක්රේන ආරක්ෂක සේවය අතර සහයෝගිතා ගිවිසුමක්ද අත්සන් තබා ඇති බව තමන්ට සැලවූ බව මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

ඇමරිකාව රුසියාව දුර්වල කිරීමේ මෙහෙයුමක සිටින හෙයින් ගූගල් වැනි ඇමරිකානු සමාගම්ද එම ව්‍යාපෘතියට සහය දෙමින් සිටින බව ඔහුගේ අදහසයි.

යුක්රේනයේ ආණ්ඩු පෙරළිය වෙතද ගූගල්හි සෘජු සහයෝගය හිමිවූ බව පවසන ෆ්යොදොරොව් යුක්රේන නිදහස් දිනයදා ගූගල් ලාංඡුනයද නිල් සහ කහ පැහැයෙන් වර්ණ ගැන්වූ බව සඳහන් කර තිබේ.

මේ අතර ගෝලීයකරණයේ ගැටළු පිළිබඳ ආයතනයේ මිහායිල් ඩෙල්යාගින්ද මෙම යෝජනාව වෙත සහය කළ කර ඇත.

ඔහු පවසා ඇත්තේ ගූගල් සමාගමේ ප‍්‍රධාන කොටස් හිමියා වන වැන්ගාර්ඞ් ව්‍යාපාර සමූහය මොන්සැන්ටෝ සමාගමේ හිමිකරුද වන අතර මොන්සැන්ටෝ සමාගමට අයත් මින් පෙර බ්ලැක්වෝටර් ලෙස හැඳින්වූ ඇකඩෙමි පුද්ගලික ආරක්ෂක හමුදාව කියෙව් පාලනයට පක්ෂපාතීව සටන් වදිමින් ඇති බවයි.

Last modified on Monday, 08 September 2014 10:59

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us