ට්‍රම්ප්ට එල්ලවූ ප්‍රහාරය නිසා අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානී සිය ධුරයෙන් ඉල්ලා අස් වේ.

Published in විදෙස්
Wednesday, 24 July 2024 10:15

අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් 'සීක්‍රට් සර්විස්' හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීමත් සමග, ඇයට එල්ල වූ විවේචන හේතුවෙනි.

පසුගිය 13 වැනි දා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ඉන් ජනාධිපතිවරයා සුළු තුවාල ලැබූ අතර රිපබ්ලිකන් පාක්ෂිකයෙකු මිය ගියේ ය.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ, වෙඩික්කරු සම්බන්ධයෙන් රැළිය ආරම්භ වීමට පෙර ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තා වී තිබුණු බවයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ කීර්ති නාමයක් දිනාගෙන සිටින අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශය අදාළ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ට ප්‍රබල විවේචනයක් එල්ල විය.

මේ හේතුවෙන් එහි සම්පුර්ණ වගකීම භාරගනිමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රභූ ආරක්ෂක අංශය ප්‍රධානි කිම්බලි චීට්ල් නිවේදනය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us