ගෑස් බලයෙන් යුකේ‍්‍රනය දණගස්වන්න ව්ලැදිමීර් පුටින් සැරසේ

Published in විදෙස්
Thursday, 04 September 2014 11:35

නැගෙනහිර යුක්රේනයේ 3000ට ආසන්න පිරිසකට මරු කැඳවමින් වර්ධනය වන අර්බුදකාරී තත්වය විසඳීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කරුණු 7කින් යුත් සැලැස්මක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ මෙම කරුණු තමන් බ්ලාගොවෙස්චෙන්ස්ක් සිටි මොන්ගෝලියාවේ උලාන් බටෝර් වෙත ගමන් කරන අතරතුරදී කෙටුම්පත් කළ බවයි.

ඒ අනුව මුලින්ම ඩොනෙට්ස්ක් සහ ලූගාන්ස්ක් ප‍්‍රදේශයන් වල මිලිෂියා භටයින් විසින් ප‍්‍රදේශ අත්පත් කරගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් නැවැත්විය යුතු අතර ජනාවාස වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කළ නොහැකි දුරක් දක්වා කියෙව් හමුදාවන් පසුබැසිය යුතු බව පුටින් යෝජනා කර තිබේ.

ඉන්පසු සටන් විරාම නිරීක්ෂණය සඳහා පූර්ණ ජාත්‍යන්තර මෙහෙයුමක් සිදුකළ යුතු බව ඔහුගේ අදහසයි.

සිවිල් වැසියන් සහ ගම්මාන ඉලක්ක කර ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නැවැත්විය යුතු වන අතර පූර්ව කොන්දේසි රහිතව සිරකරුවන්/රැඳිවියන් හුවමාරු කරගත යුතු බව ඔහුගේ යෝජනාවයි.

සරණාගතයින්ට ආරක්ෂිත ප‍්‍රදේශ කරා යාමට මාර්ග සැකසිය යුතු අතර ඩොනෙට්ස්ක් සහ ලූගාන්ස්ක් ප‍්‍රදේශ අතරින් මානුෂීය ආධාර ගෙනයාම රුසියානු ජනාධිපතිවරයාගේ මීළග යෝජනාවයි.

විනාශවූ සමාජයීය යටිතල පහසුකම් පිළිසකර කිරීම සඳහා ආධාර රැගත් කණ්ඩායම් යෙදවීම එම සැලැස්මේ අවසන් කරුණ වශයෙන් දක්වා තිබේ.

කෙසේවෙතත් යුක්රේන අගමැති ආර්සෙනි යට්සෙන්යුක් පවසා ඇත්තේ රුසියානු හමුදාවන් යුක්රේනයෙන් ඉවත් වන්නේ නම් සාමය සඳහා එයම ප‍්‍රමාණවත් වනු ඇති බවයි.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us