ඉරාන ජනපතිගේ මරණය සම්බන්ධයෙන් අමෙරිකාවට චෝදනා

Published in විදෙස්
Tuesday, 21 May 2024 08:19

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මරු කැඳ වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අමෙරිකාවට චෝදනා කර තිබේ.

ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් මෙම චෝදනාව එල්ල කළේ ය.

ඔහු පවසන්නේ, අමෙරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන් යානා සහ ගුවන් යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.

ඉරාන ජනතාවට එරෙහිව අමෙරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුලත් වනු ඇති බව ඔහු සදහන් කර සිටී.

පෙරේදා (19) සිදු වූ අනතුරින්, ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හුසේන් අමීර් ඇතුළු 9 දෙනෙකු මිය ගියහ.

මේ හේතුවෙන් ඉරානයට දින 5ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us