ඉරානය කැලඹේ ! ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක Featured

Published in විදෙස්
Monday, 20 May 2024 08:47

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් මේ වනවිට ක්‍රියාන්විතයට එක්ව සිටියි.

සෝදිසි මෙහෙයුම් සඳහා 47 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කිරීමට රුසියාව සූදානම් වෙයි.

මේ අතර, විදෙස් මාධ්‍ය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේ, ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරයේ බවට සැක කෙරෙන තාප තරංග හඳුනාගෙන ඇති බවයි.

ඒ, තුර්කි ඩ්‍රෝන යානා මෙහෙයුමකින් ය.

එහෙත්, එය ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන - අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඊයේ (19) එක්ව තිබුණි.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබේ.

මේ වනවිට ඉරාන ජනතාව රට පුරා සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීමද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us