අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් ! ප්‍රහාරය සිදුකළ අය ප්‍රතිවිපාක බලාපොරොත්තු වෙන්න -ජෝ බයිඩන් අනතුරුඅගවයි

Published in විදෙස්
Monday, 29 January 2024 10:11

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ.

සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අදාළ කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව, 34 කි.

ඉරාන පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

එම නින්දිත ප්‍රහාරයෙන් අගතියට පත් පවුල්වලට ශෝකය පළ කරන බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

පෙන්ටගනයේ ප්‍රධානියා ද සඳහන් කළේ, සිය හමුදාවන්ට එල්ල වන ප්‍රහාර නොඉවසන බවයි.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us