තහනමට ලක්වූ Apple ඔරලෝසුවට අමෙරිකාවේ දොර ඇරෙයි

Published in විදෙස්
Friday, 29 December 2023 09:42

නවතම ඇපල් ඔරලෝසු ආනයනය සඳහා පනවා තිබූ තහනම අමෙරිකාව විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආනයන තහනමට එරෙහිව ඇපල් සමාගම හදිසි අභියාචනයක් ගොනු කිරීමෙන් පසු Apple හි නවතම ස්මාර්ට් ඔරලෝසුව අමෙරිකාව තුළ විකිණීමේ අවස්ථාව හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

පේටන්ට් බලපත් ගැටලුවක් මුල් කරගනිමින් Apple ස්මාර්ට් ඔරලෝසුවේ 9 කාණ්ඩය  සහ Apple Ultra 2 ඔරලෝසු අමෙරිකාව තුළ විකිණීම අත්හිටුවා තිබුණි.

සෞඛ්‍ය නිෂ්පාදන ආයතනයක් වන මැසිමෝ ආයතනය, ඇපල් සමාගමට හා කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කර තිබුණේ තම නිෂ්පාදනයක තාක්ෂණය ඇපල් 9 ඔරලෝසුව නිෂ්පාදනයේ දී ඔවුන් විසින් සොරකම් කර ඇති බවය.

මෙම ගැටලුව මුල් කරගනිමින් පසුගිය ඔක්තෝබර් මස දී ඇපල් සමාගමට තහනමක් පැන වූ අතර දින 60ක සමාලෝචක කාලයක් ලබා දී තිබුණි.

එම කාලය පසුගිය නත්තල් දිනයෙන් අවසන් වුවත්, අමෙරිකාවේ ධවල මන්දිරය තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇපල් සමාගම අභියාචනයක් මගින් තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේ ඒ අනුවයි.

ඇපල් සමාගම පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අමෙරිකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම මගින් පැන වූ තහනමට තමන් එකඟ නොවන බවත්, තහනම ඉවත් කිරීම හේතුවෙන් හැකි ඉක්මනින් අමෙරිකානු පාරිභෝගිකයන් වෙත ඇපල් 9 කාණ්ඩය සහ අල්ට්‍රා 2 ඔරලෝසු ලබා දීමට කටයුතු කරන බවයි.

-P.M

Last modified on Friday, 29 December 2023 11:53

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us