ඔවුන් මේ ආකාරයට සේවය කළ යුතුද?

Published in අනං මනං
Thursday, 09 July 2015 12:07

පසුගියදා ලෝක කම්කරු සංවිධානයේ අනුග්‍රහය යටතේ හොංකොං සහ මැද පෙරදිග කලාපයේ රටවල ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් පිලිබඳ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවා. එය නම් කර තිබෙන්නේ “No one should work this way” නමිනුයි. පහත දැක්වෙන්නේ විවිධ රටවල ගෘහ සේවය සඳහා ගොස් විවිධ අතවරයන්ට ගොදුරු වූ කාන්තාවන් පිරිසක්. ඔවුන් සියලු දෙනාට තියෙන්නේ එකීනෙකට වෙනස් කතා. නමුත් ඔවුන් විඳින සහ විඳපු පීඩාව එක හා සමානයි.

මේ කාන්තාවන්ට අමතරව ලංකාවෙනුත් උදාහරණ ඕනෑතරම් සැපයිය හැකියි. ළමා මෙහෙකාරියක් ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ අත්වැරැද්දකට ජීවිතයෙන් වන්දි ගෙවූ රිසානා සිරුරේ ඇණ ගහලා ලංකාවට එවපු ආරියවතී වගේම තවත් ඕනෑතරම් උදාහරණ ලාංකීය සමාජයෙනුත් සපයන්න පුළුවන්.

අපේ රට වගේම ආසියාවේ බොහෝ රටවල්ද යැපෙන්නෙ මෙහෙකාර සේවයේ යෙදෙමින් ඔවුන් උපයන විදේශ විනිමයෙන්. නමුත් එම කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කවුරුන්ද? අපේ රට මෙන්ම සෑම රටක්ම සිදු කරන්නේ එම වහල් වෙළඳාම තවත් ශක්තිමත් කිරීමට පියවර ගැනීම පමණයි. මේ හේතුව නිසාම රිසානාලා ආරියවතීලා වගේම සරස්වතීලා, පවිත්‍රලා බෙත්ලාත් අපිට අනාගතයේදී ඕනෑතරම් මුණ ගැසෙනු ඇත.

worker1

බෙත් අවුරුදු 20යි
පිලිපීනයේ මැනිලා නගරයේද වයස අවුරුදු 10දී බෙත්ගේ සහෝදරිය ඇයව යුවළකට විකුණා දමා තිබෙනවා. ඉන්පසු ඇයට පැවරී ඇති රාජකාරිය වී තිබෙන්නේ කිසිදු වැටුපක් නොමැතිව කුඩා දරුවෙකු බලාගැනීම සහ ගෙදර දොර සියලු වැඩකටයුතු ඉටුකිරීමයි. ඊට අමතරව අයට පහරකෑම්වලට හිංසා පීඩාවලට ලක්වෙන්න සිදුවෙලා. ඒවගේම ඇය වසර 07ක් නිවස තුල සිරගතව සිට තිබෙනවා. ඇය කිසිම අධ්‍යාපනයක් ලබා නෑ.

worker21

සුමසිරි වයස අවුරුදු 60 යි
ඇය සේවය කළ නිවසේ අයිතිකාරයා උණු වතුර ඇගේ සිරුර මතට වීසිකරලා. ඇය ලැබූ දුක් කම් කටොළු හේතුවෙන් ඇය මානසික අබාදයකට ගොදුරුව සිටිනවා.

worker3

පවිත්‍රා වයස 34යි
නේපාල ජාතික කාන්තාවක් වෙන පවිත්‍රා තමන්ගෙ සැමියාගේ අසනීපය නිසා දරුවන් හතරදෙනෙකුගෙන් යුතු තම පවුල ගොඩගැනීම සඳහා ඕමානයේ රැකියාව සඳහා ගොස් තිබෙනවා. මෙහෙකාර සේවය සඳහා ගොස් සිටි නිවසේ අයිතිකාරයා අතින් අතවරයට ලක්වෙන ඇයට මාස 5ක සිර දඬුවම් විදින්නත් සිදුවෙනවා. හිරෙන් නිදහස් වෙනකොට ඇය ගැබිණියක්. සැමියා සහ පවුල තමන්ව පිළිනොගනී කියන බය නිසාම පවිත්‍රා රහසින් නේපාලයට පැමිණෙනවා. ඇයට අවසානයේ නියමිත වැටුපවත් හිමි වෙන්නෙ නෑ.

worker4

ඉන්ද්‍රා වයස අවුරුදු 31යි
නේපාල ජාතික කාන්තාවක් වෙන ඇය කුවේට් බලා යන්නෙ සැමියා විසින් අත්හැර දාපු දරුවන් තිදෙනෙකුගෙන් යුතු තමන්ගෙ පවුල ජීවත් කරන්න. අධ්‍යාපනය ලබා නැති ඇයට ලියන්න හෝ කියවන්න හැකියාවක් නෑ. කුවේට් ගෘහ සේවය සඳහා යන ඇයට ළමයින් 12 දෙනෙකු බලාගැනීමට පැවරෙනවා. ඊට අමතරව එම නිවැසියන් විසින් පවත්වාගෙන යන ගණිකා නිවසයකත් සේවය කරන්න ඇයට සිදුවෙනවා. ඊට විරුද්ධ වෙන ඉන්ද්‍රව නිවැසියන් සෞදි අරාබි පවුලකට විකුණනු ලබනවා . සෝපානයක කේබල් එකක එල්ලී එම නිවසින් පැන ඒමට උත්සහ ගැනීමේදී ඇය තුවාල ලබනවා. තුවාල ලබා නේපාලයට පැමිණෙන ඇයව පවුලේ උදවිය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඇගේ තුවාල හේතුවෙන් ඇයට වෙනත් රැකියාවක් කරන්නත් හැකියාවක් නැහැ.

worker5

ශ්‍රීතක් වයස අවුරුදු 31යි 
ඉන්දුනීසියානු කාන්තාවක් වෙන ඇය රැකියාවක් සඳහා තායිවානය වෙත යන්නෙ තම පවුල ජීවත් කරවීම සඳහායි. ඇය උදෑසන 6 පමණ සිට මැදියම් රැය වෙනතුරු වැඩ කළ යුතු වෙනවා. ඒවගේම අයට නිවසින් පිටවීම හෝ වෙනත් අය සමඟ කතා කිරීමත් තහනම්. එක් වරක් සොරකමකට වරදකරු වීම හේතුවෙන් ඇයගේ සිරුරට උණු වතුර වත්කොට තිබෙනවා. මුහුණ හරහා තිබෙන කැපුම් පහරට අමතරව ශ්‍රීතක්ගේ සිරුරේ පහර කෑම් වලින් ලද කැළැල් විශාල ප්‍රමාණයක් තිබෙන බව පැවසෙනවා.

worker6

හරියටින් වයස අවුරුදු 36 යි
ඉන්දුනීසියානු කාන්තාවක් වෙන ඇය සෞදි අරාබියට යන්නෙ තමන්ගෙ දරුවා ජීවත් කිරීමේ අරමුණින්. දරුවන් නව දෙනෙකු බලා ගැනීමයි ඇයට පැවරෙන රාජකාරිය. මීට අමතරව ඇයට එම නිවසේ අයිතිකාරියගෙන් බැණුම් ඇසීමට සහ පහර කෑම්වලට ලක්වෙන්න සිදුවෙනවා. හිසට එල්ල වී ඇති තදබල පහරක් නිසා හරියටින්ගේ පෙනීම නැතිව ගොස් තිබෙනවා.

worker7

සරස්වතී වයස අවුරුදු 20යි
නේපාල ජාතික තරුණියක් වෙන සරස්වතීව වයස අවුරුදු 12දී මෙහෙකාර සේවය සඳහා යෙදවෙන්නෙ පවුලේ දුප්පත් කමයි. ඇයටත් මෙහෙකාර සේවයට අමතර ගුටිබැට ඇනුම් බැනුම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එම නිවසෙන් පලා යන ඇය වෙනත් නිවසක සේවය සඳහා යෙදවෙනවා. එතනදිත් සරස්වතීට සිද්ධ වෙන්නෙ ගුටිබැට කන්නයි. ඇගේ මුහුණේ වගේම ඇඟ පුරාම තුවාල කැළැල් පවතිනවා. දැන් ඇය මෙහෙකාර සේවයේ යෙදෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒවගේම තමන්ගෙ තමන් වැනි කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන්න වගේම අනිත් අය දැනුවත් කරන්නත් සරස්වතී උත්සහ ගනිමින් සිටිනවා.

 

අන්තර්ජාලය ඇසුරිණි
සටහන - සිතාරා කුලරත්න

Last modified on Thursday, 09 July 2015 12:29

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us