විවාහයට පෙර ලක්ෂ 20 ක බැංකු තැන්පතුවක් ඉල්ලපු නිළිය

Published in අනං මනං
Friday, 01 August 2014 12:20

ස්වාධීන රූපවාහිනිය මගින් සංවිධානය කල අවරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණයකොට ටෙලි නාට්‍යය රංගනයට පිවිසි දිලිනි ලක්මාලි වසර තුනක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ තවත් යොවුන් ටෙලි නළුවෙකු වූ මෙන්ම නිවේදකයෙකු වූ ශෂිරංග වික්‍රමසේකර සමගින්ය.

මෙම ප්‍රේම සම්බන්ධතාවය පසුගිය කාලයේ අවසන්වූ අතර එයට හේතුවුයේ දිලිනි තමාගෙන් ලක්ෂ 20ක බැංකු තැන්පතුවක් ඉල්ලා සිටි හේතුවෙන් බව ශෂිරංග විසින් මාධ්‍යයට හෙළිකොට ඇත. 

මෙම ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව දිලිනි ඒ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වා තිබුනේ පහත පරිදිය

නතර කරන්න හේතුව ඇහුවට කමක් නැද්ද?


මම සම්බන්ධය පටන් ගත් දා ඉඳලම මාධ්‍යයට කිසිම දෙයක් හැංගුවේ නැහැ. නොගැළපීමක් හේතු වුණා. අපි දෙන්නාගේ ම අඩු පාඩු තිබුණා ඒවා හදා ගන්න උත්සාහ කරලත් තියෙනවා. කොච්චර ආදරේ කළත් මනුස්සයෙකුට මනුස්සකම කියන දේ තියෙන්න ඕනේ. 

ඔහු කියලා තිබුණා මට දෙන්න ඔහු ළඟ ආදරේ තිබුණට සල්ලි නැති බව. අපේ සම්බන්ධය පටන් ගත්තේ ඔහු ගේ තරාතිරම සල්ලි තියෙනවද නැද්ද කියලා හොයලා නෙමෙයි. එතකොටත් ඔහු සල්ලි කාරයෙක් නෙමෙයි නේ. ඒ ආදරේ මම විශ්වාස කළ නිසයි.

නොගැළපීම් වටහා ගන්න වසර තුනක්ම ගියාද?


මනුස්සයා කියන කෙනා කොච්චර කාලයක් ආශ්‍රය කළත් වටහා ගන්න අමාරුයි. හැබැයි එක මනුස්සයෙක් කරන වැරැද්දක් නිසා අනිත් හැම කෙනා දිහාම තරහෙන් බලන්න මට ඕනේ නැහැ. මම ගොඩාක් මගේ පවුලට ආදරෙයි. අපේ පවුලට හොඳ බෑණා කෙනෙකුයි ඕනේ කරලා තිබුණේ. 

නමුත් හොඳ බෑණා කෙනෙක් වෙන්න ඔහුට තිබුණ නොහැකියාව නිසා මේ සම්බන්ධ නතර කරන්න සිදු වුණා. කෙහොමත් නොගැළපෙන විවාහයක් කරගෙන දුකකින් කෙළවර වෙනවට වැඩිය කතා බහ කරලා වෙන් වෙන එක හොඳයි.

ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව ශෂිරංග මාධ්‍යයට පලකල අදහස් බලන්න පහතින්


වසර තුනක පෙම්කතාව නිමා කළේ ඔබද ඇයද?


ඇයයි මේ තීරණය ගත්තේ, අපේ සම්බන්ධය නතර කරන්න. එයට ඇය විවිධ හේතු කියනවා. අවංකවම අදටත් මම දන්නේ නැහැ ඇය මේ සම්බන්ධය බිඳ දමන්න හේතුව.


කලා ක්ෂේත්‍රයේ ආදරයක් බිඳ වැටුණාම දෙදෙනා දෙපැත්තකට වෙලා එක එක්කෙනාට චෝදනා කර ගන්නවා නේද? ඒ ගැන මොකද හිතෙන්නේ?


එය වැරදි දෙයක්. ඒත් ඇය මට කරන චෝදනාවලට මා පිළිතුරු දිය යුතුයි. ඇගේ නිවෙසින් අපේ සම්බන්දෙට අකැමැති වුණා. මාව ප්‍රතික්ෂේප කරන කොටත් අපි දෙන්නා වෙන්වෙන්නේ නැතිව හිටියා. ඇය ආදරේදී මට වඩා කැපකිරීම් කළ අවස්ථා තිබුණා. ඒ ආදරේ නිසා. 

ඇය මාධ්‍යයට කිව්වේ ඇය ආදරේ කරන්නේ ඇගේ පියා වගේ ගතිගුණ තිබෙන කෙනෙක්ට කියලා. මං එයාට ගොඩක් ආදරෙයි. මනුස්සකම උතුරන කෙනෙක් මං කියලා එයා මාධ්‍යයට එහෙම කිව්වා. අද ඒ කටින්ම ඒ දේවල්වල අනික් පැත්තයි ඇය කියන්නේ. සමහර කාලවලදී සමහර අයට ජීවිතේ තරම් වටින කෙනෙක්, ප්‍රිය කරන කෙනෙක් නැහැ කියල කියන අයට ඒ දේවල් නැතිවුණාට පසුව මගේ ජීවිතේ එපාම කරපු මට වද දීපු මාව විනාශ කරපු නැති කරපු කෙනා එයා කියලා හඳුන්වනවා.

ඔබ සල්ලිවලට ආදරය මායිම් කළ බවටත් ඇය චෝදනා කරනවා.


එය බොරුවක්. මේ වසරේ අපි විවාහ වෙන්නයි හිටියේ. ඇය අපේ සම්බන්ධය නතර කළ විටත් මම ඇය අත්හැරියේ නැහැ. මම මාස තුනක් පුරාවට මේ දේවල් විසඳගන්න ඇයත් සමඟ කතා කළා. ඒත් ඇය පැවසුවේ ලක්ෂ විස්සක් ඇගේ ගිණුමේ තැන්පත් කරනවා නම් මාත් සමඟ විවාහ වෙන්න ඇය සූදානම් ‍බවයි. ඇය වගේ මම සල්ලි බලල ඇයට කවදාවත්ම ආදරේ කළේ නැහැ.

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us