ජීවිතය වෙනුවට මරණය ඉල්ලන ලෝරා

Published in අනං මනං
Saturday, 04 July 2015 12:27

ජීවත් වෙන්න තරම් හේතුවක් නැති උනාම මරණය විසඳුම කරගන්න මිනිස්සු ලෝකෙ ඕනෑතරම් ඉන්නවා. අපි ඔවුන්ට විවේචන එල්ල කරනවා වෙනුවට ඒවාට බලපාන හේතු කාරණා පිලිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුයි නේද?

බොහෝවේලාවට මේ ආකාරයේ මරණය තෝරාගැනීම් වලට එහෙම නැත්තම් සියදිවි නසා ගැනීම් වලට බලපාන්නෙ මානසික රෝග. මානසික රෝග සඳහා බලපාන සමාජීය, දේශපාලනික සංස්කෘතික කරණ ඕනෑතරම අපේ සමාජයේ තියෙනවා. එවැනි කාරණාවලට විසඳුම් නොදී මරණය විසඳුමක් ලෙස ලබාදීම කොයිතරම් දුරට සාධාරණද?

 බෙල්ජියමේ වෛද්‍යවරුන් කණ්ඩායමක් අධික ආතතියෙන් පීඩා විඳින කාන්තාවකට සියදිවි නසාගැනීමේ අයිතිය ලබාදීලා තියෙනවා. බෙල්ජියම් පුවත්පතක් වන De morgan වාර්තා කරන පරිදි 24 හැවිරිදි ලෝරා නම් තරුණියක් තමන් කුඩා කාලයේ ඉඳලම විෂාදය නම් මානසික රෝගයෙන් පීඩා විඳින බැවින් තමන්ට ජීවිතය නැති කර ගැනීමට අවශ්‍ය බව ඉල්ලා තිබෙනවා.

ඇය මෙම පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන්ගේ මරණය තමන්ට විකල්පයක් නොවන බවයි. තමන්ට කිසියම් හෝ විකල්පයක් තෝරාගැනීමට තිබුණි නම් තමන් ජීවිතය තෝරාගන්නා බවත් නමුත් තමන් සිදුකළ කිසිවක් සාර්ථක නොවූ නිසා මෙම තීරණයට එළඹි බව ඇය පවසනවා.

ලෝර මේ වෙනකොට තමන්ගේ අවසන් කැමැත්ත වගේම  අවමඟුලත් සැලසුම් කර අවසන්. තමන් ස්ථාවර පවුලක ඇතිදැඩි වුවත් තමන්ගේ කුඩා කාලය මෙම තීරණය සඳහා හේතු වූ බව ඇය පවසනවා.

ලෝර මරණය පත්වන දිනය තවමත් තීරණය කර නොමැති වුවත් මෑත කාලයේ තම ජීවිතය අවසන් කරගැනීමට  උත්සහ කරන බෙල්ජියම් තරුණ පිරිස අතරට ඇයත් එක් වේ.

බෙල්ජියම 2003 වර්ෂයේදී අනයාස මරණය නීති ගත කර තිබෙනවා. අනයාස මරණය කියල අදහස කරන්නෙ යම්කිසි වේදනාවකින් හෝ විඳවීමකින් මිදීම සඳහා මරණය වැළඳ ගැනීමේ ක්‍රියාවලියයි.  එසේම ලෝකයේ බොහෝ රටවල් විවිධ රෝගාබාධවලින් පෙලෙන පුදගලයන් වෙනුවෙන් යැයි පවසා අනයාස මරණය නීති ගත කර අවසන්.

නීතිය සම්මත කිරීමෙන් අනතුරුව බෙල්ජියම තුල පමණක් වසරකට මෙවැනි මරණ 1400ක් පමණ සිදුවන බව වාර්තා වේ. එසේම බෙල්ජියම් පාර්ලිමේන්තුව 2013 වසරේ සදාකාලික රෝගාතුරව පසුවන දරුවන් වෙනුවෙන් අනායාස මරණය ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකුල කිරීමත් සමඟ මරණ ඉල්ලුම් කළ ප්‍රමාණය 1800 දක්වා වැඩි වී තිබේ.

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us