ලංකාවේ ළමා අපචාර ගැන චිත්‍රපටයක් ලෝක වාර්තාවක් තියයි (photos)

Published in අනං මනං
Thursday, 18 June 2015 14:30

පැය හැටපහක කාලයක්‌ තුළදී චිත‍්‍රපටයක්‌ නිමා කර ප‍්‍රදර්ශනය කරමින් ගිනස්‌ වාර්තාවක්‌ තැබීමට ශ්‍රී ලාංකික ශිල්පීන් කණ්ඩායමක් සමත්ව තිබේ. 'බාඳුරා"නමින් වන මෙම චිත්‍රපටය මෙරට ළමා අපචාර පි‍ටුදැකීම තේමාකරගෙන නිපදවා ඇති අතර මෙහි අධ්‍යක්ෂකවර්යා වන්නේ ක්‍රිස් ඇන්ටනි මහතායි.

ක‍්‍රිස්‌ වෘත්තියෙන් නිදහස්‌ කලාකරුවෙකි. චිත‍්‍රපට, ටෙලිනාට්‍ය සහ වෙළෙඳ ප‍්‍රචාරක වැඩසටහන්වල සහාය අධ්‍යක්‍ෂවරයකුද, වෘත්තීය වාණිජ හා කලා ඡායාරූප ශිල්පියකුද, වාර්තා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකුද ලෙස ඔහු කටයුතු කරයි.

දින දහයක සහ පැය හතරක කාලයක්‌ තුළ එනම් පැය 244 කදී චිත‍්‍රපටයක්‌ කර මේ වනවිට ගිනස්‌ වාර්තාවක්‌ තබා තිබෙන්නේ නැම්බියානු ජාතිකයෙකි. ඔහුගේ වාර්තාව ශ‍්‍රී ලාංකිකයකු විසින් බිඳ දමමින් පැය 71 කුත් විනාඩි දහනවයක්‌ තුළ චිත‍්‍රපටයක්‌ නිර්මාණය කර ඇතත් මෙතෙක්‌ ඊට ගිනස්‌ සහතිකය ලැබී නැත.

ක‍්‍රිස්‌ ඇන්තනි පැය 65 ක්‌ තුළදී සම්පූර්ණයෙන්ම චිත‍්‍රපටයක්‌ නිමවා තිරගත කිරීම කරන්නේ ඉහත වාර්තා දෙකම බිඳ දමා තිබේ.

බාඳුරා චිත්‍රපටය සඳහා මල්කාන්ති ජයසිංහ, දර්ශන් ධර්මරාඡ්, තක්‌ෂිලා රූපසිංහ, හෂාන් ෆොන්සේකා, සුරංග ගාල්ලගේ, ප‍්‍රදීප් කුමාර්, සමීර දිල්හාන් රංගනයෙන් දායක වී ඇත. කැමරාකරණයෙන් චමිත් අලහකෝන්, සහය අධ්‍යක්‍ෂණය ලලිත් වරුණ රාජපක්‍ෂ, කලා අධ්‍යක්‍ෂණය මනස්‌ටිනා ප‍්‍රනාන්දු, ඇඳුම් නිර්මාණය, නිරෝමි ආරුමුගම්, නිෂ්පාදන කළමනාකරු ප‍්‍රසාද් ඇන්ටනි, වේෂ නිරූපණය, වී. ජී. රුචිර සංජීව, සංස්‌කරණය ශාන් අල්විස්‌, සංගීතය රෙක්‌ස්‌ රමේෂ් කුමාර සහාය වී ඇත.

චිත්‍රපටය සඳහා ඇමරිකාවේ වයර්ලස්‌ ෂොප් ආයතනය මූල්‍ය අනුග‍්‍රහය දක්‌වයි.

අපචාරවලින් දරුවන් බේරා ගැනීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීම මේ චිත්‍රපටයේ අරමුණ බවයි අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ.

bandu2

bandu3

bandu4

bandu5

bandu6

bandu8

bandu9

bandu10

bandu11

bandu12

bandu13

bandu14

bandu15

bandu16

bandu17

bandu18

bandu19

bandu20

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us