සනීගේ රෝස තොල් වීඩියෝවට පුළුල් ප්‍රචාරයක්

Published in අනං මනං
Sunday, 27 July 2014 09:54

අතිශයින් ජනපි‍්‍රය බොලිවුඞ් චිත‍්‍රපටයක් වුණු ‘හේට් ස්ටෝරි’ චිත‍්‍රපටයේ දෙවැන්න ‘හේට් ස්ටෝරි 2’ තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටයේ සරාගී ගීතයක් මේ වනවිට අන්තර් ජාලයේ යූ ටියුබ් අඩවියට එක් කර ඇති අතර, එම වීඩියෝ ව මිලියන දෙකකට වැඩි පිරිසක් මේ වනවිට නරඹා ඇතැයි ද පැවැසෙයි.

ඊට ප‍්‍රධානතම හේතුව බොලිවුඞ් සරාගිනිය සනී ලියොන් එම ගීතයට පමණක් නොව ‘හේට් ස්ටෝරි’ චිත‍්‍රපටයට රංගනයෙන් එක් වී සිටීම නිසාය.

‘මීට් බ‍්‍රදර්ස්’ විසින් රචනා කළ මෙම ගීතයේ රූප රචනය කළේ උමා ගයිති ය. ‘හේට් ස්ටෝරි 2’ චිත‍්‍රපටයේ ප‍්‍රචාරක ගීතයක් වන මෙම ගීතය එළිදැක්වීම සිදුවූයේ ඉකුත් 3 වැනිදා ය. පළමු දින දෙකේදී මෙම ගීතය නැරඹු පිරිස 1,281,224 ක් බව ඉන්දිය පුවත් සේවා වාර්තා කළේය.

‘හේට් ස්ටෝරිස් ’ චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ ටී සිරියස් චිත‍්‍රපට නිෂ්පාදන සමාගම වන අතර පින්ක් ලිප්ස් ගීතය ගායනා කරන්නේ ආධුනික ගායිකා කුෂ්බෝ ග්‍රෙවාල්ය. මෙම සරාගී ගීත වීඩියෝව දින දෙකක් තිස්සේ රූ ගත කළ බවද පැවසෙයි.

ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් කැනේඩියානු ‘නිල් චිත‍්‍රපට’ නිළියකි. මේ වන විට බොලිවුඞ් නිළියක ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍්‍රපට සුරූපිනියක ලෙසිනි. එක රැයින් ඉන්දියාව කැළැඹීමට සමත් වූ ඇය, ඉන්දීය දේශපාලන කරළියේ ද කතාබහට ද ලක් වී සිටින්නීය.

සනී ලියොන් උපත ලැබුවේ කරන්ජිත් කෝර් වොහ්රා යන නමිනි. ඒ, 1981 වසරේ මැයි 13 වැනිදා ය. ඇය උපත ලැබුවේ කැනඩාවේ ඔන්ටැරියෝහි නුවරදීය. ඇගේ මවත් පියාත් කැනඩාවේ පදිංචියට ගොස් සිටි සීක් යුවළකි. සනීගේ පියා ටිබෙට් ජාතිකයකු වන අතර ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචිව සිට පසුව කැනඩාවට ආ අයෙකි. සනී ලියොන්ගේ මව ඉන්දියාවේ හිමාචල් ප‍්‍රාන්තයේ සර්මූර් නුවර උපත ලැබූ තැනැත්තියකි. මේ වනවිට මොවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.

සීක් පවුලක දැරියක වුවත් සනී අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකිනි. කුඩා කාලයේ සිටම ඇය දඟකාරය. කී‍්‍රඩාවට දක්ෂය. හොකී, බාස්කට් බෝල් ඒ අතරින් කැපී පෙනෙයි.

උසස් අධ්‍යාපනය අවසන් කර, උපාධිධාරිණියක ලෙස සනී, සරසවියෙන් පිටවූයේ 1999 වසරේදීය. ඒ වනවිට ඇයට පෙම්වතුන් කිහිප දෙනකු සිටි බව ඇය පසු කලෙකදී කියා තිබුණි. ඇගේ පළමු පෙම්වතා ඇයට හමුවී ඇත්තේ වයස අවුරුදු 16 දීය.

තමන්ට නිරූපිකාවක හෝ නිළියක හෝ වීමේ ආසාවක් නොතිබුණු බව සනී වරක් පවසා තිබුණි. ගිණුම් අංශයෙන් ඇය දස්කම් දැක් වූ නිසා ඇය ගිණුම් ආයතනයකත් පසුව බේකරියකත් සේවයට ගියාය. ඒ, 2000 වසරේදීය. එම වසර අවසානයේදී, ඇය හෙදියක් වීමේ අපේක්ෂාවෙන් හෙද පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළාය.

හෙදියක් වීමට පුහුණු වෙද්දී ඇයට හමුවුණු යෙහෙළියක ඇය ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සැපැයීමේ ආයතනයක ඒජන්තවරයකුට හඳුන්වා දුන්නාය. සුරූපිනියක වූ නිසාත් සුන්දර සිරුරකට හිමිකම් කී නිසාත්, සනී ලියොන්ට නිරූපිකාවක වීමට අවස්ථාවක් උදා විය.

සනී නිරූපිකාවක ලෙස කැනඩාවේ ප‍්‍රසිද්ධියට පත් වූයේ 2001 වසර මැද සිටය. 2002 වසර අවසන් වෙද්දී ඇය ලෝ පුරා ප‍්‍රසිද්ධ නිරූපිකාවක් වූවාය.

කැනඩාවේ පදිංචි වී සිටියත් තමා ඉන්දියානුවකු යැයි පැවැසීමට සනී ලියොන් පි‍්‍රය කළාය. ඇය එසේ කීවේ ඉමහත් ආඩම්බරයෙනි. ඇය ඉන්දියාවට යෑමට ආශා කළත්, ඒ සඳහා ඇයට අවස්ථාවක් උදා වූයේ නැත. ඉන්දියාවට ඒමට සනීට අවස්ථාව උදා වූයේ 2011 වසරේදීය. මේ වනවිට ඇය විවාහක කාන්තාවක ද වූවාය. ඇය ඉන්දියාවට පැමිණියේ සැමියා ඩැනියෙල් වෙබර් ද සමඟය.

ඇය ඉන්දියාවට පැමිණියේ විශේෂ ආරාධනාවකිනි. ඒ, කලර්ස් නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන් මාලාවට සම්බන්ධ වීමටය. ‘බිග් බොස්’ වැඩසටහනේ මෙහෙයවීම් කළේ බොලිවුඞ් නළු සන්ජේ දත් ය.

සනී ලියොන් එම රියැලටි වැඩසටහනට සම්බන්ධ වීමත් සමඟ, එම වැඩසටහන එක රැුයින් අතිශයින් ජනපි‍්‍රය විය. සනී ලියොන් ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඒ අනුවය.

‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වී සිටිද්දී, ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය බොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන මහේෂ් භාත්, සනී හමුවීමට පැමිණියේය. ඔහු සනීට ඇරැුයුමක් ද කළාය. ඒ, ‘ජිසම්’ චිත‍්‍රපටයේ දෙවැනි කොටසේ ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑමට එක් වන ලෙසටය. ඇය එක පයින් එම ආරාධනාව පිළිගත්තාය. මේ වනවිට සනී ලියොන් බටහිර චිත‍්‍රපට කිහිපයක සුළු චරිතවලට සම්බන්ධ වී තිබුණි. ඒ අනුව රංගනය ඇයට අලූත් දෙයක් නොවිණි.

‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ඇය සරාගී චරිතයකට පණ පෙව්වාය. ඇගේ අඩ නිරුවත් ඡුායාරූප රැුගත් පෝස්ටර චිත‍්‍රපටය එළිදැක්වීමට පෙර සිට, පමණ ඉක්මවා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජිසම් 2 චිත‍්‍රපටයේ රූගත කිරීම් ශී‍්‍ර ලංකාවේදී ද සිදුවූ අතර සනී ලියොන් මෙරටට පැමිණියාය. ඇය මෙරටට පැමිණියේ ද ඇගේ සැමියා සමඟය.

2006 වසරේ දී, සනී ලියොන්ට කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමිවිය. කෙසේ නමුත් ඇය වැඩිපුර පි‍්‍රය කළේ කැනඩාවේ වාසය කිරීමටය. ‘ජිසම් 2’ චිත‍්‍රපටය තිරගත වීමත් සමඟ 2012 වසරේ අපේ‍්‍රල් 14 වැනිදා, බොලිවුඞ් සිනමාවට පිවිසෙමින් සනී ලියොන් ෆිල්ම්ෆෙයාර් සඟරාවට කියා තිබුණේ, ඇය දැන් ඉන්දියාවේ පදිංචිකාරියක කියාය.

ඉන්දියාවේ ‘නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් ඇය කියා තිබුණේ කුමන රටේ සිටියත් ඇය සැමදාම ඉන්දියානුවකු කියා ය. ඊට හේතුව ඇගේ මව සැබෑ ඉන්දියානුවක- යැයි ඇය පැහැදිලි කර තිබුණි.

විවේකීයව සිටිද්දී, චිත‍්‍ර ඇඳීම, අශ්වයන් පිට යෑම, පොත් කියැවීම, පරිගණක කී‍්‍රඩා කී‍්‍රඩා කිරීම, සිම්ප්සන්ස් කාටූන් කතා මාලාව සහ ඩිස්කවරි නාළිකාව නැරැඹීමට තමා පි‍්‍රය කරන බව සනී පවසා තිබේ.

sunny-leone-2

 

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us