ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35. (1)
මේ වන විට මුග්ධ මන්ත්‍රීවරු පිරිසක් මහජන මුදලින් තම බඩවියත රැකගනිමින් ම පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක යෙදී සිටිති. ඒ අතර ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම ඉදිරියට කැඳවීම වළක්වන්නැයි ඉල්ලා ඔහුට හිතෛෂී හොරු රැළක් ද සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටිති. මේ සියල්ලෝ ජනාධිපති මුක්තිය පිළිබඳ තර්ක ඉදිරිපත් කරති. ඉහත ප්‍රකාශයට අනුව ජනාධිපති තනතුර දරන තැනැත්තා අධිකරණය ඉදිරියට හෝ වෙනත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට කැඳවිය නොහැක්කේ එකී තනතුර දරනතාක් පමණි. ‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තකු විසින්’’ යනුවෙන් සඳහන් කොට ඇත්තේ එහෙයිනි.
එසේ නම් මේ මොහොතේ දී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යනු කිසිඳු නිලයක් නොදරන ‘හිටපු ජනාධිපතිවරයෙකි’; විශ්‍රාමික සාමාන්‍යය පුරවැසියෙකි. ඔහු මේ මොහොතේ අල්ලස් කොමිසම ඉදිරියට කැඳවීම කිසිසේත් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභවා කටයුතු කිරීමක් නොවේ. එහෙත් මේ සම්බන්ධයෙන් රටේ ජනතාව ගේ දැනුවත් භාවය අවම ය. එය දඩමීමා කරගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි මන්ත්‍රිවරු සහ මුග්ධ ජනතාවෝ වලිගය පාගාගෙන දඟලති. සට්ටැඹියෝ වුව ද රටේ මහජනතාව පිළිබඳ යම් සමාවක් ප්‍රදානය කළ හැකි ය. මන්ද ඔවුහු මේ සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් භාවයක නොමැති බැවිනි. එසේ වුව ද මේ මොහොතේ පාර්ලිමේන්තුවේ රැඳෙමින් එහි සම්ප්‍රදාය ද තුට්ටුවකට මායිම් නොකරමින් සභාගර්භයේ රැඳි සිටින මුග්ධ රැළට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු ය; මෙවුන් විරෝධතාවයේ යෙදෙන මොහොතේ ද යැපෙන්නේ ජනතාවගේ මුදලිනි. මෙය අඛණ්ඩ උපවාසයක් යැයි හැඳින්වුව ද එය අමූලික බොරුවකි; මහජනයා මුළා කරන්නකි.
ජනාධිපති ධුරය දරන මොහොතේ අදාළ පුද්ගලයා අධිකරණයක් ඉදිරියට හෝ කිසිඳු විනිශ්චය සභාවක් ඉදිරියට කැඳවිය නොහැකි වුව ද මේ මොහොතේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එකී මුක්තියට හිමිකම් නොකිය යි. එහෙයින් ඔහු මේ මොහොතේ කළ යුත්තේ තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකිරීමට යන පරීක්ෂණයට සහය දීම ය. එසේ නොකොට තැන් තැන්වල ගොස් බෝධි පූජා තබමින් ‘‘මෙන්න මාව අල්ලස් කොමිසමට කැඳවන්න හදනවෝ...! අනේ මාව බේරාගනියෝ...!!’’ කියමින් ජනතාව ඉදිරියේ පිංසෙණ්ඩු වීම නොවේ. එය ඔහු විසින් ම තම අභිමාණය කෙලෙසා ගැනීමකි. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එය ද මහලොකු කජ්ජක් නොවේ. ඔහු එතරම්ම ලජ්ජා බියකින් තොර මිනිස් ජීවියෙකි.
පාර්ලිමේන්තුවේ ඔලමොට්ටලයෝ
පාර්ලිමේන්තුවේ ප්‍රධානයා වන්නේ කතානායකවරයා ය. ඔහු රටේ පවතින නීතිය සපුරා ම දැන සිටින්නෙකි. එහෙත් මේ මොහොතේ ඔහු ද ක්‍රියා කරමින් සිටින්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් මෙන් ම රටේ නීතිය හැල්ලුවට ලක්කරමිනි. හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැදවිම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ප්‍රධානයා පාර්ලිමේන්තුවට කැඳවිමට කතානායකවරයාට කිසිඳු බලයක් නොමැත. එහෙත් මේ මොහොතේ ඔහු තම නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් තම පරම්පරාවේ සොරුන්, දූෂකයන්, වංචාකරුවන් බේරාගැනීම උදෙසා අල්ලස් කොමිසමේ මේ මොහොතේ සිටින ප්‍රධානයා පාර්ලිමේන්තුවට කැඳවා ඇත. සැබැවින් ම මෙය නීත්‍යානුකූල නොවන සහ ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කිරීමකි.
මේ මුග්ධ මන්ත්‍රී රැළ ගෙනෙන අනෙක් තර්කය නම් තිස්ස අත්තනායකට ඇමති පදවිය පිරිනැමීම වරදක් නම් මේ මොහොතේ ඇමති පදවි දරන්නන්ට එකී පදවි පිරිනැමිම ද වරදක් බවයි. රටේ සාමාන්‍යය පුද්ගලයකු එසේ පැවසුවා නම් නොදන්නාකමට යැයි සිතා නිහඬ විය හැකිය. එහෙත් මෙසේ පවසන්නේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඇමතිධුර දැරු ඔළ මොට්ටළයෝ ය. රටක මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් කැඳවා තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඇමති පදවියක් පිරිනැමිම නොව තාවකාලික පදනම යටතේ රාජ්‍ය සේවෙය් නියුතුව සිටි කම්කරුවකු ස්ථිර කිරීම පවා නීති විරෝධී ය. අද පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳෙමින් මහජන මුදලින් කුස පුරවාගන්නා යාචක පිරිස මෙය නොදන්නවා නම් ඔවුන් පාර්ලිමේන්තුවට නොව කසළ ශෝධක තනතුරටවත් නුසුදුස්සෝ ම වෙති.
කතානායකවරයා සිතා සිටින්නේ තවමත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මේ රටේ ජනාධිපති කියාය. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිදු කළ ආකාරයට ම රාජපක්ෂ පරපුරට අවැසි ආකාරයෙන් පාර්ලිමේන්තුව හසුරවන්නේ සහ නීතිය තමන් අතට ගෙන ක්‍රියා කරන්නේ එහෙයිනි. මේ සියල්ල තම බලය අයුතු ලෙස භාවිතා කිරීමකි; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. අරුමය වන්නේ කතානායකවරයා මෙලෙස අත්තනෝමතික ලෙස ක්‍රියාකරද්දි මේ මොහොතේ විධායක ජනාධිපතිධුරය දරන මෛත්‍රීපාල සිරිසේම මහතා ද නිහඩව සිටීම ය.
කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට පොලිසිය හෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැරසෙන්නේ නම් අපේක්ෂිත ඇප ඉල්ලීමට රටේ පුරවැසියකුට අයිතියක් ඇත. එමෙන් ම යම් පුරවැසියකු අල්ලස් කොමිසම ඉදිරියට කැඳවිමට එකී ආයතනය කටයුතු කරන්නේ නම් අධිකරණයට කරුණු ඉදිරිපත්කොට ඊට එරෙහි වාරණ නියෝගයක් ලබාගැනීමට අදාළ පුද්ගලයාට හැකියාවක් පවතී.
එසේ තිබිය දි පර්සි මහේන්දු රාජපක්ෂ අල්ලස් කොමිසමට රැගෙන යාම වැළැක්වීම සදහා මහජන මුදලින් කුසපුරවාගනිමින් පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටීම විළිලජ්ජාසහගත, අමනොඥ ක්‍රියාවකි. ගමේ භාවිත භාෂාවෙන් පවසන්නේ නම් ‘‘දෙක පහේ’’ වැඩකි. එහෙයින් මේ මුග්ධ රැළට පැවසිය යුත්තේ කරන විරෝධයක් එළියට පැමිණ කරන ලෙසයි. මන්ද මේ අමන රැළ පාර්ලිමේන්තු සභාගැබ තුළ උද්ඝෝෂණය කරද්දී ඒ සඳහා වැය වන විදුල් බිල ද, ජල බිලද, ආහාර-පානාදියට වැය වන බිල ද ගෙවිය යුත්තේ මහජන මුදලිනි. තව දුරටත් එසේ වන්නේ නම් උද්ඝෝෂකයන්ට මහජන මුදලින් පහසුකම් සපයන එකම රට ‘‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’’ ලෙස ගිනස් පොතට එක්වන බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කළ යුතු ය.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.