විමුක්ති කුමාරතුංග පිඹුරෙක් මුදාගෙන

Published in අනං මනං
Tuesday, 07 April 2015 10:58

බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි සර්පයෙකු කිසිදු හානියක් නොමැතිව අල්ලා ගැනීමට හිටපු ජනාධිපතිනියගේ පුතු වන විමුක්ති කුමාරතුංග මහතා සමත් වී තිබේ.

අදාළ මෝටර් රථයේ සුක්කානම ආසන්යේ පිඹුරු වර්ග‍යට අයත් සර්පයෙකු සිට ඇති බවත්, ඉන් අනතුරුව මොටර් රථයේ Dash board එක තුළට මෙම සර්පයා රිංගා‍ගෙන ඇති බවත් සඳහන්ය.


එහිදී මොටර් රථයේ හිමිකරු විසින් විමුක්ති කුමාරතුංග මහතාට දුරකථනයෙන් පණිවිඩයක් ලබාදී ඔහු ගෙන්වා ගෙන තිබේ.

අදාළ සර්පයාට හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් නොවන ආකාරයෙන් ඔහු විසින් සර්පයා එම ස්ථානයෙන් මුදා ගැනීමට සමත්වී ඇත.

පිඹුරු විශේෂයක් බව පැවසෙන එම සර්පයා අඩි පහක් පමණ දිගින් යුතු බවද එසේම මෙම සර්පයා වාහනයේ හිමිකරු විසින් සුරතලයට ඇති කරන සතෙකු බවත්, ඌට ආදරයට “ණයා“යනුවෙන් ආමන්ත්‍රණය කරන බවත් කියැවෙයි.

එම සර්පයා වාහනයෙන් එළියට ගැනීමට කාර්මික ශිල්පියෙකුගේද සහය ලබාගෙන ඇති අතර සම්පූර්ණ මෙහෙයුම සඳහා පැය තුනක පමණ කාලයක් ගතවී ඇති බව විදේස් වාර්තා අනාවරණය කරයි.

විමුක්ති කුමාරතුංග මහතා උසස් අධ්‍යාපනය සඳහා 2005 වසරේදී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් සරසවියට සුදුසුකම් ලබාගෙන ඇති අතර ඔහු පශු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥවරයෙකු බවද පැවසෙයි.

බ්‍රිස්ටල් සරසවියේ අධ්‍යයන කටයුතු වලින් පසු ඔහු 2011 වසරේදී හයික්‍රොප්ට් නැමැති බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය ආයතනයට සම්බන්ධ වී දක්වා කටයුතු කරන බවද සඳහන්ය.

අදාළ සර්ප විශේෂය අඩි 13ක් පමණ දිගින් වර්ධනය වන අතර එසේ වැඩුණු සර්පයෙකු රාත්තල් 100ක් පමණ බර බවද විදේශ වාර්තා සඳහන් කරයි.

මෙම මෙහෙයුමෙන් පසු විමුක්ති කුමාරතුංග පවසා ඇත්තේ මීට පෙර තමන් මෙවැනි අත්දැකීමකට මුහුණපා ‍නොමැති බවයි.

අද දෙරණ

snake

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us