පුරවැසි මාධ්‍ය කලාව තවදුරටත් ජනප්‍රිය කරවීම සහ බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමේ උත්සාහයක් වශයෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.
මෙම සම්මාන උළෙලේදී පුරෝගාමී බ්ලොග් කරුවකු වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, විද්‍යා ලේඛක සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයකු වන නාලක ගුණවර්ධන සහ පුරෝගාමී බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ දේශන පැවැත්වූහ.
එහිදි 'අන්තර්ජාල කෝලම' නාට්‍යානුරූපි ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක් හොරණ යාත්‍රා නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අතර මාධව වීරසේකර ප්‍රමුඛ SKITZOSL සංගීත කණ්ඩායම හා අජිත් කුමාරසිරි ද මෙහිදි සංගීතමය අත්දැකීමක් ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කරු ජයසූරිය මහතාද එක්විය
සම්මානලත් බ්ලොග්කරුවන් මෙසේය
2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය
දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -
ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන