තව සති කීපයකින් මම විවාහ වෙනවා - ලෝචනා ඉමාෂි

Published in අනං මනං
Saturday, 07 March 2015 13:01

ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.

ඔබ මේ දවස්වල ජීවිතේ වි‍ශේෂම පැතුමක් ඉටුකර ගන්නට සූදානම් වෙනවා කියලා ආරංචියි...?

කවුද කිව්වේ. කතාව නම් ඇත්ත තමයි. තව මාස දෙකකින් මම විවාහ වෙන්නයි සූදානම් වෙන්නේ.

ඔබේ අත ගන්නේ කවුද කියල දැන ගන්න ඔබට ආදරය කරන රසිකයන් කැමැත්තෙන් ඇති?

ඒ කවුද කියලා තව සති කීපයකින් රසඳුනෙන්ම මම මගේ රසිකයන්ට කියන්නම්. මේ දවස්වල අපි විවාහය සඳහා සූදානම් වෙමිනුයි ඉන්නේ.

ඔබට ඔහු හමුවුණේ කොහොමද?

අපි දෙදෙනා ඇත්තටම හමුවුණේ විවාහ යෝජනාවක් අනුවයි. මගේ මව් පියන් තමයි මගේ පෙම්වතාව මට මුණගැස්වුයේ.

ඔබ නිළියක් කියලා ඔහු දන්නවාද?

අපි හමුවන විට මම රඟපාන බව ඔහු දැන සිටියේ නැහැ. මං ගැන තොරතුරු හරිම අඩුවෙන් තමයි ඔහු දැනගෙන ඉඳලා තිබෙන්නේ. අනෙක මම රඟපාපු ටෙලිනාට්‍යත් ඔහු එතරම් දැක තිබුණේ නැහැ.

ඔහුත් කලාවට සම්බන්ධද?

ඔව්. ඒත් ඔහුගේ පදිංචිය ලංකාවේ නෙවෙයි. ඔහු කරන රැකියාවත් එක්ක ඔහු විදේශයක තමයි පදිංචිව සිටින්නේ. විවාහය ළං වෙලාම ඔහු ලංකාවට ඒවි. ඔහු කලාව ගැන දන්න ඒ ගැන හොදින්ම හදාරපු කෙනෙක්. එනිසා කලාවට සෑහෙන සම්බන්ධයක් ඔහුට තිබෙනවා.

ඔහුගේ ගතිගුණ මොන වගේද?

එයාට තරහ යන්නෙ නැහැ. ගොඩක් හොඳයි. මම ටිකක් කියවනව වැඩි බව නම් ඔහු දන්නවා. මට හරි ආදරෙයි. ඒත් මම කෑ ගනහනවට කැමැති නැහැ.lochana-imashi2

ඔබ තරමක් දඟකාරයි නේද?

මම දඟයි තමයි. ඒ මම රඟපාන චරිතවල විතරයි. එතනින් එහාට මම වෙනස් චරිතයක්. මම කවදාවත්ම කලා ක්ෂේත්‍රයේ නම කැත කරගෙනවත් ඕපාදූප හදාගන්නවත් වැඩ කරලා නැහැ.

විවාහ වෙන්න ඉක්මන් වැඩිනැතිද?

මගේ විවාහය ගැන අහන හැමෝම මගෙන් අහන්නේ ඔය දේම තමයි. මගේ වයස තවමත් හුඟදෙනෙක් හිතන්නේ අවුරුදු 21ක් 22ක් වගේ කියලයි. දැන් මට අවුරුදු 27ක් වෙනවා. දැන් ජීවිතේ වගකීම් දරන්න සුදුසු වයස. එයට මම සූදානම්.

ලෝචනාට ඉවුම් පිහුම් වැඩත් හොඳින් පුළුවන් ඇති?

මට රසට කෑම හදන්න පුළුවන්. බටහිර කෑම වර්ග තමයි වැඩියෙන්ම හදන්න පුළුවන්.

ලෝචනා ඉදිරියේදී නිළියක් නොවී බිරිඳක් වෙන්නද බලාපොරොත්තුව?

එහෙම වෙන්නත් මම ආසයි. ගෙදරට වෙලා උයලා පිහලා ඉන්න ආසයි. ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක මම ඉන්නේ හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන්. ඒත් ඉදිරියේදී බිරිඳක් ගෘහණියක් මවක් ලෙස වගකීමක් ගන්නත් මම කැමැතියි.

විවාහයෙන් පස්සේ ඔබත් විදේශ ගත වෙනවාද?

ඔව්. මමත් විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුංචි කාළෙදි තමයි කලාවට සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා මම පැමිණි ගමන් මග ගැන මට සතුටක් තිබෙනවා. හෙමිහෙමින් තමයි මම කලා ලොව ජයගත්තේ. වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන මාධ්‍ය ත්‍රිත්වයේම කටයුතු කළා.

එනිසා විවාහයෙන් පසුව විදේශ ගත වුණත් හිතට දුකක් නැහැ. ඒත් කලාවෙන් කිසිවිටෙක සමුගන්න නම් අදහසක් නැහැ. පුළුවන් හැම වෙලේම කලා නිර්මාණවලට මම දායක වෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

හැමදාම මේ වගේ සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

 

(silumina)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us