ගරිල්ලා චිත්‍ර ශිල්පී බැන්ක්සි

Published in අනං මනං
Friday, 27 February 2015 13:22

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක්. බැන්ක්සි යනු ඔහුගේ අන්වර්ථ නාමයයයි.

ඔහුගේ ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම් වල ප්‍රදර්ශනය කෙරී ඇත. ඔහුගේ අලුත්ම විථි චිත්‍ර කිහිපයක් ගසා තීරයේදී නිර්මාණය කොට තිබේ. මේ චිත්‍ර වලට අමතරව ඔහු ගසා තීරය ඇසුරින් කුඩා වීඩියෝවක්ද නිර්මාණය කොට ඇත. ඔහු තමන්ගේ වෙබ් අඩවියේ සඳහන් කරන පරිදි ගාසා තීරය යනු ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර වේ. කිසිවෙකුට එහි ඇතුළුවීමට හෝ පිටවීමට අවසර නැත.

bank1

bank2

bank4

bank3

 

බැන්ක්සි පිලිබඳ coolopen.lk වෙබ් අඩවියේ පළවූ කෙටි විස්තරයක් පහත දැක්වේ. 


බැන්ක්සි ගොඩනැගුනේ 90 දශකයේ මුල් භාගයේ Bristol underground scene නම් සංගීතඥයන් සහ වීදි කලාකරුවන්ගේ දායකත්වයෙන් බිහිවූ සංස්කෘතිය හරහාය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක් වන ට්‍රිස්ටන් මැන්කෝට අනුව, 1974 බ්‍රිස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි.

මස්කඩකරුවකු වීමට පුහුණුව ලැබූ ඔහු පසුව ග්‍රැෆිටි කලාවන්ට යොමු විය. බැන්ක්සි මුලින්ම ග්‍රැෆිටි කලාව ආරම්භ කලේ DryBreadZ Crew නම් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසය. මුලින් ඔහු නිර්මාණකරණයේ යෙදුනේ නිදහස් අතින් වුවත් පසුව ස්ටෙන්සිල් ක්‍රමයට මාරුවූයේ එහි ඇති වේගවත් බව සලකාය. ඔහුගේ ස්ටෙන්සිල් වේගවත් සහ හාස්‍යජනක රූප වලින් යුක්ත වන අතර ඇතම් විට තේමා පාඨද සඳහන්වේ. මෙම පණිවුඩ බොහෝ විට යුධ විරෝධි, ධනවාද විරෝධි හෝ ස්ථාපිතයට එරෙහි වූ ඒවා වේ.

bank5

බැන්ක්සි 2002 වසරේ දී ලොස් ඇන්ජලිස් හිදීත්, 2003 වසරේ ලන්ඩන් හිදීත් ප්‍රදර්ශන පැවැත්වූ අතර මෙම දෙවන ප්‍රදර්ශනයේදී සතුන්ගේ සිරුරු මත සිතුවම් කිරීමට සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරින්ගේ විරෝධය එල්ල විය.

bank6

2004දී ඔහු පවුම් 10 නෝට්ටු රැසක් නිර්මාණය කලේ රැජිණගේ හිස වෙනුවට ඩයනා කුමරියගේ හිසත්, එංගලන්ත බැංකුව යන සඳහන වෙනුවට එංගලන්තයේ බැන්ක්සි ලෙසද සටහන් කරමිනි. එම වසරේ පැවති නොටිංහිල් සැණකෙළියේදී කිසිවෙකු මෙම නෝට්ටු මිටියක් මිනිසුන් අතර විසිකළ අතර සමහරු සැබෑ මුදල් නෝට්ටු ලෙස සිතා රැවටුණහ.

bank7

2005 අගෝස්තු මාසයේ පලස්තීනයේ සංචරයක යෙදුණු බැන්ක්සි ඊශ්‍රායෙල් බටහිර ඉවුරු තාප්පයේ රූප 9ක් නිර්මාණය කලේය.

bank8

2010 දී ඔහුගේ පළමු චිත්‍රපටය වූ Exit Through the Gift Shop සන්ඩාන්ස් සිනමා උළෙලේදී එලි දුටුවේය. එය 2011 වසරේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානයටද නිර්දේශ විය.ඔහුගේ නිර්මාණ ඉතා විශාල මිලගණන් වලට අලෙවි වී ඇත.

bank9


බැන්ක්සි තමන් රචනා කළ Wall and Piece නම් කෘතියේ මෙසේ සඳහන් කර ඇත.

"ධනවාදය කුඩුපට්ටම් වී යන තුරු අපට ලෝකය වෙනස් කිරීම සඳහා කිසිවක් කළ නොහැක. ඒ අතරතුර අප අපවම සනසා ගැනීම සඳහා කඩේ යාම කළයුතුය." බැන්ක්සිට අනුව වීදි කලා යනු තනි පුද්ගලයෙකුට, බලවත් සතුරකුගෙන් බලය, ප්‍රදේශ සහ කීර්තිය උදුරා ගැනීමට ඉඩ සලසන පීඩිත පංතියේ පළිගැනීමේ හෝ ගරිල්ලා යුද්ධ උපක්‍රමයකි.

බැන්ක්සිගේ කෘතිවලින් මධ්‍යගතවූ බලයකට පහරදීමේ ආශාවද පිළිබිඹුවේ. ඒවා, බලය තිබුණත්, එය ඔබට එරෙහිව ක්‍රියාත්මක වුවත් එම බලය එතරම් විශාල නොවන බවත්, එය රැවටිය හැකි බවත්, රැවටිය යුතු බවත් ජනයාට පෙන්නුම් කරන ආකාරයෙන් නිර්මාණය වී ඇත. ඔහුගේ නිර්මාණවලට බලපෑ තේමාවන් අතර යුධ විරෝධි, ධනවාද විරෝධි, අධිරාජ්‍ය විරෝධී, අධිපතිවාද විරෝධි, අරාජික, ශුන්‍යවාදී හා සාංදෘෂ්ටිකවාදී තේමාවන් වෙති. මීට අමතරව ඔහුගේ කෘතිවලින් කෑදරකම, දිළිඳුබව, කුහකත්වය, අලසකම, බලාපොරොත්තු කඩවීම්, විකාරරූපි බව, පරාරෝපණය වැනි මනුෂ්‍ය ගුණාංගද විවේචනයට ලක්වේ.

ඔහුගේ ප්‍රකාශන බොහෝවිට කෙරෙනුයේ දෘශ්‍ය රූප හා සංකේත හරහා වුවත් බැන්ක්සි තම පොත් කීපයක ඍජු දේශපාලන විවේචන ඉදිරිපත් කොට ඇත. "ෆැසිස්ට් මැරයන්ද, ආගමික මූලධර්මවාදීන්ද, වෙඩි තබා මැරිය යුත්තන්ගේ ලැයිස්තු ඔබට ඉදිරිපත් කරන්නන්ද වෙඩි තබා මැරිය යුතුය" යි ඔහු ලියා ඇත. මේ අතර ඔහු කෙරෙහි යම් යම් විවේචනද එල්ලවී ඇත.Keep Britain Tidy නම් සංවිධානය බැන්ක්සිගේ කලා කෘති කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස හඳුන්වයි. බැන්ක්සි තම නිර්මාණ ව්‍යාජ ලෙස අනුකරණය කලේ යැයි බ්ලෙක් ලෙ රැට් නම් ශිල්පියා ඔහුට චෝදනා කර ඇත.2014 වීබි සම්මාන උළෙලේදී බැන්ක්සි වසරේ පුද්ගලයා ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

Last modified on Friday, 27 February 2015 13:39

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us