ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා ඇමතිකම් කල තමාද මන්ත‍්‍රි ධූරයක් දැරූ ආණ්ඩුවෙන් කිසි විටෙකත් සාධාරණයක් ඉල්ලීම වෙනුවට එම ඝාතනයෙන් පසු ඇය දැඩි නිහඪ තාවයක සිටියාය. ඒ අන් කිසිවක් නිසා නොව ඝාතකයාගේ අම්මාගෙන් පේන ඇසීමෙන් පලක් නොවන බව පැහැදිලිය.
පසුගිය ආණ්ඩුව තුල සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට හෝ වෙනත් පුද්ගලයන්ට දඩුවම් කිරීම බොහෝවිට සිදුනොවිය හැකි බවත් ඔවුනට හෘදසාක්ෂියෙන් ගැලවීමට නොහැකි බවත්් ඊට පෙර අමාත්‍ය චම්පික රණවක මහතා අනාවැකි පලකර තිබිණි. එහෙත් බලය සම්බන්ධයෙන් පොරකන පුද්ගයෙකුට තමා කරන අපරාධ සම්බන්ධයෙන් කිසිදු විටෙක හෘදසාක්ෂියක් නෙමැති බව වටහා ගැනීමට ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතගේ ඝාතනයෙන් මෙන්ම මෙතෙක් අනාවරණය නොවූ තවත් මිනිස් ඝාතන වලින්ද වටහා ගත හැකිය.
2008 ජනවාරී 8 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණිම සදහා සූදානම් වෙමින් සිටියදී අනපේක්ෂිත ලෙස අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ දුරකතනයට ඇමතුමක් ලැබිණි. ඉන් කියවුනේ එම දිනයේ පාර්ලිමේන්තු හෝ වෙනත් වුවමනාවකට පිටතට යන්නේ නම් මීගමු කොලඹ ප‍්‍රධාන මාර්ගය මග හැර ගමන්න ගන්නා ලෙසය. එම දුරකතනයේ එහා කොනේ සිටියේ මීගමුවේ පාතාල නායකයෙකු වූ පේරූස්ය පේරූස්ගේ අපරාධ ජාලයේ දිග පලළ හොදින් දැන සිටි ජෙයරාජ් එදින මීගමු කොලඹ ප‍්‍රධාන මාර්ගය මග හැර ගම්පහ කඩුවෙල හරහා පාර්ලිමේන්තුවට යමින් සිටියේය. කඩුවෙල පසු කරන විට ජෙයරාජ් විසින් පේරූස්ගේ දුරකතන පනිවුඩයේ වටිනා කම තම ජිවිතයේ වටිනාකමට සමාන බව තේරුම්ගත්තේ ඔහුට ලැබුණ තවත් දුරකතන ඇමතුමකිනි. ජාඇල තුඩැල්ල හන්දියෙදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවු බවත් එම ප‍්‍රහාරයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දමු දසනායක මහතා මිය ගිය බවත් එම පණිවිඩයෙන් කියවුණි.
පාතාලය හා දමූ දසනායක ඝාතනය
මෙම කෙලේමෝ බොම්බය පිපිරවීමේ කොන්ත‍්‍ර‍්‍රත්තුවේ කෙලවරක සිටියේ ජෙයරාජ්ට ප‍්‍රධාන මාර්ගයේ ගමන් නොගන්නා ලෙසට අවවාද කල පේරූස්ය. එහෙත් ඔහු ජෙයරාජ් සදහා එය අටවූවක් දැන සිටියේ දැයි පැහැදිලි නැතත් ජෙයරාජ්ට අනතුරක් වනු දැකීමට පාතාල සාමාජිකයන්ද කැමැත්තක් නොවිමට හේතු තිබිණි.
එමෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කය තුල ජෙයාරාජ් පන්සල පල්ලිය පමණක් නොව කසිප්පු තිප්ල්වල පුද්ගලයන්ගේ හිත් දිනා සිය දේශපාලනය මෙහෙයවූවෙකි. පාතාලයට වුවද ඔහුට කල හැකි උදවුවක් සිදු කරණ ජෙයාරාජ් වැන්නෙකු ඝාතනය වනවාට පාතාල නායකයා අකමැති වූවා විය හැකිය. තමන් අටවන බෝම්බය පුපුරවන්නේ කවුද ඊට ඉලක්ක වනනේ කවුද යන්න නෙදැන සිටියද අනතුරක් පිළිඹද සැකය හේතුවෙන් පාතාල නායකයා තම දේශපාලන හිතවතාට එම පනිවුඩය දුන්නාද විය හැකිය.
සැලැස්මට අනුව මෙම බොම්බය ජාැඅල තුඩැල්ල හන්දියට ගෙන රැගෙන ඒම පේරූස් විසින් පවරන්නේ එය ජා ඇල පදිංචිව සිටි තවත් පාතාල සාමාජිකයෙකු වූ ටිරෝන් හෙවත් කීටයා නමින් හදුන්වන පුද්ගලයාටය. එහෙත් බෝම්බය අටවන්නේ කවුද එය පුපරවන්කෙනා හො ඉලක්කය ටිරොන්ද දැන නොසිටිය බව සදහන්වේ. ඔහු මෙම බොම්බය මීගමුවේ සිට ජාඇලට රැගෙන එන්නේ ලක්ෂ 50 ආසන්න මුදලක් ගෙවීමේ පොරොන්දුව මත කියවේ. ටිරොන් හෙවත් කීටයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම මුදලින් කොටසක් ජා ඇල මහජන බැංකු ශාඛාවේ තිබී ඒ පිළිඹද පරීක්ෂණ කල නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
ටිරොන් හෙවත් කීටයා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව වසර 6 තිස්සේ මීගමුව බන්ධනාගරයේ රදවා සිටී එහෙත් පසුකලෙක පේරූස් නාදුනන කල්ලියක් විසින් පැහැර ගන යන ලදුව අතුරු දහන් කෙරින මෙම කෙලේමෝ ප‍්‍රහාරය දමු දසනායක ඉලක්ක කරන ලද්දක් නොව ජෙයරාජ් ඝාතනය සදහා ඇටවූවක් බවට ඔත්තු අංශ සැකකරන බවට එකල මාධ්‍ය වාර්තා පලවිය. එහෙත් පේරූස්ගේ දුරකතනයට සවන් දුන් ඔත්තු සේවා සදුවීම් ජාලය හදුණාගන සිටියත් ජෙයාරාජ්ට රැකවරණය දීමට පියවර නොගත් හේතුව ඊට මාස තුනකට පසු වැලිවේරියේදී තහවුරු විය.
වරදි ගරිල්ලා උපක‍්‍රමය
මෙම කේලේමෝ බොම්බ ප‍්‍රහාරය එල්. ටී. ටී. ඊ. සංවිධානය යොදාගත් ගරිල්ලා ප‍්‍රහාරක උපක‍්‍රම වලින් පරිබාහිරව එල්ල කල පුපුරවා හැරීමකි. දමු දසනායක මහතා ඝාතනය කිරීමට එල් ටී ටී ඊ යට කේලේමෝ බොම්බයක් ඇටවීමට උවමනා වූයෙනම් ආනමඩුව සිට හලාවත දක්වාත් හලාවත සිට කොච්චිකඬේ දක්වාත් ජනාකීර්ණ නොවන මග දෙපස ඊට සුදුසු උපක‍්‍රමික ලෙස ප‍්‍රහාරයට සුදුසු ස්ථානයක් හා අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව තිබියදී කොළඹට ආසන්න නාගරික ප‍්‍රදේශයක් තෝරා ගැනීම බරපල ගැටලූවකි. මන්ද ගරිල්ලා උප‍්‍රක‍්‍රම අතින් තියුණු සහ සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වූ එල් ටී ටී ඊය තනි පුද්ගලයෙකු ඉලක්ක කිරීම සදහා කේලේමෝ බෝම්බයක් ඇටවීමද සිය ඉලක්කය ලබා ගැනීමට නාගරික ප‍්‍රදේශයක් තෝරා ගැනීම ගරිල්ලා යුද උපායේ විගඩමක් වන නිසාය.
ඊට හේතුව නාගරික පෙදෙසක එක් පුද්ගලයෙකු ඉලක්ක කර ප‍්‍රදේශයක එවැන්නක් ඇටවීමේදී ඉලක්කය ආවරණය වමේ වැඩි සම්භාවිතාවත් බොම්බය පුපුරවා හරීමට ස්ථානගතව සිටීමත් ගැටළු මූලික වශයෙන් එවන් ප‍්‍රහාරයකදී පැනනැගෙන නිසාය.
විවෘත භූමියක කට වඩා ගොඩනැගිලි සහිත වාහන තදබදය පවතින මොහොතක ජනකීර්ණ ප‍්‍රදේශයක ප‍්‍රභ පුද්ගලයෙකු ඝාතනය කිරිමට කෙලේමොවක් යෙදා ලැබීමෙන් අනපේක්ෂිත ලෙස ඉලක්කය ආවරණය විමට වැඩි ඉඩක් පවතිම අනිවාර්යය. එල්. ටී. ටී.ඊ සංවිධානය එවන් මුලික යුද උපායන් මග හැර ප‍්‍රහාර එල්ලකල අවස්ථා විරලය. එමෙන්ම එල්. ටී. ටී. ඊ ය කිසිවිටෙකත් දකුණට රැගෙන ආ අවි අඩමාන තමන්ට යුදමය වශයෙන් නොවැගත් ඉල්ක්ක අත්හදා බැලීමට නොව නිස්චිත ඉල්ක්ක වලට පහර දීමට පමණක් යොදාගනු ලැබිණි. මුර කපොලූ මගහර බුද්ධි අංශ වල ඇසට වැලිගසා ප‍්‍රවාහනය කල අවි ඒලෙස ප‍්‍රහාරක ප‍්‍රමුඛතා වලින් පිටත භාවිත කලේ යැයි සිතිය නොහැකිය.
(එමෙන්ම නාගරික ගරිල්ලා ප‍්‍රහාර සම්බන්ධයෙන් සටන් කරුවන් අවි සැලසුම් සහ ඉලක්ක තේරීමේදී සිය ප‍්‍රහාරක විභවය එල්. ටී. ටී. ඊ. සංවිධානය සිදුකල අපරාධ වලින් ඕනවටත් වඩා ඔප්පු කර තිබිණි ඊට හේතුව ඔවුන් එවැනි ප‍්‍රහර සැලසුම් කලේම සන්නද්ධ බුද්ධි ක‍්‍රියා මාරග වශයෙන් වීමය. එවන් ප‍්‍රහාර පැවතියේද සිය ඔත්තු සේවාව මතය.)
එමෙන්ම ඔවුන් කිසි විටෙකත් දකුණේ ප‍්‍රභූ පුද්ගල ඝාතන සදහා කෙලේමෝ බොම්බ භාවිත කලේම නැත. එසේ භාවිත කලේ නම් තම නිස්චිත ඉලක්කයට පහර දියදීමේදී යුද උපායික වශයෙන් භූමිෙදී මතුවන ගැටලූ නිසා ඉලක්ක වැරදිමේ වැඩි ඉඩක් පවතින නිසාම විය හැකිය. එමෙන්ම දමූ දසනායක මහතා වැනි මන්ත‍්‍රී වරයෙක් ඝාතනය කිරීම වෙනුවට 2008 වසර වනවිට එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප‍්‍රහාරක ප‍්‍රමුඛ තාවයන්ද වෙනස් වී පැවතුණි.
අනෙක් ප‍්‍රධාන කාරණය වන්නේ මෙම බොම්බ පිපිරවීමට අදාලව අත්අඩංගුවට ගත් ටිරෝන් හෙවත් කීටයා හෙලිකල තොරතුරු මත පරීක්ෂණ ක‍්‍රියාත්මක නොවීමය. කිසිදු අවස්ථාවක පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් කීටයා හෙවත් ටිරෝන්ට කේලේමෝ බෙම්බය ලබාදුන් පාතාල නායකයා වූ පෙරූස් අත්අඩංගුවට ගන්නේ හෝ ඔහුගෙන් ප‍්‍රශ්ණ කරන්නේ නැත. ටිරෝන් සමග බොම්බය ජාඇට රැගෙන ආ පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කරන්නේද නැත. ඒ වෙනුවට ටික කලකට පසු මීගමුවේදී සුදුවෑන් කල්ලියක් මෙම පේරූස් නැමති පාතාල නායකයා හා අනෙක් පුද්ගලයා පැහැර ගන යනු ලැබ අතුරුදහන් කරනු ලැබීය.
මරාගන මැරෙන ප‍්‍රහාරය
දමූ දසනායක ඝාතනයෙන් මාස තුනකට පසුව අප්‍රෙල් මාසයෙදී ජෙයාරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා වැලිවේරියේ කාන්ති ක‍්‍රිඩංගනයේදී මරාගන මැරෙන බෝම්බයෙන් මිය ගියේය. මාස තුනකට පෙර ඝාතන ප‍්‍රයත්නයක් හදුනාගන තිබියදීත් ඇමති වරයෙකු වශයෙන් ඔහුට ප‍්‍රමානවත් ආරක්ෂාව සැපයීම සිදු නොකලේ මන්ද යන්න බරපතල ගැටලූවකි.
වැලිවේරියේ මෙම මරාගන මැරෙන බොම්බ කරුවා ගම්පහට රැගෙන එන්නේ එවකට ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ විසින් සිය වාහනයෙනි. මෙම බොම්බය පුපරා යන මොහොතේ ලක්ෂ්මන් කුරේ සහ බැසිල් රාජපක්ෂගේ ආරක්ෂකයන් දෙදෙනෙකු වැලිවෙරිය ආසන්යේ රැදී සිටි බවට තොරතුරු පවතී එමෙන්ම බොම්බය පිපිරීමෙන් පසු අධික වේගයෙන් ගිය යතුරු පැදියක් ඒ අවට පිරිස් නීරීක්ෂණය කල බවට එම දිනවල මාධ්‍ය වාර්තා පලවිය.
බොම්බය පුපුර සුළු වේලාවකට පසුව කොලඹ නුවර පාරේ ගම්පහ ඉඹුල්ගොඩදී බැසිල් රාජපක්ෂගේ ආරක්ෂකයන් දෙදෙනෙකු රිය අනතුරකට මුහුණ දුන්නේය. මෙම අනතුරින් පසුව එක් අයෙකු එම ස්ථානයෙදිම මිය ගිය අතර අනෙක් පුද්ගලයා ආසන්නව තිබුණු ගම්පහ රෝහලට හෝ රාගම රොහලට ඇතුල් කරනු ලැබීම වෙනුවට කොලඹ මහ රොහලට රැගෙන යනු ලැබිණි. ඊට හේතුව මොවුන් ගම්පහට එම උදෑසන පැමිණියේ කුමකටද යන්න සෙසු නිලධාරීන් ගෙන් සහ මාධ්‍ය වලින් වසන් කිරීමටත් අනෙක් පුද්ගලයාගේ ජිවීතය ගලවා ගැනීම වෙනුවට මරණයට පත් වීමට ඉඩ හැරීමත් විය හැකිය. එහෙත් එම ආරක්ෂක නිලධාරියා තමන් වැලිවේරිය කාන්ති ක‍්‍රිඩාංගනයේ සිට යතුරුපැදියෙන් පැමිණෙන විට අනතුරට පත්වු බවට කට උත්තරයක් ලබිදීමට තරම් පියවි තත්වයක සිටියත් පසුව රෝහලේදී මිය ගියේය.
එමෙන්ම මෙම බොම්බ පිපිරවූ මාරාගන මැරෙන පුද්ගලයා මෙම සිදුවීමට පෙර රාත‍්‍රියේ ලක්ෂමන් කුරේගේ වාහනයට නැග්ගවූ බව අත්අඩංගුවවට ගත් කිරුබාකරන් නැමති සැකකරු විසින් ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය ප‍්‍රශ්ණ කිරීම් වලදී පැවසූ බව සදහන්වේ. එමෙන්ම මෙම මරාගන මැරෙන පුද්ගලයා මෙන්ම තමන්ද එල් ටී ටී සංවිධානයෙන් වෙන්ව කරුණාගේ කල්ලිය සමග කටයුතු කල පුද්ගලයෙක් බව කිරුබාකරන් විසින් එලිදරවු කර තිබිණි. ඉන් පසුව මෙම සැකකරුවාද අතුරුදහන් වීය.
පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ අත්අඩංගුවට ගෙන බුස්ස රැදවුම් කදවුරේ සියලූ පහසුකම් සහිතව රදවනු ලැබූ අතර මේ පිළිඹද පරීක්ෂණ ඉන් ඔබ්බට ක‍්‍රියාත්මක වූයේද නැත. ලක්ෂ්මන් කුරේ බූස්ස කදවුරේ රදවා සිටන අතර පිටතින් පැමිණි කන්ඩායමක් 2013 අප්‍රෙල් මාසයේ දිනක රාතී‍්‍රයේ පිටතට රැගෙන යාමට උත්සහ කල අතර ලක්ෂ්මන් කුරේ විසින් නිත්‍යනුකූල බාවයකින් තොරව පිටතට යාම ප‍්‍රතික්ෂේප කරමින් භීතියෙන් කලබල කිරීම හේතුවෙන් එම නාදුනන කන්ඩායමට මොහු රැගෙන යාම අතහැර දැමීමට සිදුවි තිබිණි.
අතුරුදහන් වීම් සහ අභිරස් මරණ
ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජ. වි. පේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පාර්ලිමෙන්තුවේදී ප‍්‍රශ්ණ කලත් ඒ පිළිඹද සෑහීමකට පත්විය හැකි පිළිතුරක් දීමට කිසිවෙකුත් සමත්ව තිබුණේ නැත. වැලිවේරියේ බොම්බය පුපුරායන මොහොතේ බැසිල් රාජපක්ෂගේ ආරක්ෂකයන් විසින් එම ස්ථානය ආසන්නයේ කුමකටද යන්න විජිත හේරත් මහතා මතුකර තිබිණි.
කෙසේ නමුදු ජෙයරාජ් හා දමූ ඝාතනයෙන් පසුව අභිරහස් ලෙස සිදුවූ මරණ දෙකක් සහ අතුරුදහන් වීම් තුනක් හදුනා ගත හැකිය. ඉන් පලමු වැන්න බැසිල් රාජපක්ෂගේ ආරක්ෂයන් දෙදෙනාගේ මරණයය. දෙවැන්න දමු දසනායක මහතා ඝාතනය වූ කේලේමො බොම්බය ලබාදුන් බව කියන මීගමුවේ පාතාල නායකයෙක් වන පේරූස්ය. මෙම බොම්බ ප‍්‍රහාරයට සම්බන්දව අතුරුදහන් වූ පුද්ගලයා වන්නේ ටීරෝන් හෙවත් කීටයා සමග යතුරුපැදියකින් ජාඇලට කේලේමෝ බොම්බය රැගෙන ආ බව කියන ලියනගේ මුල්ලේ පාතල සාමාජිකයෙකි.
ටිරොන් අත්අඩංගවට ගැනීමෙන් පසු මොවුන් පිළිඹද එළිදරවු කලත් නාදුනන කල්ලියක් පැහැරගන යන තෙක් අත්අඩංගුවට නොගැනීම පිටුපස බරපතල සැකයක් පවතී. අතුරුදහන්වූ අනෙක් පුද්ගලයා වන්නේ වැල්ිවේරියේ බොම්බය පුපුරවාගත් පුද්ගලයා ලක්ෂ්මන් කුරෙගේ වාහනය වෙත රැගෙන ආ බව කියන කිරුබාකරන්ය.
ඔහු අත්අඩංගුවේ දී අතුරුදහන් වූ අතර ඔහුගැන පවතින එකම තොරතුර වන්නේ වැලිවේරියෙදී මරාගන මැරෙන බොම්බ කරුවා මෙන්ම කිරුබාකරන්ද ඒවන විටත් පසුගිය ආණ්ඩුවට සම්බන්ධ වී සිටි කරුණා අම්මාන් සමග ගනුදෙනු කල එලි ටී ටී ඊ සංවිධානයෙන් වෙන්ව ගිය පුද්ගලයන් බව පමණකි. ලක්ෂ්මන් කුරේ බූස්සේ බන්ධනාගාරයෙන් පැහරගන යාම අසාර්ථක වූවා මෙන්ම ටිරොන් පැහැරගන නොයාමටද හේතුවක් තිබිණි. ඒ ඔහුගේ පියා හමුදාවේ ඉහල නිලයක් හෙබවූ පුද්ගලයෙක් නිසා විය හැකිය. කෙසේ හෝ සිදුව ඇත්තේ අනෙකුත් ඝාතන වල මෙන්ම ජෙයරාජ් ඝාතනයේද ඇත්ත අතුරුදහන් කිරීමය. එහෙත් යුත්තිය අතුරුදහන් කල හැකිද?
ධම්මික ප්‍රියදර්ශන