Google තරඟයෙන් ලංකාවට පළමු තැන හිමිකර දුන් Mogo Reader

Published in අනං මනං
Monday, 19 January 2015 10:40

Google සමාගම විසින් පවත්වන ලද ලොව පුරා රටවල් 56ක තරඟකරුවන් 317ක් සහභාගීත්වයෙන් පැවති Google Business Group Success Stories තරඟයෙන් මුල්තැන ලබාගැනීමට Mogo Reader යෙදුම (app) සමත්ව තිබේ.

ඔබ එදිනෙදා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි අතර සැරිසරන කෙනෙකු නම්, එසේ නොමැතිනම් පුවත්පත් කියවන්නෙකු නම් දිනකට නිකුත් වන දහස්ගනණක් පුවත් අතරින් ඔබ කැමති දේ ගැන කියවන්න තරමක් අපහසුය.උදාහරණයක් ලෙස ඔබ ක්‍රීඩා පුවත් ගැන දැනගන්නට කැමති කෙනෙකු නම් අද දවසේ ක්‍රීඩා හා සම්බන්ධ වැදගත් පුවත් දැනගන්නට ඔබට වෙබ් අඩවි කොතරම් ප්‍රමාණයකට පිවිසෙන්නට සිදුවේවිද?

ඔබ තාක්ෂණය ගැන උනන්දුවන කෙනෙකු නම් තාක්ෂණික ලෝකයේ අලුත්ම තොරතුරු නිසි ලෙස දැනගැනීමට ඔබට වෙබ් අඩවි කිහිපියකට පිවිසෙන්නට සිදුවේ. අන්තර්ජාලය කෙතරම් තොරතුරු වලින් පිරී තිබුණද ඒ විසිරී තිබෙන තොරතුරු ඔබේ කැමැත්ත අනුව පහසුවෙන් එකතු කිරීමට හැකියාවක් නොමැත.

එබැවින් ලංකාවේ අපේම දක්ෂයින් පිරිසක් Mogo Reader නමින් ,අන්තර්ජාලය පුරා විසිරී ඇති තොරතුරු ඔබේ රුචිකත්වය අනුව තෝරා බලා කියවන්නට හැකි ජංගම දුරකථන යෙදුමක් (app) නිර්මාණය කර තිබීම අතිශයින් වැදගත්ය.

මේ ජංගම දුරකථන යෙදුම හරහා ඔබට කැමති දේ පමණක් තෝරාගෙන ඉක්මනින් හා පහසුවෙන් කියවීමේ හැකියාව ඔබට ලැබේ. ලංකාව පුරා විවිධ සිංහල වෙබ් අඩවි වල තිබෙන පුවත් පහසුවෙන් කියවිය හැකි පරිදි පෙළගැස්වීමටත් මේ ඇප් එකට හැකියාව තිබේ. වගේම නුදුරේදී ඉංග්‍රීසි හා දමිළ පුවත් සඳහාත් Mogo Reader සහාය දැක්වීමට නියමිතය.

Google විසින් සංවිධානය කළ තරඟයේ ජයග්‍රණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපළ හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ පවසයි.

විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රාග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබූහ.

ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකථනයටත් Mogo Reader භාගත කිරීම සඳහා මෙතැනින් පිවිසිය හැකිය.

 

(derana)

mogo-reader1

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us