මගේ ස්‌ටයිල් එක මට විතරයි -නර්මදා යාපා අබේවර්ධන

Published in අනං මනං
Sunday, 18 January 2015 09:26

නිවේදිකාවක්‌, මෝස්‌තර නිරූපිකාවක්‌, රූ රැජනක්‌, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්‌ විදිහට කාලෙන් කාලෙට ඔබ ඉදිරියට පැමිණි නර්මදා යාපා අබේවර්ධන අද වෙන විට මවක්. මවකගේ අත්දැකීම් ගැන නර්මදා අපට මෙලෙස පැවසුවා.

නර්මදා මවක්‌ වුණා කියලත් ආරංචියි ?

ඔව්. දැන් මගේ බබාට මාස නවයක්‌ වෙනවා.

කොහොමද ඒ අත්දැකීම දැනෙන්නේ ?

මම හිතන්නේ ලොකු වගකීමක්‌. දැන් ඉතිං බබා ඇවිදින්න පටන්ගන්නවා. නැඟිටිනවා. බාබාගේ ළඟින්ම ඉන්න වෙලා.

දැන් ජීවිතය සම්පූර්ණයි කියලා හිතනවාද?

ඉස්‌සර අපි දෙන්නා විතරයි හිටියේ. ආදි පවුලට එකතු වුණා විතරයි. ජීවිතය වෙනස්‌ වුණා. දැන් මම ජීවිතය ගැන බැරෑරුම් විදිහට හිතන්න පටන්ගත්තා.

පුතෙක්‌ද? දුවෙක්‌ද?

පුතෙක්‌.

පුතාගේ නම මොකක්‌ද?

ආදිත්‍ය ඡේක්‌ තිලකරත්න

දරුවාගේ වැඩකටයුතු සිදුවන්නේ ඔබේ අතින්මද?

ඔව්. මට අත්උදව්කරුවන් තිදෙනෙක්‌ විතර ඉන්නවා. හැබැයි බබාගේ වැඩකටයුතු සියල්ල සිදුවන්නේ මගේ අතින්. ආදිත්‍යව වෙන කා ළඟවත් දාලා යන්න තරම් මානසිකත්වයක්‌ තවම මට හැදිලා නැහැ.

දැන් ඔයා නිවේදනයෙන්, රඟපෑමෙන් ඉවත්වෙනවාද?

මට අවශ්‍ය නැහැ, මම කරන දේවල්වලින් ඉවත්වෙන්න. දැන් මම ඉස්‌සරට වඩා ටිකක්‌ මහතයි. හැබැයි දරුවාගේ වැඩකටයුතු සියල්ල මගේ අතින් සිදුවන හින්දා ටිකක්‌ කෙට්‌ටුවෙයි. කොහොමටත් මම ලබන අප්‍රේල් විතර වැඩ පටන්ගන්නවා.

මේ දවස්‌වල සිරුර හැඩට තියාගන්න මහන්සි වෙනවා කියන්නේ ?

ඔව්. සෑහෙන්න මහන්සි වෙනවා. බබාගේ වැඩකටයුතු ඉවර වුණහම මම ව්‍යායාම් කටයුතුවල පවා නිරත වෙනවා. අනික මම කැමැති නැහැ මේ විදිහට යළිත් මිනිස්‌සු අතරට එන්න. නිවේදනය කියන්නේ ලොකු වගකීමක්‌. යළිත් මිනිස්‌සුන්ට ප්‍රසන්න විදිහට දකින්න පුළුවන් විදිහට සිරුර හදාගෙන තමයි නිවේදනයට එන්නේ.

දරුවාගේ වැඩකරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳ නැතිද?

මම ආදිත්‍යගේ වැඩවලට උදව් වෙනකොට සැමියා මගේ වැඩවලට ලොකු සහයෝගයක්‌ ලබාදෙනවා. දැන් මම නියම ගෘහණියක්‌ වුණා.

නැවත ක්‍ෂේත්‍රයට එන්න නම් පෙනුම ගැනත් හිතන්න වෙයි නේද?

ලොකුවට හිතන්න වෙන එකක්‌ නැහැ. බාහිර වශයෙන් මම හිතලම වෙනස්‌ වෙනවා. බබා ලැබෙන්න ඉන්න කොට මගේ කිලෝ 27 ක්‌ බර වැඩි වුණා. වෙනස්‌ම විදිහට තමයි, මම නැවත ක්‍ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්නේ.

සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්‌ද?

ජනක මගේ පෙර පිනකට ලැබුණු සැමියෙක්‌. මම ගොඩක්‌ වෙලාවට ආදිත්‍යගේ වැඩකරලා මහන්සි වුණත් මගේ සිරුර ගැන උනන්දුවෙලා ව්‍යායාම්වල නිරතවෙන්න කියලා ජනක නිතරම මට උපදෙස්‌ දෙනවා. දැන් මගේ සිරුර හැඩට පවත්වාගෙන යන්න මටත් වඩා මගේ සැමියා උනන්දු වෙනවා.

සැමියා නැවත වැඩකරනවාට කැමැතිද?

ඔව්. ජනකගේ විරුද්ධත්වයක්‌ නැහැ.

මවක්‌ නිසා ඔබට ලැබෙන ජනප්‍රියත්වය අඩුවේවිද?

එහෙම වෙන එකක්‌ නැහැ කියලා හිතනවා. ගොඩක්‌ දෙනෙක්‌ මා ගැන වගේම මගේ බබා ගැන තොරුතුරු විමසුවා. මම බලන්නේ පවුල් ජීවිතයත් නිවේදන ක්‍ෂේත්‍රයත් සමබරව පවත්වාගෙන යන්නයි.

කොහොමද පවුල් ජීවිතය?

ගොඩක්‌ සුන්දරයි. ජනක මාව ළමයෙක්‌ වගේ ආරක්‍ෂා කරනවා. ජනක හරිම විනෝදකාමී චරිතයක්‌. මම ක්‍ෂේත්‍රයට ඇවිත් වසර හතක්‌ වෙනවා. අවුරුදු හතක්‌ මේ වගේ ජීවිතයක්‌ ගෙවලා තිබුණේ නැහැ. මට මේ ජීවිතය අලුත්.

ආපහු නිවේදනයට ආරාධනා ලැබුණේ නැතිද?

සමහරු හිතුවේ බබා ලැබුණාට පසුව වැඩකරන එකක්‌ නැහැ කියලා. මට ඕනෑ කරලා තියෙන්නේ ආදිත්‍යව හොඳට හදාගෙන සියල්ලම සමබරව පවත්වාගෙන ආපසු නිවේදනයට එන්නයි. මට ආරාධනා නම් ගොඩක්‌ ලැබුණා. නමුත් මම ආපහු දෙරණ ටීවී ආයතනයට තමයි, නිවේදනයට සහභාගි වෙන්නේ.

අද වෙනකොට නිවේදන ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?

අද ගොඩක්‌ නිවේදක, නිවේදිකාවෝ මෙතැනට ඇවිත් තිබෙනවා. මම නිවේදනයේදී මගේම ශෛලියක්‌ ගොඩනැඟා ගත්තා. මගේ ස්‌ටයිල් එක මට විතරයි. ඒ හින්දා මොකුත් ප්‍රශ්නයක්‌ ඇතිවේවි කියලා හිතන්න අමාරුයි. මගේ ස්‌ටයිල් එකට කැමැති පිරිසක්‌ ඉන්නවා.

දිනේෂ් විතාන

divaina

Last modified on Sunday, 18 January 2015 10:14

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us