ලෝකයේ අරුම පුදුම අලුත් අවුරුදු චාරිත්‍ර

Published in අනං මනං
Wednesday, 31 December 2014 11:55

දැන් අලුත් අවුරුද්දට ලෑස්තිද? ලංකාවේ බොහෝදෙනෙක් අලුත් අවුරුද්ද සමරන්නෙ අප්‍රේල් මාසෙදි. ඒත් ඉතින් දැන් ලංකාවෙ මිනිස්සුත් පොඩියට හරි අලුත් අවුරද්ද ජනවාරි පළමුවෙනිදට සමරන්න පුරුදුවෙලා.

අපිට නැතත් ලෝකෙ ගොඩක් රටවල් අලුත් අවුරුද්ද උදාවීම ලෙස පිළිගන්නෙ ජනවාරි පළමුවෙනිදා. නමුත් මේ රටවල් තමන්ගෙ නව වසර පිළිගන්න විදිය එකිනෙකට වෙනස්.

denmark

ඩෙන්මාර්ක්
ඩෙන්මාර්ක ජාතිකයින් නව වසරක් පිළිගන්නේ සිය අසල්වැසියන්ගේ නිවෙස් ඉදිරිපසට පිඟන්වලින් දමා ගැසීමෙනි. අලුත් අවුරුද්දක් උදා වන විට තම නිවෙස ඉදිරිපිට බිඳී ගිය පිඟන් කටු කැබලි ගොඩ ගැසී තිබිම වාසනාවේ සංකේතයක් බව ඩෙන්මාර්ක් වැසියන්ගේ විශ්වාසය වන අතර එලෙස වැඩිම පිඟන් කටු තොගයකට හිමිකම් කියන්නා ඉතා වාසනාවන්ත පුද්ගලයෙකු ලෙස සැලකේ. ඒ ඔහුට වාසනාව පතන මිතුරන් බොහොමයක් සිටින බව ඉන් ඇඟවෙන නිසයි.

greek

ග්‍රීසිය
ග්‍රීසියේ “‍පොතාරිකෝ” ලෙස හැඳින්වෙන සම්ප්‍රදායට අනුව උදා වූ වසර වාසනාවන්ත වීම සඳහා අලුත් අවුරුදු දිනයේදී නිවසට මුලින්ම ඇතුළු වන තැනැත්තා යහපත් ගති පැවතුම්වලින් යුතු අයෙකු විම අත්‍යාවශ්‍යයි. මේ නිසා එලෙස නිවසට පළමුවෙන්ම ඇතුළු වන තැනැත්තා ලෙස ග්‍රීක වැසියන් බොහෝවිට තෝරා ගන්නේ ළමුන්ය. ඒ වැඩිහිටියන්ට සාපේක්ෂව ළමුන් අහිංසක බවට වන පිළිගැනීම නිසාය. එලෙස තෝරා ගත් “වාසනාවේ දූතයා” සිය දකුණු පාදය පෙරට තබා නිවසට ඇතුළුව නිවැසියන්ට සතුට හා සෞභාග්‍ය පතමින් ඉදුණු දෙලුම් ගෙඩියක් පයෙන් පෑගිය යුතුය.

germany

ජර්මනිය
නව වසරක් උදාවද්දී ජර්මානු වැසියන් අනිවාර්යයෙන් නරඹන ඉංග්‍රිසි ප්‍රහසන රූපවාහිනි වැඩසටහනක් වෙයි. මිනිත්තු එකොළහක කාලයකට සීමාවූ "Dinner for One." නැමැති මෙම වැඩසටහන ලොව වැඩිම වාර ගණනක් නැවත නැවත විකාශය කෙරුණු වැඩසටහන ලෙස ප්‍රසිද්ධියක් ඉසිලුවද ඇමෙරිකාවේ හෝ එක්සත් රාජධානියේ එය එතරම් ප්‍රකට වුවක් නොවේ. අනූ හැවිරිදි මිස් සොෆි තම උපන් දිනය සමරමින් සිය මිය ගිය මිතුරු මිතුරියන් වෙනුවෙන් කෑම මේසයක් පිළියෙළ කරන අයුරු මින් රඟ දැක්වේ.

spain1

ස්පාඤ්ඤය
ස්පාඤ්ඤ වැසියන් නව වසර පිළිගන්නේ වාසනාව පතමින් මිදි ගෙඩි දොළහක් ආහාරයට ගනිමිනි. අලුත් අවුරුදු උදාවට ඉතිරිව ඇති අවසන් මිනිත්තු දොළහ ගනිමින් නාද කෙරෙන සීනු නාදයත් සමග මෙම මිදි ආහාරයට ගැනීම සිදු වේ.

spain2

ස්පාඤ්ඤය හා ඉතාලිය
මේ රටවල් දෙකේ තවත් අමුතු ආකාරයේ සම්ප්‍රදායක් තියනවා. ඒ තමයි අලුත් අවුරුද්දෙදි පිරිමින් රතු පැහැති කාන්තා යට ඇඳුමකින් සැරසීම. මින් බලාපොරොත්තු වෙන්නෙ නව වසරේ වාසනාවයි.

pinland

ෆින්ලන්තය
අලුත් අවුරුද්ද උදා වීමට පෙර දින රාත්‍රියේදී ඉවත දැමූ ටින් ලෝහ කැබැල්ලක් සොයා ගන්නා ෆින්ලන්ත වැසියන් එය උණු කර අශ්ව ලාඩමක හැඩයකට වත් කොට (අච්චුවකට නොවේ) එය ජලයට හෙළති. එවිට උණු කළ ටින් ද්‍රාවණය යළිත් දැඩි බවට පත් වන අතර ඉන් මතුවන හැඩය ඔවුන් එළැඹෙන වසර පිළිබඳ අනාවැකි පැවසීමට යොදා ගන්නෝය. හදවතක හෝ මුදුවක හැඩැති ටින් කැබැල්ලක් ලැබුණේ නම් විවාහය පිළිබඳවත්, නැවක හැඩයකින් සංචාරයක් පිළිබඳවත්, සත්වයෙකුගේ හැඩයකින් සෞභාග්‍යය පිළිබඳවත් අනාවැකි පැවසෙන බව ෆින්ලන්ත වැසියන්ගේ විශ්වාසයයි.

panama

පැනමාව
පැනමා වැසියන් අලුත් අවුරුද්ද පිළිගන්නේ අපූරු ආකාරයකටය. සාමාන්‍යයෙන් වසරේ අවසාන කාලයේදී ඔවුන්ගේ ගෙවතුවල ඉදිරිපස “මුනෙකෝ” ලෙස හැඳින්වෙන පඹයන් ඉදි කර තිබිම සුලබ දසුනකි. මෙම පඹයන් නිර්මාණය වන්නේ පැනමාවාසීන් එළැඹෙන වසරේදී දකින්නට නොලැබේවායි පතන දේශපාලනඥයින් වැනි රටේ ප්‍රකට පුද්ගලයන් නිරූපණය වන ලෙසයි. නව වසර උදාවට පෙර දින රාත්‍රියේදී එලෙස පතමින්ම මෙම පඹයන් පුලුස්සනු ලැබේ.

belarus

බෙලරුස්
බෙලරුස් රාජ්‍යයේ අවිවාහක තරුණියන්ට අලුත් අවුරුද්දක් යනු විවාහය පිළිබඳ නව බලා‍පොරොත්තු ඇති කරන්නකි. නව වසර උදා වීමට පෙර දින රාත්‍රියේදී තනිකඩ යුවතියන් එක්ව එකිනෙකා ඉදිරියේ බඩඉරිඟු ඇට ගොඩ බැගින් පිළියෙළ කරන අතර ඒ අවසානයේදී කුකුළෙකු ඒ මැදින් ඇවිදීමට සලස්වයි. කුකුළා මුලින්ම ඉරිඟු ආහාරයට ගැනීමට තෝරා ගන්නා ගොඩ අයත් යුවතිය එම වසරේදී මුලින්ම විවාහ වන තැනැත්තිය බවට විශ්වාසයක් බෙලරුස් ජාතිකයින් අතර වේ. මොවුන්ගේ තවත් චාරිත්‍රයකදී විවාහාපේක්ෂිත තරුණියන් කැඩපත් දෙකක් අතර සිටුවන අතර එම කැඩපත් නිසි ලෙස ස්ථානගතව තිබේ නම් තමා විවාහ වන තරුණයාව දැක ගැනීමට තරුණියට හැකි වන බව කියැවේ.

america

ඇමෙරිකාව හා කැනඩාව
දෙසැම්බර් 31 දා මධ්‍යම රාත්‍රියේදී ඇමෙරිකානුවන් හා කැනේඩියානුවන් කණ්ඩායම් වශයෙන් එක්ව හිම මිදෙන ශිතලෙන් යුතු ජලාශ හා ගංගාවල කිමිදෙන්නේද එළැඹෙන වසර වාසනාවන්ත කර ගැනීමේ ප්‍රාර්ථනය සිත ඇතිවය.

mexico


මෙක්සිකෝව
සංචාරයට හා වික්‍රමයන්ට ප්‍රිය කරන මෙක්සිකානුවන් අලුත් අවුරුද්ද පිළිගන්නේ ගමන් මල්ලක් අතැතිව තමා වෙසෙන නිවස වටා ගමන් කරමිනි. හිස් ගමන් මල්ලක් වුවද ප්‍රමාණවත් වන අතර එලෙස කිරීමෙන් එළැඹෙන වසරේදී සංචාරය කිරීමට වැඩියෙන් අවස්ථා හිමි වනු ඇති බව මෙක්සිකානුවන්ගේ විශ්වාසයයි.

south-africa

දකුණු අප්‍රිකාව
දකුණු අප්‍රිකානු වැසියන් අතර අපූරු ආකාරයේ සම්ප්‍රදායක් තියනවා. ඒ තමයි දෙසැම්බර් 31 වෙනදට මයික්‍රොවේව් උදුනක් ජනේලයෙන් පිටතට විසි කරල තමයි ඔවුන් අලුත් අවුරුද්ද සමරන්නෙ. වාර්තා වෙන විදියට මේ අපූරු ආකාරයේ චාරිත්‍රය නවත්තන්න පොලිසියෙන් පවා යොදවන්න සිද්ධ වෙනවලු.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us