බොලිවුඩ් නිළි වීනා මලික්ට වසර 26 ක සිර දඬුවමක්

Published in අනං මනං
Saturday, 29 November 2014 11:53
බොලිවුඩ් නිළියක වන වීනා මලික් පසුගිය අවුරුදු කිහිපය තුළ බොහෝ ආන්දෝලනාත්මක චරිතයක් විය. එයට හේතුවූයේ ඇය 2011 වර්ෂයේ FHM සඟරාවේ කවරයේ ඡායාරූපය සඳහා නිරුවතින් පෙනීසිටීමයි. ඉන්පසු ඇය කතාබහට ලක්වන කරුණක් වූයේ 2013 වර්ෂයේ විනාඩියක් ඇතුළත ඇයගේ රසිකයන්ගෙන් හාදු 100 ක් ලබාගැනීමේ සිද්ධියයි.
මේ වනවිට ඇය ගැන කියවෙන නවතම පුවත වන්නේ වීනා මලික්ට සහ ඇගේ ස්වාමිපුරුෂයා වන අසාඩ් බශීර් ඛාන්ට වසර 26 කාලයක් සිරදඬුවමක් ලැබීම නිසාය. වීනා මලික් හා එවක ඇගේ පෙම්වතා වූ අසාද් බෂීර්ගේ විවාහ උත්සවය Geo TV හරහා විකාශය කිරීමේදී පසුබිම් සංගීතය සඳහා අල්ලා දෙවියන් උදෙසා උදෙසා ගායනා කරන ආගමික ගීතයක් වන  'Ali ke Saath hai Zahra ki Shaadi' යොදාගනිමින් නර්තනය කළ හෙයින් මෙම සිර දඬුවම් නියමකොට තිබේ. එම වැඩසටහන විකාශය කිරීමට අවස්ථාව ලබාදුන් Geo TV ආයතනයේ හිමිකරු වන මීර් ශාකිල්ටද මෙම සිර දඬුවම පනවා තිබේ.
 
මේ ගැන අදහස් දක්වන ඇය පවසා ඇත්තේ, පාකිස්ථානයේ ඉහළ උසාවිය වෙත මෙම නඩුව නැවත කැඳවීමට ඉල්ලීමක් කර ඇති බවත්, එහිදී තමන්ට සාධාරණයක් ඉෂ්ට වේවි යැයි සිතන බවත්ය.

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us