සෙක්ස් කරලා ෆුට්බෝල් ගහන රටවල්

Published in අනං මනං
Monday, 07 July 2014 09:23
FootBallමේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ බ්‍රසීලය දිහාවට. එයට හේතුව තමයි ලෝක පාපන්දු තරඟය එරට තුල පැවැත්වෙමින් තිබීම. බ්‍රසීලය හා පාපන්දු තරඟ සම්බන්ධයෙන් විවිධාකාර පුවත් නිර්මාණය වෙමින් පවතිනවා.
 
පාපන්දු සම්බන්ධයෙන් අලුතින්ම අහන්න ලැබෙන පුවතක් තමයි ලිංගික සංසර්ගය යෙදීම මගින් පාපන්දු ක්‍රීඩාවේ වැඩි දක්ෂතා පෙන්වීමට හැකියි යන මතයක් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වීම. 
 
සාමානයෙන්  ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලිංගික කටයුතුවලට ඉඩ ලබා දෙන්නේ නෑ. ඒ ඔවුන්ගේ මානසිකත්වය ක්‍රීඩාව කෙරෙහිම තබා ගැනීමේ වුවමනාව නිසා.  ඒත් දැන් කාලෙ වෙනස් වෙලා තාලේ වෙනස් වෙලා,
 
බ්‍රසීලයේ පැවැත්වෙන පාපන්දු තරගාවලියත් එක්ක ලිංගික කරුණු කාරණා රෙසක් ගැනත් කතා වෙනවා ඒ අතර අතර අවසන් පුර්ව තරගය සඳහා තේරුණු රටවල් අටක ක්‍රීඩකයන්ට තරඟාවලිය අතරතුර ලිංගික ඇසුරක් පැවැත්වීමට අවසර ලබාදී ඇති බව Brazil's Lance නම් පුවත්පත වාර්තා කරනවා.
 
කොහොම උනත් මෙවර තරගයට සහභාගි වූ රටවල් 32කම තම ක්‍රීඩකයන්ට ලිංගික ජීවිතයෙන් ඈත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නෑ.
 
නමුත් වාර්තා වලට අනුව සමහර පාපන්දු කණ්ඩායම් සිය ක්‍රීඩකයන්ට ලිංගික ජීවිතයෙන් තහනම් කරලා. බොස්නියා, චිලී, මෙක්සිකෝ සහ රුසියාව එසේ ලිංගික ඇසුර පැවැත්වීම තහනම් කළ රටවලුයි.
 
 ඒත් අලුත්ම සොයා ගැනීම අනුව කාලයක පටන් පැවතුන තරඟ අතරතුර ක්‍රීඩකයන් ලිංගිකව එක් වීමෙන් ඔවුන්ගේ ක්‍රීඩා කිරීමේ හැකියාවට බාධකයක් වෙනවා කියන කරුණ අසත්‍ය ප්‍රකාශයක් බවට පත්වන හැඩයකුයි පේන්න තියෙන්නේ.
 
මේ කණ්ඩායම් අට අතරින් කණ්ඩායම් හයක  ක්‍රීඩකයන්ට ලිංගික කටයුතු වලින් ඈත් වෙන්න උපදෙස් ලබාදී නැහැ. ඉතුරු කණ්ඩායම් දෙක වන ආජන්ටිනාව හා කොලොම්බියාව සිය ලිංගිකත්වය පිලිබඳ ප්‍රතිපත්ති පැහැදිලිව ප්‍රකාශයට පත් කර නැත.
 
නමුත් වැදගත් කරුණ වන්නේ ලිංගික කටයුතු පිලිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කල රටවල් තරඟාවලිය තුල යම් සාර්ථකත්වයක් ලැබීමයි. බ්‍රසීලයේ පුහුණු කරු තමන්ගේ ක්‍රීඩකයන්ට සුපුරුදු ජීවිත ගත කරන්න ඉඩ ලබා දී තියෙනවා. ඒසඳහා ඔහු විවධ තරඟ අතරතුර නිවාඩු දිනයක්ද ලබාදීලා. එම උත්සාහය සාර්ථක වී ඇති බවකුයි පෙනී යන්නේ.
 
බ්‍රසීල ක්‍රීඩකයන් පසුගිය සිකුරාදා පැවති තරඟයෙන් කොලොම්බියාවට එරහිව ක්‍රීඩා කර විශිෂ්ට ජයක් ලැබීමට සමත් උනා. මේ පිලිබඳ අදහස් දක්වන හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෙක් වන Romario පවසන්නේ තරඟයකට පෙර ලිංගික එක්වීමෙන් මනස නිරවුල් වීමක් සිදු වී හොදින් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන බවයි.
 
ඒවගේම නයිජිරියානු ක්‍රීඩකයන්ට තමන්ගේ බිරින්දෑවරුන් සමග පමණක් ලිංගිකව එක වීමට අවසර ලබාදී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ආයතනයේ මහාචාර්ය David Bishop සඳහන් කරන්නේ ලිංගික සංසර්ගය ක්‍රීඩා ජීවිතයට බල නොපාන බවකුයි.
 
එත් සමගම සමහර පරික්ෂකයන් ලිංගික සංසර්ගයක් මගින් testosterone හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු කිරීම හරහා ක්‍රීඩා කටයුතු වලට අවශ්‍ය ශක්තිය හීන කරන බවටත් තර්ක කරනවා. නමුත් සත්‍ය වන්නේ ලිංගික සංසර්ගය දී අධික ශක්තිය වැය වීමක් සිදු නොවේ.
 
ඒවගේම බොහෝ අධ්‍යනයන්ට අනුව හෙළිවන්නේ ශුක්‍රානු පිට කිරීමක් මගින් ශරීරයේ testosterone හෝමෝනය ඉහල දැමීම හරහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය හොඳ ශක්තියක් සපයන බවයි.
Last modified on Monday, 07 July 2014 09:53

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us